Thursday, February 18, 2010

පූසා වතුර වලේ... අපි දන්නේ නෑ.

මේ වැඩේ සිද්ධ වුනේ මට මතක හැටියට 2002 - 2003 විතර කාලයේදි මට හරියටම මතක නෑ. මට ඉන්නවා යාළුවෙක් පොඩි හාමුදුරු නමක්. මේ කාලයේදි උන් වහන්සේගේ වයස අවුරුදු 14 ක් විතර ඇති. අපි දෙන්න හරිම එකතුයි මොකද මේ කාලෙට කලින් මමත් හිටියේ ඔය පන්සලේ උසස් පෙළ කරන්න නතර වෙලා. දෙන්න එකතු වෙලා ජිල්මාට් වැඩමයි කරන්නේ. හැමදාම ලොකු හාමුදුරුවන්ගෙන් බැනුම් තමා ඉතින්. ලොකු හාමුදුරුවො හරිම හොදයි.
අපි දෙන්න ඒ දවස් වල කොම්පියුටර් ඉගෙන ගන්න මාර ආසයි. ඉතින් කීයක් හරි හොයාගෙන පොත් ගන්නවා. කොම්පියුරයක් නැතත් සොෆ්ට්වෙයා CD එකතු කරනවා. ඔය වැඩ තමයි කරන්නේ. ලොකු හාමුදුරුවෝ අපි දෙන්නට “කොම්පීටර්“ කාරයො දෙන්න කියල කියන්නෙ. පොඩි සාදු මටත් වඩා දක්ෂයි. අද උන්වහන්යේ ලංකාවේ ජනප්‍රිය කෙනෙක්. ලංකාවේ පළමුවෙන් පරිගණක සංගීත නිර්මාණට යොමු වූ ස්වාමීන් වහන්සේ උන් වහන්සේයි. මේ ලිපිය ලියන අද දවසේ උන් වහන්සේ ඉන්නේ ඉන්දියාවේ චෙන්නායි වල. සංගීත වැඩකටම තමයි ගියෙත්. අද රෑ ලංකාවට එයි. සමහර විට ඔබ උන් වහනසේ ගැන අහලත් ඇති.
ඉතින් වෙච්ච වැඩේ මේකයි. එදා පන්සල් වත්තෙ පොල් කඩල. මමයි පොඩි සාදුයි ලොකු හාමුදුරුවොයි තුන්දෙනා පොල් අහුලනවා. පන්සලේ හිටියා ලස්සන සුදු කළු පුසෙක්. ලොකු හාමුදුරුවෝ පූසට මාර ආදරෙයි. පොල් අහුලන කොට පූසත් අපේ පස්සෙන් එනවා. පන්සල් වත්තේ තියෙනවා පතහක්(ලොකු වතුර වලක්). දැන් අපි ඒ හරියේ පොල් අහුලනවා. මම පොඩි සාදුට කිව්වා දාමුද පූසව වතුරට කියල. කියන කොටම පොඩි සාදු පූසව වතුරට දැම්මා. ලොකු හාමුදුරුවන්ට සද්දේ ඇහුනා. පූසා වතුරෙන් අමාරුවෙන් ගොඩට ඇවිල්ල ලොකු හාමුදුරුවන්ගේ ළගින්ම දිව්වා. ලොකු හාමුදුරුවන්ට හොදටම තරහ. අතේ තිබුන පිහිය පොළොවේ ගහල අපි දෙන්නට හොදටම සද්ද පූජාව දුන්න. මොකාද පූසව වතුරට දැම්මෙ කියල ඇහැව්වම අපි දන්නෙ නෑ කියල දෙන්නම කිව්වා. එහෙනම් මමද ඌව වතුරට දැම්මෙ කියල තවත් බැන්න.
එදා රෑ මෙහෙ වරෙව් දෙන්නම කියල ලොකු හාමුදුරුවො කිව්වා. දැන්නම් ටිකක් තරහ බැහැල. දෙන්නම ළගට ගියා. ඉද ගනියව්. ලොකු හාමුදුරුවො ලොකු පුටුවේ අපි දෙන්න බිම. තොපි දෙන්න කරන්නේ මහ අළුකුත්තේරු වැඩනේ. ඒකා මැරුණනම් එහෙම. දැන් පූසට හෙම්බිරිස්සාව හැදෙයිද දන්නේ නෑ. කියල ලොකු හාමුදුරුවො කිව්වා. අපි සමහන් එකක් දෙමු පොඩි සාදු කිව්වා. තොට මං කියන්නේ නෑ. දෙන්නම ගිහින් විහාරේ ලයිට් නිමල වරෙල්ල කියල ලොකු හාමුදුරුවෝ කිව්වා. එතැනින් වැඩේ ෂේප්. අද වෙනකොට ලොකු හාමුදුරුවෝ අපවත් වෙලා වසර දෙකකටත් වැඩියි. උන් වහන්සේ හරිම හොද ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන් වහන්සේට නිවන් සුව ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.

10 comments:

  1. මහ අළුගුත්තේරුවෝ දෙන්නෙක් නේන්නම්.. හික් හික්..!

    ReplyDelete
  2. අනේ පවු පූසා. ඊලඟ ආත්මෙ ඔයා Deeps ගාව පූසෙක් වෙලා ඉපදෙයි. Deeps දවසට දෙපාරක් පූසන්ව නාවනවලු :D

    ReplyDelete
  3. දැන්නම් පොඩි කාලෙ කරපු වැඩ මතක් වෙද්දි ලැජ්ජයි නේද?

    ReplyDelete
  4. හොද වෙලාවට පූසාව දාන්න හිතුනෙ පතහට? ඔයාට එහෙම පනින්න හිතුනනං එහෙම නේද? පවි නේ.

    ReplyDelete
  5. ඇත්තටම හිනා යන දේවල් තමයි. කියන්නත් ලජ්ජයි. ලොකු හාමුදුරුවො එක්ක පඩුවස් නුවර තොරන් බලන්න ගිහිල්ලත් මරැ වැඩක් වුනා. පස්සේ ලියන්නම්.

    ReplyDelete
  6. අපේ වත්තේ නැහැනේ ඔහොම වලක් තිබ්බනම් අපේ ගෙදර ඉන්න කරදර කාර පූසෝ ටිකසේරම මන් ගිහින් දානවා ආයි ගොඩ නො එන්නම

    ReplyDelete
  7. පූසෝ නාන්න කම්මැලි වුණාට හොඳ පිහිනුම්කාරයෝ...

    දවසක් අපේ වත්තට කොහෙන්දෝ ආපු බළලෙක් එලවලා දාන්න ට්‍රයියක් දෙද්දි මූ බයවෙලා පැන්නෙ අපේ මාළු පොකුණ උඩින්... පොකුණක් කිව්වට ඒක පූල් එකකින් කාලක් විතර සයිස් තඩි පොකුණක්. පූසගෙ පිම්ම වැරදිලා ඌ පැන්නෙ වතුරට... හරීම සෝක් එකට ඌ පීනල අනිත් පැත්තට ආවා.

    ReplyDelete
  8. Agree with malee akka. Aluguththeru wadak..ane ammapa mata ahu unaa nam ituru karanne na :p

    @makara
    Mage pooso pin karapu aya..me wage ayawa yawanna one gayantha ge gedara. Anika dawasata deparak nawala pirisiduwa inna kochchara pinak tiyenna oneda?

    ReplyDelete
  9. Agree with malee akka. Aluguththeru wadak..ane ammapa mata ahu unaa nam ituru karanne na :p

    @makara
    Mage pooso pin karapu aya..me wage ayawa yawanna one gayantha ge gedara. Anika dawasata deparak nawala pirisiduwa inna kochchara pinak tiyenna oneda?

    ReplyDelete
  10. එක අතකට කියන්න ලැජ්ජා වෙන්න ඕනෙත් නෑ, මොකද පොඩි කාලේ ඔව්වා නොකර ලොකුවෙලා කරන්නද?? :D

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.