Friday, March 26, 2010

මම යාපනේ යනවා.. ඔයාලට මොනවද ඕන

  මට දින හතරක යාපනේ ට්‍රිප් එකක් යන්න සෙට් වුනා. අපේ ගමේ කට්ටියක් එක්ක. හෙට උදේ 4.00ට තමයි යන්නෙ. අද රෑ වෙඩින් එකකුත් තියෙනවා කොළඹ ඔෆිස් එකේ යාළුවෙකුගේ. වෙලාවට හලාවතට එන්න ලැබුනොත් හොඳයි. හලාවත කිව්වට ඩොටේට යන්නත් ඕනනේ හලාවත ඉඳලත් බයික් එකේ පට්ට රෑ. අමාරුවෙන් කැමරා කට්ටකුත් හොයා ගත්ත. හොඳින් ගිහින් එන්න ලැබුනොත් ෆොටෝ එක්කම පෝස්ට් එකක් දාන්නම්. මගේ බ්ලොග් මිතුරු මිතුරියනි. ඔබලා සමඟ දුක සැප බෙදා ගන්න ලැබීම ඇත්තටම සතුටක්. ඒ යාළු ෆිට් එකටයි මේ ගැන ඔයාලට කිව්වේ. ගිහින් එන්නම්.

Thursday, March 25, 2010

ජීවිතයට වදනක් 26-30

26. ඔබට දහස් වරක් වරදින්නට පුළුවන්. එක් දහස් එක් වැනි වතාවේදී හරි යයි. උත්සාහය අත් හරින්න එපා.

27. දෙමාපියෝ දරුවන්ට පණ මෙන් ආදරය කරති. දරුවෝ වෙනත් අයට පණ මෙන් ආදරය කරති.

28. හොඳම යාළුවා කාන්තාවක් නම් ඔබට වැරදී ඇත.

29. මිනිස් සිරුර මළ මුත්‍ර වලින් පිරී ඇත. ලස්සනයි සිතා උඩගු වන්නෝ මළ මුත්‍ර ගොඩේ නිළ මැස්සනට සමානය.

30. සාමාන්‍ය වැසියාට ඒ දණ්ඩේ යා හැකිය.

Tuesday, March 23, 2010

කරදර අඩුම වෛරස් ගාඩ් එක ඡන්ද ප්‍රතිඵල මෙන්න


    දින 20ක ඡන්ද  විමසීමට ලැබුන ප්‍රතිඵලයයි මේ. මී ළඟ ඡන්ද විමසුම ඔබේ බ්ලොග් පොස්ට් එකකට ලැබෙන කමෙන්ට්ස් ගැනයි

ඔබව දියුණුව කරා ගෙන යන එස් පහ (3 කොටස)


  පසුගිය සතියේ ලිපියෙන් අවශ්‍යය දෙවල් වෙන වෙන් වශයෙන් වෙන් කර ගත් පසුව ඒවා අසුරා තබන ආකාරය සලකා බැලුවා. අදාල බඩු බාහිරාදිය පිළිවෙළට ලස්සනට අසුරා තැබීමෙන් ඉතා ප්‍රසන්න බවක් හා විධිමත් බවක් ඇති වී සිත පවා පහන් වෙයි.
 
     එමෙන්ම අදාල දේවල් වල ලේබල් ඇලවීම මගින් ඒවා ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබේ. ලේබල් විවිධ වර්ණ වලින් භාවිතා කිරීමෙන් මෙම හඳුනා ගැනීම තවත් පසසු වෙයි. මුළුතැන්ගෙය සඳහා වෙනම පාටක්ද සාලයේ උපකරණ සඳහා තවත් පාටක්ද කාමර වල ඇති භාණ්ඩ සඳහා තවත් වරණයන්ගෙන්ද  ලේබල් භාවිතා කළ හැකිය. එවිට දුටු සැනින්ම අදාල භාණ්ඩ ‍කුමන ස්ථානයකට අයත් දැයි තීරණය කළ හැකිය. මුළුතැන් ගෙයි තුනපහ දමන බෝතල් වල ලේබල් සඳහා නම සමඟ අංක යෙදීමෙන් එහි සුපිළිවෙල තවත් පහසු වනු ඇත.
    අප අඳින ඇදුම් අවශ්‍යය වන අනුපිළිවෙල අනුව අයන් කිරීමෙන් අනතුරුව රෙදි එල්ලන රැක් වල එල්ලා තැබීම කළ හැකිය. ඔබ කාර්යාලයක සේවකයෙක් නම්. දින පහට ඇඳුම් පහක් තිබෙන්නට පුළුවන්. එම ඇඳුම් සෙට් පහ ඉරිදා දිනයේ සෝදා අයන් කර රැක් එකේ සදුදා දින අඳින ඇඳුම පළමුවත් අඟහරැවාදා අඳින ඇඳුම දෙවනුවත් ලෙස එල්ලා තැබිය හැකියි. මෙමගින් කාලය ශ්‍රමය මෙන්ම නොයෙක් වර අයන් එක රත් කිරීම වෙනුවෙන් වැය වන විදුලියද ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම යම් දිනයකදී විදුලිය ඇණ හිටීමක් සිදු වුවත් පොඩි වූ ඇඳුම් ඇඳීමට ඔබට සිදු නොවනු ඇත.

Seisō (清掃) Sweeping or Shining or Cleanliness (Systematic Cleaning): සෙයිසෝ(පිරිසිදු කිරීම)
   ඉහත සඳහන් පියවර දෙක අනුගමනය කළ විට නිවසේ හෝ කාර්යාලයේ උපකරණ පිළිවෙලට අසුරා ලේබල් කර ගත හැකිය. දැන් මෙහි ඇත්තේ අපට භාවිතයට අවශ්‍යය වන උපකරණ පමණි.  මෙසේ මෙම පියවර දෙක අනුගමනය කිරීමෙන් අනතුරුව අවට පරිසරය ඉතා හොඳින් පිරිසුදුව පවත්වාගෙන යාම කළ යුතුය. දිනකට විනාඩි කීපයක් හෝ මේ වෙනුවෙන් වෙන් කළ යුතුය.  මෙවැනි පරිසරයක් අප අවට පවත්වාගෙන යාමෙන් ඉතා ප්‍රසන්නව ජීවත් විමේ හැකියාව අපට හිමි වෙයි.
  1. නිතරම පිරිසිදු කළ යුතු දෙවල් (පිඟන් කෝප්ප)
  2. දිනපතා පිරිසිදු කළ යුතු දේවල්(මිදුල අතුගෑම, වැසිකිළිය සේදීම)
  3. දින කීපයකට වරක් පිරිසිදු කළ යුතු දේවල්(මල් පැළ වල අනවශ්‍ය කොළ ඉවත් කිරීම)
  4. සතියකට වරක් පිරිසිදු කළ යුතු දේවල් (මිදුලට පිටින් ඇති ඉඩම පිරිසිදු කිරීම)
  5. සති දෙකකට වරක් පිරිසිදු කළ යුතු දේවල් (ඉඩම පිරිසිදු කිරීම)
  6. මාසයකටරක් පිරිසිදු කළ යුතු දේවල් (නිවසේ මකුළු දැල් ඉවත් කිරීම)
    මෙහිදී යම් ස්ථානයක් හෝ දෙයක් අපිරිසුදු වූ සැනින්ම එය පිරිසිදු කළ යුතුය. එය තවත් කෙනෙකුට කිරීමට නොතැබිය යුතුය.  එමෙන්ම භාවිතයේදී. කැඩෙන බිඳෙන දේවල් හෝ ඉවත ලන ද්‍රව්‍යය ඉවත් කිරීමට විධිමත් ක්‍රමයක් මේ පිරිසිදු කරන අදියරේදීම සකසා ගත යුතුය. මුළුතැන්ගෙයින් ඉවත් කරන දේ හා වත්ත පිටියෙන් ඉවත් කරන දේවල් කොම්පෝස්ට් පොහොර සෑදීමට ප්‍රායෝගිකවම යොදා ගත හැකිය. කොම් පෝස්ට් පහසුවෙන් සාදා ගැනීමට මා භාවිතා කර ඇති ක්‍රමය ඉදිරියේදී ඔබට පෝස්ට් එකක් දාන්නම්. ඉතිරිය ලබන සතියේ ඉදිරිපත් කරන්න වෙන්නෙ නෑ. මොකද මම ලබන සතියේ යාපනයේ දවස් හතරක සංචාරයක් යනවා. ඊට පස්සේ සතියේ ඉතිරිය පොස්ට් කරන්නම්.


Wednesday, March 17, 2010

My Sql සිංහලෙන් (10 වන ලිපිය)

 පසුගිය සතියේ අප සාකච්චා කිරීම ආරම්භ කළේ My Sql හිදී දත්ත සමඟ කටයුතු කරන ආකාරයයි. අප කළින් සතියේ වැඩ කරමින් සිටි දත්ත වගුව විවෘත කර ගනිමු.


1) දත්ත ගොණුව වෙත යාම

mysql> use sumudu;
Database changed


2) එම දත්ත ගොණුවේ ඇති දත්ත වගු දර්ශණය කිරීම

mysql> show tables;
+------------------+
| Tables_in_sumudu |
+------------------+
| employee         |
| employee1        |
+------------------+
2 rows in set (0.01 sec)

3) employee දත්ත වගුවේ වත්කම් දර්ශනය කිරීම.

mysql> describe employee;
+-----------+--------------+------+-----+---------+-------+
| Field     | Type         | Null | Key | Default | Extra |
+-----------+--------------+------+-----+---------+-------+
| id        | int(4)       | NO   |     | 0       |       |
| full_name | tinytext     | YES  |     | NULL    |       |
| address   | varchar(120) | YES  |     | NULL    |       |
| salary    | int(6)       | YES  |     | NULL    |       |
+-----------+--------------+------+-----+---------+-------+
4 rows in set (0.05 sec)


4) වගුව තුළ ඇති දත්ත දර්ශනය කිරීම.
mysql> select * from employee;
+-----+-------------------+----------+--------+
| id  | full_name         | address  | salary |
+-----+-------------------+----------+--------+
| 100 | Asela Madanayaka  | Chilw    |  24500 |
| 100 | Asela Madanayaka  | Chilw    |  24500 |
| 101 | Ranuka Bandra     | Puttam   |  18500 |
| 102 | Pubudu Aruna      | Chilaw   |  14500 |
| 103 | Nalaa Silva       | Chilaw   |  20000 |
| 104 | Nalika Priyanthi  | Gampaha  |  16000 |
| 105 | Maduranga Jaypala | Galewela |  16000 |
| 106 | Anupama herah     | Dubara   |  12500 |
+-----+-------------------+----------+--------+
8 rows in set (0.00 sec)



  • දත්ත ගොණුවක්(Database) නිර්මාණය කිරීම 
  • ඒ තුළ දත්ත වගු(Tables) නිර්මාණය කිරීම 
  • ෆීල්ඩ් නම් වෙනස් කිරීම
  • දත්ත ගොණු හා දත්ත වගු වල නම් වෙනස් කිරීම 
  • දත්ත ගොණු හා දත්ත වගු ඩිලීට් කිරීම
  • දත්ත වගු වලට දත්ත ඇතුළත් කිරිම
 පිළිබඳව අප සාකච්චා කළා. අද අපි දත්ත වගුවක දත්ත වෙනස් කිරීම හා දත්ත ඉවත් කරන ආකාරය බලමු. මේ වැඩේ කරන්නේ SQL කමාන්ඩ් භාවිතයෙන් කියල අමතක කරන්න එපා. අද භාවිතා කරන හැම DBMS එකකම වගේ SQL කමාන්ඩ් භාවිතයට ගන්නවා. මතකනේ අපේ මොන්ටි මහත්තය මුලින්ම 1979දී නිර්මාණය කරපු UNIREG DBMS එක SQL වලට සපෝට් නෑ.


දත්ත වෙනස් කිරීම හා දත්ත ඉවත් කිරීම
1) දත්ත ඉවත් කිරීම
mysql> select * from employee;
+-----+-------------------+----------+--------+
| id  | full_name         | address  | salary |
+-----+-------------------+----------+--------+
| 100 | Asela Madanayaka  | Chilw    |  24500 |
| 100 | Asela Madanayaka  | Chilw    |  24500 |
| 101 | Ranuka Bandra     | Puttam   |  18500 |
| 102 | Pubudu Aruna      | Chilaw   |  14500 |
| 103 | Nalaa Silva       | Chilaw   |  20000 |
| 104 | Nalika Priyanthi  | Gampaha  |  16000 |
| 105 | Maduranga Jaypala | Galewela |  16000 |
| 106 | Anupama herah     | Dubara   |  12500 |
+-----+-------------------+----------+--------+
8 rows in set (0.00 sec)  

දත්ත වගුවේ id එක 105 වූ දත්ත පේළිය මකා දමන්න.

mysql> DELETE from employee WHERE id=105;
Query OK, 1 row affected (0.03 sec)

mysql> select * from  employee;
+-----+------------------+---------+--------+
| id  | full_name        | address | salary |
+-----+------------------+---------+--------+
| 100 | Asela Madanayaka | Chilw   |  24500 |
| 100 | Asela Madanayaka | Chilw   |  24500 |
| 101 | Ranuka Bandra    | Puttam  |  18500 |
| 102 | Pubudu Aruna     | Chilaw  |  14500 |
| 103 | Nalaa Silva      | Chilaw  |  20000 |
| 104 | Nalika Priyanthi | Gampaha |  16000 |
| 106 | Anupama herah    | Dubara  |  12500 |
+-----+------------------+---------+--------+
7 rows in set (0.00 sec)

   ඉහත කමාන්ඩ් එකේ mysql> DELETE from employee WHERE id=105; හි = ලකුණ වෙනුවට id <= 105 ලෙස වෙනස් කළොත් id එක 105 ට අඩු සියළුම දත්ත මැකී යාවි. එය 
id >= 105 ලෙස වෙනස් කළොත් 
id එක
 105 ට වැඩි සියළුම දත්ත මැකී යාවි. 

2) දත්ත වෙනස් කිරීම 
mysql> UPDATE employee SET id=105 where id=106;
Query OK, 1 row affected (0.02 sec)
Rows matched: 1  Changed: 1  Warnings: 0

mysql> select * from  employee;
+-----+------------------+---------+--------+
| id  | full_name        | address | salary |
+-----+------------------+---------+--------+
| 100 | Asela Madanayaka | Chilw   |  24500 |
| 100 | Asela Madanayaka | Chilw   |  24500 |
| 101 | Ranuka Bandra    | Puttam  |  18500 |
| 102 | Pubudu Aruna     | Chilaw  |  14500 |
| 103 | Nalaa Silva      | Chilaw  |  20000 |
| 104 | Nalika Priyanthi | Gampaha |  16000 |
| 105 | Anupama herah    | Dubara  |  12500 |
+-----+------------------+---------+--------+
7 rows in set (0.00 sec)

මෙම කමාන්ඩ් එකේ 
SET id=105 යනු id එක වෙනුවට 105 යොදන්න යන්නයි. එහෙත් කුමන id එක වෙනුවටද? එය එම කමාන්ඩ් පෙළෙහිම දෙවනුවට පෙන්වා දී ඇත. 
where id=106. id එක 106 වෙනුවට 105 යොදන්න. මෙම කෝඩින් පෙළ මගින් බබෙකුට කතාන්දරයක් තේරුම් කරනවා සේ My SQL වලට තේරෙන්නට කෝඩින් ලිවිය යුතුය. නැත්තම් 
My SQL බබාට මෙමගින් නිවැරදි ප්‍රතිඵලයක් අපට ලබා දෙන්නට නොහැකි වන ඇති. ඉතින් මේ බබාව තේරුම් ගැනීම අපට එතරම් කජ්ජක් නොවේ.
 id එක 103 වූ දත්ත පේළියේ Nalaa Silva යන නම Nalaka Udara හා Gampaha 
යන Address එක Colombo ලෙසත් වෙනස් කරමු.

mysql> select * from  employee;
+-----+------------------+---------+--------+
| id  | full_name        | address | salary |
+-----+------------------+---------+--------+
| 100 | Asela Madanayaka | Chilw   |  24500 |
| 100 | Asela Madanayaka | Chilw   |  24500 |
| 101 | Ranuka Bandra    | Puttam  |  18500 |
| 102 | Pubudu Aruna     | Chilaw  |  14500 |
| 103 | Nalaa Silva      | Chilaw  |  20000 |
| 104 | Nalika Priyanthi | Gampaha |  16000 |
| 105 | Anupama herah    | Dubara  |  12500 |
+-----+------------------+---------+--------+
7 rows in set (0.00 sec)

mysql> UPDATE employee SET full_name='Nalaka Udara',address='Colombo' where id=1
03;
Query OK, 1 row affected (0.02 sec)
Rows matched: 1  Changed: 1  Warnings: 0

mysql> select * from  employee;
+-----+------------------+---------+--------+
| id  | full_name        | address | salary |
+-----+------------------+---------+--------+
| 100 | Asela Madanayaka | Chilw   |  24500 |
| 100 | Asela Madanayaka | Chilw   |  24500 |
| 101 | Ranuka Bandra    | Puttam  |  18500 |
| 102 | Pubudu Aruna     | Chilaw  |  14500 |
| 103 | Nalaka Udara     | Colombo |  20000 |
| 104 | Nalika Priyanthi | Gampaha |  16000 |
| 105 | Anupama herah    | Dubara  |  12500 |
+-----+------------------+---------+--------+
7 rows in set (0.00 sec)

ලබන සතියට
[logo-mysql-110x57.png]

Sunday, March 14, 2010

ඔබව දියුණුව කරා ගෙන යන එස් පහ (2 කොටස)

        එස් පහ ක්‍රමය නිසා ආයතනයක කාර්යක්ෂමතාව, නිවසක අලංකාරය, වගා බිමක සරු අස්වැන්න සියළු තැන්හි සුපිරිසිදු බව ඇති වෙයි. පළමු ලිපිය කියවූ නැති අය එම ලිපියත් කියවන්න.  අපි පළමු කරුණ සළකා බලමු.

1 - Seiri (整理) Sorting  - සෙයිරි (අනවශ්‍ය දේ ඉවත් කිරීම)
      අප ජීවත් වන වැඩ කරන අවට පරිසරයේ අපට නිතර අවශ්‍යය වන දේ මෙන්ම නිතර අවශ්‍යය නොවන දේවල්ද තිබෙනවා. එමෙන්ම කවදාවත්ම අපි ප්‍රයෝජනයට නොගන්නා දේවල්ද තිබෙනවා. අපේ නිවෙස් වලට බිස්කට් පෙට්ටියක් කිරිපිටි පෙට්ටියක් ගෙනාවොත් එහි ඇසුරුම එකවර ඉවත දමන්නේ නැත. එය ටික දිනක් නිවස තුළ තබාගෙන සිට එය ටිකක් පරණ වූ විට ඉවත දමයි. අනවශ්‍යය දේ ඉවත් කිරිම මෙහි පළමු පියවරයි. අප අවට ඇති බඩු බාහිරාදිය පහත පරිදි වෙන් වෙන්ව වර්ග කළ හැකිය. 1,2,3


අනවශ්‍යය දේවල් ඉවත් කළ හැකි ආකාරයන් 

  1. මූල්‍යමය වටිනාකමක් නැති අනවශ්‍යය දේවල්(පරණ ඇඳුම්, ඇසුරුම්) - පරිසරයට හානියක් නොවන පරිදි වහාම ඉවත් කරන්න. මේවා කොම්පෝස්ට් පොහොර සාදන ක්‍රමවේදයක් වෙත යොමු කළ හැක.
  2. මූල්‍යමය වටිනාකමක් ඇති අනවශ්‍යය දේවල්(පත්තර, බෝතල්) - විකිණීමට කටයුතු කරන්න.
  3. මූල්‍යමය වටිනාකමක් නැති භාවිතා කළ හැකි නමුත් අපට අනවශ්‍යය දේවල්(කුඩා වූ හොඳ ඇඳුම්, කුඩා වූ පාවහන්) - භාවිතයට ගත හැකි අයෙකුට පරිත්‍යාග කරන්න.


2 - Seiton (整頓) Straighten or Set in Order  - සෙයිතෝන්(අවශ්‍යය දේවල් විධිමත්ව ඇසිරීම)
       අනවශ්‍යය දේවල් ඉවත් කළ පසුව ඉතිරි වන්නේ අවශ්‍යය දේවල් පමණි. ඒවා නිසි පරිදි පිළිවෙළකට අසුරා තැබීමෙන් නැවත භාවිතයට ගැනීමේදී එය ඉතාමත් පහසුවක් වනු ඇති. 1,2,3,4,5

 අවශ්‍යය දෙවල් විධිමත්ව අසුරා තැබීම

  1. නිතර අවශ්‍යය වන දේවල් (කාමරයක පනාව,පරිගණකය, දුරකථනය, පර්ස් එක, ටී.වී රිමෝට් එක) ඉතා පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක තබන්න.
  2. ඉදහිට අවශ්‍යය වන දේවල් (පැරණි පොත්, සඟරා, කැමරාව) පහසුවෙන් ළගා විය හැකි ස්ථානයක තබන්න.
  3. ඉතා කළාතුරකින් අවශ්‍යය වන දේවල් (විශාල හැළි වළං, පිත්තල පහණ) වෙනම ස්ථානයක අසුරා තබන්න.
  4. අවශ්‍යය නොවන මුත් වටිනා දේවල්(සිහිවටන, ඇන්ටික් භාණ්ඩ) සුදුසු ස්ථාන වල අනෙකුත් වැඩ කටයුතු වලට භාධා නොවන පරිදි අසුරන්න.

Thursday, March 11, 2010

කරුණාකර ආපසු එන්න. මිත්‍රත්වයත් අරන් (සුමුදු අයියා)

    මගේ මිත්‍රෙයක් සිටිනවා ඔහු කුඩා කාලයේ සිටම මම හඳුනනවා. හරිම හොඳට හිටි කෙනෙක්. මට වඩා වසර 3කින් පමණ ඔහු බාලයි. ඔහු මා සමඟ වඩාත් මිත්‍ර වූයේ මා විසින් දේශණ පැවත්වූ පරිගණක පන්තියකට ඔහුත් පැමිණීම නිසායි. ඔහු ඉතාම දක්ෂ සිසුවෙක්. ඉන් කළකට පසුව මා හට බැංකු ක්ෂේත්‍රයේ තොරතුරැ තාක්ෂණ රැකියාවක් කිරීමට අවකාශය සැලසුනා(දැනට කරන රැකියාව). ඔහු හා තිබූ මිත්‍රත්වය නිසාම මා සේවය කළ ආයතනයේම ඔහුටත් රැකියාවක් සඳහා අවස්ථාවක් උදා කර දෙන්නට මට හැකි වුනා.
    වසර එක හමාරක් පමණ ඔහු ඉතා හොඳින් රැකියාව කළා. ඒ අතරතුර ඔහු ආදරය කළ යුවතිය සමඟ විවාහ වීමට ඔහුට හැකි වුනා.  ඇයගේ දෙමාපියන් ජීවතුන් අතර නැති අතර ඇය කුඩා කළ සිට හැදී වැඩී තිබුනේ වෙනත් කාන්තාවක් ය‍ටතේයි. ඔහු‍ගේ හා ඇයගේ ප්‍රේමයට අකැමැති වූ පෙර කී කාන්තාව ඇයට තම නිවසින් පිටවන ලෙස ඇයට කියා සිටියා. ඒ අනුවයි ඔවුන් දෙදෙනා විවාහ වූයේ. විවාහ වීමෙන් පසුව ඔහු රැකියාවෙන් ඉවත් වුනා. වෙනත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට. රැකියාවෙන් ඉවත් නොවන ලෙස ඔහුට මා තරයේ අවවාද කළත් ඔහු රැකියාවට වඩා ව්‍යාපාරය ගැන විශ්වාසය තැබුවා. එහෙත් ටික කළකින් ව්‍යාපාරය අසාර්ථක වුනා. ඔහු හා ඇය යන දෙදෙනාම මා හට දැක්වූයේ ඉමහත් ගෞරවයක්. මාගේ දරුවන් දෙදෙනෙකුට මෙන් ඔවුන්ට මා ආදරය කළා. ටික කළකින් ඔවුන්ට දරු සුරතල් බැලීමට පුළුවන් වුනා. දැන් ඒ දරුවාට වයස අව්රුදු එක හමාරක් පමණ වනවා.
    සතියකට දෙකකට වරක් ඔවුන් මාගේ නිවසට දරුවාත් සමඟ පැමි‍ණෙනවා. රාත්‍රියට ආහාර පිළියෙල කොට සතුටු සාමීචියේ යෙදෙමින් රාත්‍රී කෑම ගෙන ඔවුන් සමහරදාට පිටව යන්නේ මධ්‍යම රාත්‍රයටත් ආසන්නයේ. දරුවා හරිම හුරතල් මම ඔවුන්ට මෙන්ම ඔවුන්ගේ දරුවාටත් ගොඩක් ආදරය කරනවා. ඔවුන් හා මා අතර පැවතියේ ඉතාමත් කුළුපග මිත්‍රත්වයක්.
   ආර්ථික අපහසු කම් නිසා ඔහු .....පිටිය ප්‍රදේශයේ පරිගණක ආයතනයක සේල්ස් රැකියාවක් කරන්නට පටන් ගත්තා. දිනපතා යාම් ඒම් අධික වියදම් නිසා ඔහු එම ප්‍රදේශයේම නතර වී රැකියාව කළා. මාස හතරක් පහක් රැකියාව හොඳින් කරගෙන ගියා. ඒ අතරතුර පවා පෙර සේ ඔවුන් විටින් විට මාගේ නිවසට පැමිණියා.
   එහෙත් ටික කළකින් ආරංචි වූයේ ඔහු ඇයව හැර දමා ඔහුටත් වඩා වසර පහක් පමණ වැඩිමල් වෙනත් කාන්තාවක් සමඟ හාද වී ඇති බවය. එය කන වැකුන මොහොතේම දුරකථනයෙන් ඔහුව සම්බන්ධ කර ගන්නට උත්සා කළත් ඔහු දුරකථනයට උත්තර දෙන්නේ නැත. ඔහුගේ නිවසට ගොස් බිරිඳගෙන් මා විස්තර අසා දැනගත්තා. ඔහු දැන් ගෙදර නොඑන බවත් අලුත් කාන්තාව සමඟ ඇති සම්බන්ධය නැවැත්විය නොහැකි බව ඔහු කියන බවත් ඇය කියා සිටියා. ඇය ඉතාම අසරණ තත්ත්වයකයි දැන් සිටින්නේ. ඇයට ආදායම් මාර්ගයක් පවා නොමැත. මගේ නැගෙණියක් මෙන් සිටින ඇය සිටින තත්ත්වය ඉතාම දු:ඛිතය.  ඇයට උදව් කිරීම මා හට කර ඇරිය නොහැකක්කි. නමුත් එවන් තනි වූ කාන්තාවකට උදව් කිරීමට යාම අනාගතයෙදී මටම පාරා වලල්ලක් වන්නට ඉඩ ඇත.
    එබැවින් ආදරනීය මිතුර මා හමු වන්නට එන්න. ඔබට බනින්නට තලා පෙළන්නට නොව. ඕනෑම ප්‍රශ්ණයකට විසඳුමක් ඇත. වැරදි නැති කෙනෙක් මේ ලොව නැත. මට ඇමතුමක්වත් දෙන්න. ඔබගේ පව්ල නැවත එකතු කරන්නට මා හැකි සෑම දෙයක්ම කරන්නට සූදානම්. තාවකාලික සැපතට ලොල් නොවන්න. මෙම ලිපිය ඔහුට දකින්නට ලැබේවා. ඔහුගේ අන්‍යතාව හෙළි කළොත් ඔහුව සොයා ගැනීම පහසු වන නමුත් එවැනි දෙයකින් ඔබව අපහසුතාවයට පත් නොකරමි. කරුණාකර මා හමුවන්නට එන්න. ඔබගේ බිරිඳ ඔබ වෙනුවෙන් හඬා වැළපෙමින් සිටී.

කරුණාකර ආපසු එන්න. මිත්‍රත්වයත් අරන්
වරදට ලොකුම දඬුවම, සමාව දෙන
සුමුදු අයියා....

My sql Home Work 01 පිළිබඳව

My sql Home Work 01 සඳහා පිළිතුරු 2010-03-15 දිනට පෙර එවන්න. දැනට ඒ සඳහා පිළිතුරු පත්‍ර 13 ක් ලැබී ඇති අතර ඒවායේ ඇතැම් ලිපි වල ටයිපින් දෝෂ බොහෝමයක් ඇත. එමෙන්ම තවත් ඒවායේ ඉංග්‍රීසි ලිපි එසේම කොපි කර ඇත. මා "My sql සිංහලෙන්" ලිපි පෙළ සිංහලෙන් ටයිප් කරන්නේ මහත් පරිශ්‍රමයක් දරමින් වන අතර ඔබද ඔබගේ පිළිතුරු සිංහලෙන් ටයිප් කර එවන්න.

ජීවිතයට වදනක් 21-25

21. මහණ කම විවාහයට සුදුසු කමකි.

22. ජීවත් වීමට අත්දැකීම් ලබා ගන්නට දුගියෙකු විය යුතුය.

23. ආදරය ජීවන පියගැට පෙළෙහි අත් වාරුවයි.

24. මිළ මුදල්, සැප සම්පත්, යාන වාහන, ආදරය ජීවිතය සුවපත් කරයි. නිර්වානය ආත්මය සුවපත් කරයි.

25. අස්ථීර ලෝකයක ස්ථීර රැකියා නොසොයන්න.

Wednesday, March 10, 2010

My Sql සිංහලෙන් (9 වන ලිපිය)

    
 අප පසුගිය සතියේ ලිපියෙන් සාකච්චා කළේ විශේෂයෙන්ම alter යන කමාන්ඩ් එකේ භාවිතයන්. අද අප එතැන් සිට පාඩම පටන් ගනිමු. (මම මෙහි දෙන ලිපියෙන් Wamp Server එක ඔබේ පරිගණකයේ පිහිටුවා ගත යුතු බව කීවා. එය විස්තර සහිතව අයේෂ් මල්ලිගේ බ්ලොග් එකේ දාල තියෙනවා)

 9.   ඩේටා බේස් එකක් හා ටේබල් එකක් නිර්මාණය කිරීම හා ඒවා ඉවත් කිරීම.
  • sky නමින් ඩේටා බේස් එකක් නිර්මාණය කිරීම
mysql> CREATE DATABASE sky;
Query OK, 1 row affected (0.00 sec)



  • ඩේටා බේස් එක තුලට ගමන් කිරීම

mysql> USE sky;

Database changed
  • bird නමින් ටේබල් එකක් නිර්මාණය කිරීම
mysql> CREATE TABLE bird(id int(3),name varchar(50));
Query OK, 0 rows affected (0.01 sec)
  • සියළුම ඩේටා බේස් දර්ශණය කිරීම.
mysql> SHOW databases;
+--------------------+
| Database           |
+--------------------+
| information_schema |
| myshop             |
| mysql              |
| pos_system         |
| possystem          |
| sky                |
| sumudu             |
| workplace          |
+--------------------+
8 rows in set (0.00 sec)
  • sky ඩේටා බේස් එක තුළ ඇති සියළුම ටේබල් දර්ශණය කිරීම

mysql> SHOW tables;
+---------------+
| Tables_in_sky |
+---------------+
| bird          |
+---------------+
1 row in set (0.00 sec)



  • bird ටේබල් එකෙහි වත්කම් දර්ශණය කිරීම
mysql>DESCRIBE bird;
+-------+-------------+------+-----+---------+-------+
| Field | Type        | Null | Key | Default | Extra |
+-------+-------------+------+-----+---------+-------+
| id    | int(3)      | YES  |     | NULL    |       |
| name  | varchar(50) | YES  |     | NULL    |       |
+-------+-------------+------+-----+---------+-------+
2 rows in set (0.03 sec)



  • ටේබල් එක ඉවත් කිරීම
mysql> DROP TABLE bird;
Query OK, 0 rows affected (0.01 sec)



  • ඩේටා බේස් එක ඉවත් කිරීම

mysql> DROP DATABASE sky;
Query OK, 0 rows affected (0.02 sec)

දත්ත සමඟ කටයුතු කිරීම
  අප නැවතත් කලින් තැනූ sumudu දත්ත වගුව භාවිතයට ගනිමු.
mysql> use sumudu;

Database changed

mysql> SHOW tables;
+------------------+
| Tables_in_sumudu |
+------------------+
| employee         |
| employee1        |
+------------------+
2 rows in set (0.03 sec)


mysql> DESCRIBE employee;
+-----------+--------------+------+-----+---------+-------+
| Field     | Type         | Null | Key | Default | Extra |
+-----------+--------------+------+-----+---------+-------+
| id        | int(4)       | NO   |     | 0       |       |
| full_name | tinytext     | YES  |     | NULL    |       |
| address   | varchar(120) | YES  |     | NULL    |       |
| salary    | int(6)       | YES  |     | NULL    |       |
+-----------+--------------+------+-----+---------+-------+
4 rows in set (0.03 sec)




මෙම දත්ත වගුව සඳහා දත්ත ඇතුළත් කරන ආකාරය සලකා බලමු. මේ සඳහා පහත කමාන්ඩ් භාවිතා කරන්න.



1 ක්‍රමය
mysql> INSERT INTO employee (id,full_name,address,salary)VALUES (100,'Asela Madanayaka', 'Chilw',24500);
Query OK, 1 row affected (0.02 sec)

2 ක්‍රමය

mysql> INSERT INTO employee VALUES (101,'Ranuka Bandra', 'Puttam',18500);
Query OK, 1 row affected (0.02 sec)



මේ ආකාරයට දත්ත කීපයක් ටේබල් එක තුළට ඇතුළු කර ගන්න.


mysql> insert into employee VALUES (101,'Ranuka Bandra', 'Puttam',18500);
Query OK, 1 row affected (0.02 sec)

mysql> insert into employee VALUES (102,'Pubudu Aruna', 'Chilaw',14500);
Query OK, 1 row affected (0.02 sec)

mysql> insert into employee VALUES (103,'Nalaa Silva', 'Chilaw',20000);
Query OK, 1 row affected (0.02 sec)

mysql> insert into employee VALUES (104,'Nalika Priyanthi', 'Gampaha',16000);
Query OK, 1 row affected (0.06 sec)

mysql> insert into employee VALUES (105,'Maduranga Jaypala', 'Galewela',16000);
Query OK, 1 row affected (0.02 sec)

mysql> insert into employee VALUES (106,'Anupama herah', 'Dubara',12500);
Query OK, 1 row affected (0.02 sec)

මෙසේ අප විසින් ඇතුළත් කළ දත්ත ටේබල් එක තුළ ඇත්දැයි පරීක්ෂා කිරීම


mysql> SELECT * from employee;
+-----+-------------------+----------+--------+
| id  | full_name         | address  | salary |
+-----+-------------------+----------+--------+
| 100 | Asela Madanayaka  | Chilw    |  24500 |
| 100 | Asela Madanayaka  | Chilw    |  24500 |
| 101 | Ranuka Bandra     | Puttam   |  18500 |
| 102 | Pubudu Aruna      | Chilaw   |  14500 |
| 103 | Nalaa Silva       | Chilaw   |  20000 |
| 104 | Nalika Priyanthi  | Gampaha  |  16000 |
| 105 | Maduranga Jaypala | Galewela |  16000 |
| 106 | Anupama herah     | Dubara   |  12500 |
+-----+-------------------+----------+--------+
8 rows in set (0.00 sec)

My sql Home work 1
1.school යනුවෙන් database එකක් නිර්මාණය කරන්න.
2.ඒ තුළ students_details, staff_details, staff_salary_details යනුවෙන් table 3ක් සුදුසු ෆීල්ඩ්ස් යොදා නිර්මාණය කරන්න.
3.“ප්‍රයිමරි කී“ හඳුන්වන්න.
4. character set හා collation කෙටියෙන් හඳුන්වන්න.
5. my sql data type වල දත්ත සීමාවන් දක්වන්න.


 ඉහත ප්‍රශ්ණ වලින් 1,2 සඳහා my sql console හි සිදු කළ ක්‍රියාකාරකම් copy(කොන්සෝලය මත R-Click කර mark  ඔබන්න. අවශ්‍ය කමාන්ඩ් කොටස් select කරන්න. එන්ටර් කී එක ඔබන්න. එවිට එය copy වනු ඇත) කර MS word sheet එකක paste කරන්න. එහි font එක Courier New යොදන්න. 3,4,5 ප්‍රශ්න සඳහා එම  MS word sheet එකේම පිළිතුරු ලියන්න.  5 වන ප්‍රශ්ණය සඳහා පිළිතුරු ඔබ විසින් සෙවිය යුතුය. අනෙක් ප්‍රශ්ණ සඳහා පිළිතුරු මෙම ලිපි පෙළ කියවීමෙන් ලබා ගත හැකි දැනුමේ අන්තර්ගත වෙයි. 


 


Tuesday, March 9, 2010

My Sql සිංහලෙන් 9 වන ලිපිය හෙට උදේ

   My sql සිංහලෙන් ගෙන එන ලිපි මාළාවේ 9 වන ලිපිය හෙට (2010 මාර්තු10) උදේ ප්‍රකාශණයට පත් කිරීමටයි අපේක්ෂාව. මේ පිළිබඳව උනන්දුවක් දක්වන අය හෙට උදේ වරුවේ මාගේ බ්ලොග් අඩවිය පරීක්ෂා කර බලන්න.

Sunday, March 7, 2010

ඔබව දියුණුව කරා ගෙන යන එස් පහ (1 කොටස)

          මීට සති කීපයකට පෙර මා විසින් ජපන් එස් පහ (5S) ගැන ලිපි පෙළක් ඔබ වෙත ගෙන එන බව කීවා මතක ඇති.  ඒ පොරොන්දුව ඉටු කරන්නයි මේ සූදානම.
   දෙවන ලෝක යුධ සමයේ ඇමරිකාව විසින් ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගර වලට  “ලිට්ල් බෝයි“ නම් වූ පරමාණු බෝම්බ දෙකක් 1945 අගෝස්තු 06 වැනි සඳුදා දිනයේ හෙළණු ලැබුවා. මෙයින් හිරෝෂිමා නගරයේ මිනිසුන් 90,000–166,000  ත් අතර පිරිසක්ද නාගසාකිහි 60000-80000ත් අතර පිරිසක්ද මිය ගියා. මෙසේ සිදු වූ ව්‍යසනයෙන් පසුවත් ජපානය ඉතා කෙටි කළකින් ඉතා දියුණු තත්ත්වයකට පත් වුනා. මෙසේ දියුණු වීමට ඔවුන් භාවිතා කළ ක්‍රමවේදය එස් පහ ක්‍රමයයි. ඔවුන්ගේ විවිධ අත්හදා බැලීම් මත බිහි වූ මෙම ක්‍රමය ලොව ඕනෑම කෙනෙකුට දියුණු වීම සඳහා භාවිතා කිරීමට තහනමක් නෑ. 
       මම හිතනව මේ හැඳින්වීම ප්‍රමාණයවත් කියල 5S ගැන. කෙළින්ම වැඩේට බහිමු. එස් පහ හැදිල තියෙන්නේ එස් අකුරෙන් ආරම්භ වන වචන පහකින් ඒ තමයි;


1 - Seiri (整理) Sorting  - සෙයිරි
2 - Seiton (整頓) Straighten or Set in Order  - සෙයිතෝන්
3 - Seisō (清掃) Sweeping or Shining or Cleanliness  - සෙයිසෝ
4 - Seiketsu (清潔) Standardizing   - සෙයිකෙත්සු
5 - Shitsuke () Sustaining the discipline    - සෙත්සුකේ

    මේ හැම වචයකම තේරුම හා එයින් කියැවෙන දේ ගැන රූප සටහන් සහිතව විස්තරාත්මකව ඉදිරි ලිපි වලින්  සලකා බලමු. (සමා වෙන්න දිගටම ටයිප් කරන්න තරම් වෙලා නැති එකට) මේ ලිපිය කියවපු ඔයාගේ අදහස කියල යන්න අමතක කරන්න එපා.

Wednesday, March 3, 2010

Visual Basic 6 වින්ඩෝස් 7 වල වැඩ නැද්ද?

   Windows 7 භාවිතා කරන්න පටන් ගත් මට ආපු ප්‍රශ්ණයක් තමයි Visual Basic 6 මෘදුකාංගයWindows 7 වල ධාවනය කරවීමේ ප්‍රශ්ණය. Visual Basic 6 ස්ථාපනය කළ විට අවසායේ කම්පියුටරය රීස්ටාට් කරන්නට අසන පැනයට ප්‍රතිචාර දැක්වූ විට කම්පියුටරය රීස්ටාට් වෙයි. නමුත් VB ඕපන් කරන විට 1 රූපයේ පරිදි අඤ්ඤකොරොස් මැසේජ් එකක් ලැබේ.

මෙයින් කියැවෙන්නේ VB6TMPL.TLB යන සිස්ටම් ෆයිල් එක නිවැරදිව වින්‍යසගත නොවී ඇති බවයි. මම කළේ පහත පරිදිය

1. Start-->All Programs-->Microsoft Visual Basic 6.0-->Microsoft Visual Basic 6.0 යන ස්ටාට් මෙනු අයිකය මත R-Click කර Open File Location යන්න තේරීමයි.

2. දැන් VB6.exe අයිකනය select වී තිබේ. එය මත R-Click කර ලැබෙ මෙනුවේ Properties යන්න.

3. දැන් පහත ආකාරයේ ඩයලොග් බොක්ස් එකක් ලැබේ. එහි Compatibility ටැබ් එක තෝරා පෙන්වා ඇති වෙනස්කම සිදු කරන්න. OK කරන්න. දැන් VB ඕපන් කර බලන්න.

* මෙහිදී සිදු වන්නේ අදාල මෘදුකාංගය වින්ඩෝස් Xp වල හොඳින් වැඩ කරන නිසා වින්ඩෝස් 7 වලදීද වින්ඩෝස් Xp එම පරිසරයේම වැඩ කරන බව මෘදුකාංගයට දැන්වීමයි. මෙය මෘදුකාංගය රවටා අපේ වැඩේ ර ගැනීමය. පරණ වින්ඩෝස් සංස්කරණ වල වැඩ කරන එහෙත් අලුත් සංස්කරණ වලදී වැඩ නොකරන මෘදුකාංග ගේම් සඳහා මේ ක්‍රියාකාරකම කර බලන්න. හරියන ඒව තියෙන්න පුළුවන්.



මෙවන් අයද අපේ දරුවන්ට උගන්වන්නේ

2010 මාර්තු 02 ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලය දුටිමි. එයින් කියැවුනේ විද්‍යාපීඨ සිසුන් පිරිසක් තම අවසන් විභාගයේ ප්‍රශ්ණපත්‍ර විභාගයට කලින් සොරකම් කර ඇති බවයි. මේ විභාගය අවලංගු කරන්නට සිදුවු බවත් එහි කියැවී ඇත. මෙවන් අයට අපේ රටේ අනාගතය භාර ගන්නට සිටින දරුවන්ට උගන්වන්නට දෙනවාද? නැවත මේ විභාගය පැවැත්වීම වෙනුවෙන් අපි දහදිය මහන්සියෙන් උපයන මුදලේ බදු පංගුව වැය කරන්නට සිදු නොවන්නේද? මේ විභාගය වෙනුවෙන් වසර 3 ක් කැප වූ දරුවන් දහස් ගණනක් මේ නොහික්මුණු කීප දෙනාගේ ක්‍රියාව නිසා අපහසුතාවයට පත් නොවූයේද?

ඔබ වැඩියෙන්ම ආදරේ කාටද?


දින 10 ක මත විමසුම සඳහා ප්‍රතිචාරයයි මේ. මීළග මත විමසුම "කරදර අඩුම වෛරස් ගාඩ් එක"

Tuesday, March 2, 2010

My Sql සිංහලෙන් (8 වන ලිපිය)

  පසුගිය සතියේ අප නිර්මාණය කළ employee ටේබල් එක සලකා බලන විට එහි වරහන් තුළ ඇති ඩේටා ‍ටේබල් ෆීල්ඩ් සලකා බලන්න. මෙහි int,varchar ලෙස භාවිතා කර ඇත්තේ මොනවාද? ඔව් ඇත්තටම මේවා දත්ත වර්ග (Data Types) ලෙස හදුන්වනවා. My Sql වල භාවිතා කරන දත්ත වර්ග මොනවාද? තව ගොඩක් තියෙනවා. ඒවා පහත වගුවක ගොණු කරල තියෙනවා. 

mysql> CREATE TABLE employee (id int(4), name varchar(100), address varchar(120),salary int(6));








 මීටත් වඩා දත්ත වර්ග ගැන විස්තර දැන ගන්න පුළුවන් ගූගල් කරල බැලුවනම්. මේ දත්ත වර්ග විවිධ අවස්ථා වලදී විවිධ වූ වෙනස් අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කරනවා. අපි  නැවතත් පාඩමට යමු. 


ඩේටා බේස් එකක පරාමිතීන් වෙනස් කිරීම

1) ටේබල් එකක නම වෙනස් කිරිම 1 ක්‍රමය




   mysql> Alter table employee rename to Staff;
   Query OK, 0 rows affected (0.02 sec)

2) ටේබල් එකක නම වෙනස් කිරිම 2 ක්‍රමය
   mysql> Rename table staff to employee;
   Query OK, 0 rows affected (0.01 sec)

3)ටේබල් එකක ෆීල්ඩ් නමක් වෙනස් කිරීම. පළමුව ටේබල් එකේ තොරතුරු බලන්න කමාන්ඩ් එක දෙන්න. පසුව  ෆීල්ඩ් නම වෙනස් කරන කමාන්ඩ් එක දෙන්න. නැවතත් ටේබල් එකේ තොරතුරු බලන්න කමාන්ඩ් එක දෙන්න. ෆීල්ඩ් නම වෙනස් වන අයරු බලන්න.
 mysql> describe employee;
+---------+--------------+------+-----+---------+-------+
| Field   | Type         | Null | Key | Default | Extra |
+---------+--------------+------+-----+---------+-------+
| id      | int(4)       | YES  |     | NULL    |       |
| name    | varchar(100) | YES  |     | NULL    |       |
| address | varchar(120) | YES  |     | NULL    |       |
| salary  | int(6)       | YES  |     | NULL    |       |
+---------+--------------+------+-----+---------+-------+
4 rows in set (0.02 sec)

mysql> ALTER table employee CHANGE name full_name TINYTEXT;
Query OK, 0 rows affected (0.05 sec)
Records: 0  Duplicates: 0  Warnings: 0

mysql> describe employee;
+-----------+--------------+------+-----+---------+-------+
| Field     | Type         | Null | Key | Default | Extra |
+-----------+--------------+------+-----+---------+-------+
| id        | int(4)       | YES  |     | NULL    |       |
| full_name | tinytext     | YES  |     | NULL    |       |
| address   | varchar(120) | YES  |     | NULL    |       |
| salary    | int(6)       | YES  |     | NULL    |       |
+-----------+--------------+------+-----+---------+-------+
4 rows in set (0.01 sec)

4)ඩේටා බේස් එකට නව age නැමති ෆීල්ඩ් එකක් එකතු කිරීම.

 mysql> ALTER table employee ADD age int(2);
 Query OK, 0 rows affected (0.05 sec)
 Records: 0  Duplicates: 0  Warnings: 0

mysql> describe employee;
+-----------+--------------+------+-----+---------+-------+
| Field     | Type         | Null | Key | Default | Extra |
+-----------+--------------+------+-----+---------+-------+
| id        | int(4)       | YES  |     | NULL    |       |
| full_name | tinytext     | YES  |     | NULL    |       |
| address   | varchar(120) | YES  |     | NULL    |       |
| salary    | int(6)       | YES  |     | NULL    |       |
| age       | int(2)       | YES  |     | NULL    |       |
+-----------+--------------+------+-----+---------+-------+
5 rows in set (0.02 sec)

5)ටේබල් එකෙන් age ෆීල්ඩ් එක ඉවත් කිරීම

mysql> ALTER table employee DROP age;
Query OK, 0 rows affected (0.05 sec)
Records: 0  Duplicates: 0  Warnings: 0

mysql> describe employee;
+-----------+--------------+------+-----+---------+-------+
| Field     | Type         | Null | Key | Default | Extra |
+-----------+--------------+------+-----+---------+-------+
| id        | int(4)       | YES  |     | NULL    |       |
| full_name | tinytext     | YES  |     | NULL    |       |
| address   | varchar(120) | YES  |     | NULL    |       |
| salary    | int(6)       | YES  |     | NULL    |       |
+-----------+--------------+------+-----+---------+-------+
4 rows in set (0.02 sec)

6)ටේබල් එකට නව ප්‍රයිමරි කී එකක් එකතු කිරීම

mysql> ALTER table employee ADD PRIMARY KEY (id);
Query OK, 0 rows affected (0.08 sec)
Records: 0  Duplicates: 0  Warnings: 0

mysql> describe employee;
+-----------+--------------+------+-----+---------+-------+
| Field     | Type         | Null | Key | Default | Extra |
+-----------+--------------+------+-----+---------+-------+
| id        | int(4)       | NO   | PRI | 0       |       |
| full_name | tinytext     | YES  |     | NULL    |       |
| address   | varchar(120) | YES  |     | NULL    |       |
| salary    | int(6)       | YES  |     | NULL    |       |
+-----------+--------------+------+-----+---------+-------+
4 rows in set (0.01 sec)


7)ටේබල් එකකින් ප්‍රයිමරි කී එක ඉවත් කිරීම

mysql> ALTER table employee DROP PRIMARY KEY;
Query OK, 0 rows affected (0.07 sec)
Records: 0  Duplicates: 0  Warnings: 0

mysql> describe employee;
+-----------+--------------+------+-----+---------+-------+
| Field     | Type         | Null | Key | Default | Extra |
+-----------+--------------+------+-----+---------+-------+
| id        | int(4)       | NO   |     | 0       |       |
| full_name | tinytext     | YES  |     | NULL    |       |
| address   | varchar(120) | YES  |     | NULL    |       |
| salary    | int(6)       | YES  |     | NULL    |       |
+-----------+--------------+------+-----+---------+-------+
4 rows in set (0.02 sec)

8) ටේබල් එකේ ස්ටෝරේජ් එන්ජින් එක වෙනස් කිරීම.

mysql> alter table employee engine=innodb;
Query OK, 0 rows affected (0.06 sec)
Records: 0  Duplicates: 0  Warnings: 0

* මෙය වෙනස් වූවාදැයි බලා ගැනීමට
mysql> show table status; කමාන්ඩ් එක භාවිතා කරන්න මෙහි ප්‍රතිඵලය අව්ල් සහගත ලෙස පෙනුනත් එසේ වන්නේ කන්සෝල් පැනලය මෙම ප්‍රතිඵලය පෙන්වීමට තරම් විශාල නැති නිසායි. එහෙත් විමසිල්ලෙන් බැලුවහොත් තේරුම් ගැනීම නිල් අහස තරම්ම පැහැදිලිය.

  මෙම ලිපියේ ඉතිරි කොටස ලබන සතියේ බදාදා දිනයේ.


Monday, March 1, 2010

ජීවිතයට වදනක් 14-20

14. ඕනෑම දුර්වල වූ පුංචි පැලෑටියකින් අහන්න හිරු රශ්මිය නිසා ජීවිතය දාල යනවද කියා

15. ඔබට නිවැරදිම චරිත සහතිකය දිය හැක්කේ ඔබ මළ පසුවය. ඒ ඔබටමය.

16. බුදුන් වහන්සේ තමන් වහන්සේට සෙවණ සැපයූ බෝ ගස දෙස සතියක්ම ඇසි පිය නොහෙළා බලා සිටි සේක. දෙමාපියන් තම දරුවන් දෙස ජීවිත කාලය පුරාම බලා සිටී.

17. පෙම්වතියව, බිරිදව වර්ණනා කරන තරමට ඇය කෙතරම් කීකරුද.


18. තෑගි ලබන කෙනෙක් නොව තෑගි දෙන කෙනෙක් වන්න.

19. ඉව්ම් පිහුම් හොදට දන්නා කාන්තාවට සැමියාගේ ආදරය වැඩිය.

20. ලොව උසම කන්දට නැග්ගත් නීතිය ඔබට වඩා උසින් වැඩිය.