ධර්මය අධර්මය වී ඇත බැලු බැලු හැම අත
කර්මය පල දිදී දරුවන් පා වෙයි ගඟ මත
ගොඩක් දෙනාගේ තවමත් මතට තමයි හිත
මර්වින් මහත්තය තිබ්බා කැළණියේ මතට තිත
හරි උනත් වැරදි වුනත් තීරණය මරු. ජනාධිපතිතුමා වුනත් යුද්දේ කරන කාලේ කොයි තරම් අය හරස් කැපුවද. නමුත් යුද්ධය නැවැත්වූයේ නැත. ඒත් එයින් රටටම හොඳක් වුනා. මර්වින් මහත්තයත් මේ කරපු වැඩේට අපි අකැමැති නෑ. මේ වැඩේ නීත්‍යානුකූල වුනානම් තවත් හොඳයි. නීතියෙන් කරන්න බැරිකම් ඇති. කෙක්කෙන් හරි කොක්කෙන් හරි කරපු වැඩේ නරක නෑ. බුදුන් වදාලැ ධර්මයෙහි එනැ නරක වෙළඳාම් වලින් එකක් වූ මත් ද්‍රව්‍ය වලට තිත තැබීමේ පළමු වෙඩි මුරයට ජය වේවා.
ඇතැම් දේශපාලකයින් මිනිසුන්ට මත්වතුර දී ඡන්දය ලබා ගන්නා යුගයක තමාට අරක්කු කාරයින්ගේ ඡන්ද අවශ්‍ය නැතිව දිනිය හැකිය යන මතයේ සිට, ගෙන යන මේ වැඩ පිළිවෙළ ප්‍රසංසා කටයුතුය. මෙහි වෙනත් යටි අරමුණක් නැතිව පිරිසිදුව කරගෙන යන වැඩක් නම් හොඳයි.
උපන් දා සිට අප හැම කෙනෙක්ම අධ්‍යපනය මෙන්ම අත්දැකීම්ද අත්පත් කර ගනු ලබනවා. එයින් බිදක් මේ. විශේෂයෙන් මෙහි තාක්ෂණික තොරතුරු ඇතුළත්ය.
Monday, April 19, 2010
Monday, April 12, 2010
ජීවිතයට වදනක් 30-35
31. සාර්ථකත්වයේ රහස අනෙක් අය නොදන්නා දෙයක් ඔබ දැන සිටීමයි.
32. විනාඩියේ අගය දන්නා කෙනාට පැය හිඟ නැත.
33. අම්මා දරුවන්ට ආදරය පෙන්වයි. තාත්තා ආදරය හදවතේ ඉතිරි කරයි. ඒ මවට හා දරුවන්ට හැමදාටමය.
34. පරාජය යනු ජයග්‍රහණයේ පළමු පියවරයි.
35. හැම උපන් දිනයකම ඔබ මරණයට වසරකින් කිට්ටු වෙයි.

Sunday, April 4, 2010
යාපනේ ගිහින් පොලිසියේ පිරිත් අහපු හැටි
මම පසුගිය මාර්තු 27 වෙනිදා යාපනේ යන බව පෝස්ට් එකක් දැම්ම මතක ඇති. කියපු විධියටම යාපනේ ගියා.
පළමු දිනයේ අනුරාධපුරයත් දෙවන දිනයේ නාගදීපයත් බැලුවා. තුන්වන දිනයේ ත්‍රිකුණාමළයට ආව. එහිදී උණු දිය ළිං බැලුවා. හතරවන දිනයේ කෝනේෂ්වරම් කෝවිල, නිලාවේලි මුහුදු වෙරළ හා සේරුවාවිල පන්සල බලන්න ගියා.
අපි සේරරුවාවිලෙන් අපසු එන්නට පිටත් වුනේ හවස 6.00ට විතර. එන අතර මගදී අලි බබාලත් දකින්නත් පුළුවන් වුනා. අපි රෑ 9.30 ට විතර කන්තලේට ආව. ඩ්‍රර්වර් මහත්තයා කොයි තරම් හොදද කියනවනම් මේ දවස් 4ටම එක වාහනයක්වත් පහුකරල බස් එක එලෙව්වේ නෑ. පයින් යන අයවයි බයිසිකල් කාරයන්වයි හැරෙන්නට. මිනිහා කිව්වේ බස් එකේ දුනු කොළ හය්ය නෑ කියලයි. කන්තලේ නවත්තල රෑ තේ බිව්වා. නඩේ ගුරයි ඩ්රර්වරුයි දෙන්න ඒ ළග තිබුන බාර් එකකින් දෙකක් ඇන ගත්ත. දැන් බස් එක එලවනවා නහුතෙටම. ඒ හරියෙනුත් අලි බබාල හම්බ වුනා. හබරණ හංදිය පහු කරල කිලෝ මීටර් 2 ක් විතර යනකොට පොලීසියෙන් අපිව නැවැත්තුවා. ඩ්‍රර්වර් බීල ඉන්න බව මාට්ටු වුනා. අපිව බස් එකත් එක්කම පොලීසියට අරන් ගියා. එදා පොලීසියේ ලොකු පිරිතක්. දැන් රෑ 11ට විතර ඇති. අපිට වාඩි වෙලා පිරිත් අහන්න කිව්වා. අපි වාඩිවෙලා පිරිත් ඇහැව්වා. පොලීසියේ මහත්තුරු අපිට කන්න දේවල් දුන්නා තේ දුන්නා. එයාල හරිම හොදයි. ඩ්රර්වර්ව කූඩුවට දැම්මා. අපිත් එක්ක ගිය තව කෙනෙක් හිටියා CTB ඩ්‍රර්වර් කෙනෙක්. ඊට පැය 3 කට පස්සේ බස් එක CTB ඩ්රර්වර්ට භාර දුන්නා. අර ඩ්රර්වර්ට නඩු දැම්මා. එයාට බීමත්ව රිය පැදවීමේ වරදට පෙරේදා දිනයේදී රු 15000/- ක දඩයක් ගෙවන්න නියම වුනා. පොලීසියෙන් ඇල්ලූ නිසාම අපි එදා නොමැරී බේරුණා. අපි පාන්දර 2.00 ට විතර පොලීසියෙන් එළියට ආව. ගෙදර එනකොට පාන්දර 6.00 යි.
ඔබත් මෙවැනි ගමනක් යනවානම් ඔබේ රියදුරා ගැන දෙවරක් සිතන්න. ඔබද බීමත්ව රිය පැදවීමෙන් වලකින්න. අපේ ගමනේ photo මගේ මුහුණ පොතේ දාලයි තියෙන්නේ.

Subscribe to:
Posts (Atom)