Tuesday, December 21, 2010

කොන්දොස්තරලාගේ කොල්ල කෑම

බස් එකේ යන්න ටිකට් එකක් ගත්තම ඉතුරු සල්ලි නොදී රුපියල් දෙක තුනකට විදින කොන්දොස්තරලා ආසන්න වශයෙන් දිනකට රු 1200/- ක් හෝ ඊට වැඩියෙන් මහජන මුදල් කොල්ල කයි. මෙයට විරුද්ධ වන්න. එමෙන්ම හැකි සෑම විටම අවශ්‍යය මාරු කාසි ළග තබා ගන්න. එමෙන්ම කෙනෙකුගේ ආත්ම ගරුත්වයට හානි වන අයුරින් කොන්දොස්තර ක්‍රියා කරයි නම් එයට විරුද්ධ වීමට සැම දෙනාටම අයිතියක් ඇත.

Monday, December 20, 2010

ජීවිතයට වදනක් 47

ඕනෑම අයෙකු සමග සහයෝගයෙන් ජීවත් වීමේ හැකියාව ඉගෙනීමට ජලය ආදර්ශයට ගන්න. ජලය එය අඩංගු භාජනයේ හැඩය ගනී.

Sunday, December 19, 2010

ජීවිතයට වදනක් 46

“හැම පිරිමියම ඔහොමයි මට එපා වෙලා තියෙන්නෙ“ එහෙම හිතන්න වෙන්නෙ ඔබේම අඩුපාඩුවක් නිසා.

Sunday, December 5, 2010

ජීවිතයට වදනක් 45

ඔබ කරන හැම ක්‍රියාවකම ප්‍රථිඵලයක් ලැබෙනු ඇත. හොද ක්‍රියාවක්නම් හොද ප්‍රථිඵලද නරක ක්‍රියාවක් නම් නරක ප්‍රථිඵලද ලැබේ.

Friday, October 15, 2010

ජීවිතයට වදනක් 44

ඔබට අලුත් වන්නට නැකතක් අවශ්‍යය නැත. දැන් එයට හොදම වෙලාවයි.

ඔබේ වෙළද ව්‍යාපාරයට නියම මෘදුකාංයක්

   ඔබ වෙළද ව්‍යාපාරයක සිල්ලර කඩයක ආදී හිමිකරුවෙකු වන්නට පුළුවන්. එදිනෙදා ගණන් තැබීම් බිල්පත් නිකුත් කිරිම්, කොටේෂන් නිකුත් කිරීම් ආදී කටයුතු අතින්ම කිරීම ඉතා අපහසු වෙහෙසකර කාර්යයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. සදහා පරිගණකය භාවිතා කරන්නට පුළුවන් වුනත් අපි හොයන විදියේ නිකන් දෙන Billing Software නෑනෙ. මේ මෘදුකාංගය එයට හොද විකල්පයක් වේවි. එදිනෙදා ලාභ අලාභ ආදී රිපෝට් ගණනාවක්ම මෙයින් ලබා ගත හැකි.
    හැබැයි මේක නිකන් දෙන්නෙ නෑ. ඔබේ පහසුව තකා සුමුදු අය්යා Crack ෆයිල් එකත් එක්කම බා ගන්න පුළුවන් විදියට වැඩේ සෙට් කරන්නම්. Torrent Link එකක්.


  • මෙන්න කොටන්න ඕන තැන 
  • සයිස් එක = 12.1 MB
  • 100% ක් වැඩ
  • සයිට් ලින්ක් එක
  • අලුත්ම සංස්කරණයයි මේ
  • වින්ඩෝස් 7 එක්කත් වැඩනේ ඉතිං
* ඔබ Download කරගත් ෆෝල්ඩරය පහත අයුරින් පෙනේවි

* kbilling_istaller ඩබල් ක්ලික් කර මෘදුකාංගය ස්ථාපනය කරන්න

* අනතුරුව මෘදුකාංගය විවෘත කරන්න. එවිට පහත ආකාරයේ මෘදුකාංගය Register කරන මෙන් දන්වමින් තිරයක් ලැබේවි. 


* මෙය වසා දමා Desktop එක මත ඇති kBilling අයිකනය මත Right Click කර Open file Location තෝරා Instalation පාත් එක සොයා ගන්න.

* දැන්  ඔබ Download කරගත් ෆෝල්ඩරය තුල ඇති, crack ෆෝල්ඩරය තුල ඇති kbilling.exe ෆයිල් එක කොපි කර ගන්න. එය කලින් විවෘත කරගත් Instalation පාත් එකට පේස්ට් කරන්න. Replace කරන්න.

* දැන් මෘදුකාංගය හොදින් වැඩ කරාවි. පහත දක්වා ඇත්තේ එහි Screen Shot කීපයකි. අත්හදා බලන්න. ඇත්තටම හොදද කියල. 




Tuesday, October 12, 2010

ජීවිතයට වදනක් 43

යුද්ධයක් නිර්මාණය කිරීමට තත්පර කීපයක් වුවද සෑහේ. එහෙත් සාමය ඇති කිරීමට විශාල කාලයක් ගත වෙයි.

Monday, September 20, 2010

ජීවිතයට වදනක් 42

‘‘පස කොතරම් සරු වුවත් වගාවක් නොකරන්නේනම් ඉන් ඵලක් නැත“
     ඔබ සතුව කොතරම් දැනුම තිබුනද එය කට මැත දෙඩවීමට පමණක් සිමා වන්නේ නම් ඉන් ඵලක් නොමැත. ඔබේ දැනුම භාවිතා කර සමාජයටත් ඔබටත් ඵලදායී  වැඩදායී යම් කාර්යයක් කරන්නේනම් එම දැනුම ප්‍රයෝජනයට ගත හැකිය. ‘‘මෝඩයාට දැනුම ආභරණයකි. නුවණැත්තාට එය අයුධයකි“

වෛද්‍ය වරුන්ගේ හිසට අකුණු සන්නායකයක්

  බුද්ධ කාලයටත් එහා සිට වෛද්‍යවරුන් මිනිසාගේ, සතුන්ගේ හා ගස්වැල්හි යහපත් වූ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම අරඔයා අති මහත් සේවයක් කොට තිබේ. බුද්ධ කාලයේ බුදුන්ටත් වෙදකම් කළ ජීවක නැමති වෙදැදුරා ගැන කියැවෙයි. “ආරෝග්‍යා පරමා ලාබා“  ලෙස බුදුන් වදාලේද නිරෝගීව සිටීමේ වැදගත්කම හුදී ජනයාට අවබෝධ වනු පිණිසය. 
     ශ්‍රී ලංකාවේද අපිද අපටම ආවේණික වූ ඉතා ප්‍රබල වූ ආයුරුවේද වෛද්‍ය ක්‍රමයකට හිමිකම් කියන්නෙමු. අදටත් පාරම්පරික ආයුරුවේද වෛද්‍යවරුන් තම අමිල වූ සේවාව ජනතාව උදෙසා ලබා දෙන්නේ මිළ මුදල් ස‍දහාම නොවේ. එහෙත් අද කාලයේ මිනිසුන් ආයුරුවේදය වෙත යොමු වන්නේ ඉංග්‍රීසි බෙහෙත් වලින් නිසි ප්‍රයෝජනයක් නොලැබුනු විටදීය. 
   මා කුඩා කාලයේ මගේ මල්ලීට සහ නංගීට බඩේ අමාරුවක් හෙම්බිරිස්සාවක් වැනි සාමාන්‍ය අසනීප තත්ත්වයකදී කරන විශාල අත් බෙහෙත් ප්‍රමාණයක් දැන සිටියහ. එහෙත් අද දෙමාපියෝ තම දරුවන් ඉතා කුඩා අසනීප අවස්ථාවකදී වුවත් විශේෂඥ වෛද්‍යවරුන් වෙත යන්නේ විලාසිතාවකට මෙනි. පසුව ඒ වෙනුවෙන් මෙපමණක් වියදම් වුනා යනුවෙන් තම මිතුරියන් සමග පවසන්නේ මහත් උජාරුවෙනි. මෙය අපේ රටේ දොස්තර කාක්කනට නම් ඉල්ලමකි. ඔවුන් මේ මෝඩ අම්මලාව නැවත ගෙන්වා ගැනීමට විවිධ අන්දමේ උපක්‍රම භාවිතා කරති. මෙවන් දොස්තරලා රජයේ රෝහලේදී මෙන් නොව පුද්ගලික රෝහලේදී ඉතාම කරුණාවන්තය. ඔහුව හමු වීමට කලින්ම මුදල් ගෙවා තුණ්ඩුවක් ගත යුතුය. මේ අය අතර දෙවි දේවතාවුන් වැනි දොස්තරලාද සිටී. ඔවුන්ට මා හිස නමා ආචාර කරමි. 
     එහෙත් මහජනයාගේ මුදල් වලින්ම ඉගෙන ගෙන දොස්තර වරුන් වී අසරණ මහජනයාවම සූරාගෙන කන මෙවන් පෙරේත කාපාළුවන්ට යන්නට වෙනම අපායක් තැනිය යුතුය. වෛද්‍යවරයෙකු වීමට යනු ඉතාම මහන්සි වී කැපවීමෙන් ලබා ගන්නා තත්ත්වයකි. එයිනුත් විශේෂඥ ලේබලය අලවා ගැනීම තවත් අපහසුය. ඔවුන් ඇත්තෙන්ම දක්ෂයන්ය. අසරණ රෝගීන් දින ගණන් රජයේ රෝහල් වල රස්තියාදු වි බැරිම තැන පුද්ගලික රෝහල් කරා යති. සමහර සායන වලට තුණ්ඩු දෙන්නේ සීමිත ගණනක් නිසා දුර බැහැර සිට එන ඇතැම් රෝගීන්ට මේ සීමිත තුණ්ඩු දීම නිසා කවදාවත්ම තුණ්ඩුවක් ගැනීමට නොහැකි වෙයි. එබැවින් ඔවුන්ට කරන්නට ඇති එකම විකල්පය පුද්ගලික රෝහල්ය. මේ අසරණ රෝගීන් ඇතැම්විට රටටම බත සපයන ගොවීන්ය. දොස්තරලාට පවා බත් පත සරි කරන්නේ ඔවුන්ය. ණයට සොයාගෙන එන මුදලින් රු 500/- ට එහා මුදලක් මේ මළ පෙරේතයන්ව චැනල් කිරීමට වැය කරන්නට සිදු වෙයි. ලෙඩාව පරීක්ෂා කරන දොස්තර තුණ්ඩුවක් ලියා දෙන්නේ අහවල් දින රජයේ රෝහලේ තමාගේ සායනයට සහභාගී වන ලෙස දන්වමිනි. එදාට සායනයට යන මේ ලෙඩාට තුණ්ඩු අවශ්‍යය නැත. රෝහල් තුණ්ඩු ගනමින් රස්තියාදු වන්නට සිදු නොවෙයි. කෙලින්ම දොස්තර ළගට යත හැකිය. මෙසේ අසරණ රෝගීන්ගේ  රෝගයක් උකසට තබා මුදල් ගරා ගන්නා දොස්තරලාට ඒ හැම රෝගියෙක්ම හෙණ නොඉල්ලන්නේද? (මෙයින් ගැලවෙන්නට වෛද්‍යවරුන්ට ළගදීම හිසට අකුණු සන්නායකයක් සවි කර ගන්නට සිදු වේවි) ඇත්තටම මෙය මා විසින් අත් දැකිනු ලැබුවෙමි. මේ පෙරේතයින් ලෙඩාට බෙහෙත් දෙන්නේද රජයේ මුදලිනි. 
     මෙවැනි දොස්තරලා මාසයකට මිලියන ගණන් මුදල් උපයති. තට්ටු ගණන් උසට ගෙවල් හදති. ස්ථාවර තැන්පත් දමති. ආදායම් බදු වලින්ද බේරෙති. මේ ජීවත් වන ටික කාලයටත් පරිභෝජනය කොට හමාර කරන්නටත් බැරි තරම් උපයති. එහෙත් යන ලොවකට ගෙන යන්නට මොකුත්ම ඉතිරි කර ගන්නේ නැත. මේ භවයට පමණි. දොස්තරවරුනි ඔබලාද යම් දිනයක මැරෙති. ඒ මේ මොහොතේ හෝ තවත් කාලයකට පසුව හෝ වෙන්නට පුළුවන. යලි උපදින භවයකදී ඔබට ප්‍රෙයෝජනවත් වන්නේ කල පින් පමණි. ඔය පෙරේත භවයෙන් අත් මිදෙන්න. තෘෂ්ණාවේ වලාවෙන් වැසීගිය ඔබේ මිනිසත්කමේ සද එළිය විදින්නට ලෝකයාට විදින්නට ඉඩ දෙන්න. එදාට ඔබ මැරුණත් නම පවතීවි චිරාත් කාලයක් මේ ලොව තුළ. ඔබට පුළුවන් මළ පෙරේතයෙක් වන්නටත් ජීවමාන දෙවියෙකු වන්නටත් තීරණය ඔබගේය.

Friday, September 17, 2010

ජීවිතයට වදනක් 41

ඔබව කෝප ගැන්වීමට යමෙකුට හැකිද? එසේනම් ඔහු ඔබ පරාජය කරනු ඇත.

කවි සිතුවිලි 06

දෑස රිදෙයි ඔබ ඒදැයි මග බලලා...
හීන බිදෙයි නුඔ නාවොත් සිත සනසා...
අරන් එන්න ඔය සෙනෙහස මා සනසා...
ඔබට ආදරෙයි නංගියෙ මා සැමදා...

මුන්නේෂ්වර්ම් දෙවියෝ බංකොළොත්ද?

පසුගිය දිනවල හලාවත මුන්නේෂ්වරම් දේවාලයේ මංගල්‍යය නම් වූ වෙළද ව්‍යාපාරය ජයටම කෙරින. මා හටද හතර වරක්ම එහි යාමට සිදු විය.
     ලංකාවේ මිනිසුන් විවිධ ආගම් අදහති. ඒ අතරේ සමහරුන් බෞද්ධ දර්ශනයද අදහති. මුන්නේශවරම් ගිය ගමනේදී දක්නට ලැබූ දේවල්නම් නොලියාම බැරිය. වාහනයකින් එහි යන විට රථ ගාල් හිමියෝ පාරට පැන තමන්ගේ රථ ගාලට වාහනය ඇතුල් කර ගැනීම සදහා නොකියනා බොරුවක් නොමැත. මෝටර් සයිකලයක හො පයින් යන විට “ඉස්සරහින් දේවාලෙ වහල තියෙන්නේ මේ පැත්තෙන් යන්න‘‘ යයි කියති. දේවාලය වසා නැත. ඔවුන්ගේ කඩ පෙළවල් ඉදිරියෙන් මිනිසුන්ව යැවීමට එසේ කරති. පූජා වට්ටියක් ගන්නට යන විට රු 100/- සිට ඉහළට මිළ ගණන් යටතේ ඒවා ඇත. වට්ටියටත් සමගම මුදල් අය කළත් වට්ටිය නැවත ඔව්න්ට ගෙනැවිත් දිය යුතුය. තමන්ගේ පූජා වට්ටි විකිනීමට ඔවුන් පොර කන්නේ කාක්කන් මෙනි. ඔව්න්ගෙන් බේරී යාමනම් පහසු දෙයක් නොවේය. දේවාලයේ ඉදිරිපිට කසල ගොඩවල් දුටු මට සිතුනේ දෙවියන් නාසය වාසාගෙන දේවාලයේ වැඩ ඉන්නවා ඇත කියාය. දේවාලය ඉදිරියේ සෙරෙප්පු ගලවා තබන්නටම බැරිය. එහි සිටින සෙරෙප්පු රකින බහිරවයන් එවා තමන්ගේ ගොඩට බලෙන්ම දමා ගනී. එසේ නොවුනහොත් ආපසු එන විට සෙරෙප්පු රහත් වන්නේය.
  දේවාලය තුල පූජා වට්ටි රැගත් බැතිමතුන් පැය ගානක් පෝලිමේ ඇත. පත්තිනි දේවිය ළගට යන්නට රු 50/- ටිකට් එකක් ගත යුතුය. අප දෙවියන් වෙත යන්නේ දෙවියන්ගෙන් යමක් ඉල්ලීමටය. මෙසේ යන අපට සිදු වන්නේ දෙවියන්ට කීයක් හරි දී එන්නටය. දෙවියන් බංකොළොත් වී සිගමනට වැටි ඇත. මෙය ඉතාම කණගාටුවට කරුණකි. අප දන්නා තරමින්නම් මෙසේ මුදල් අය කරන කාන්තාවට කියන නම වෙන එකකි. පත්තිනි දේවියව මේ තත්වයට පත්කර ඇත්තේ මෙහි පාලකයන්ය. මැතිමතෙකුට කෙලින්ම දෙවියන් යැදීමට අවසර නැත. ඒ සදහා බඩ ලොකු උඩුකය නිරුවත් කපුවෙක් ඇත. අප වෙනුවෙන් දෙවියන් යදින්නේ ඔහුය. ඒ ගාථාව මට ඇසුනේ නම් මෙසේය. ‘‘ත්‍රාං තූර්ර්ං පත්තියං පත්තියං“. මං හිතන්නේ දිග ගාථාව ෂෝට් කරලා වෙන්න ඇතිය. බැතිමතුන්ට කරන්නට ඇත්තේ මේ දේව තැරැව්කරැවා කරන දේ බලා සිටීම පමණය.
   ලංකාවේ ඇති බොහෝ දේවාල වල තත්ත්වය මෙයට දෙවැනි නොවන බව ඔබ හොදින්ම දන්නවා ඇත. සමහර විට මේ ලොකයේ හෝ විශ්වයේ යම් තැනක දෙවියන් යයි අප සංකල්පමය ලෙස විශ්වාස කරන අය සිටිය හැකිය. ඒ ගැන හරියටම කියන්නට කරම් සාධක අපට නැත. ගෙදරම දෙමාපිය දෙවියන් සිටින විට වෙනත් දෙවියන් සොයා යන අප කොයි තරම් මේ දේව සංකල්ප වලින් මුළා වී ඇත්දැයි පසක් වනු ඇත. මේවා දේවාල මුදලාලිලාගේ හොද ආදායම් මාර්ග වන්නේය. දෙවියන් යනු පින් රැස් කිරීමේ හැකියාවක් නැති අසරණයින් පිරිසකි. එබැවින් මිනිසුන් යම් පිනක් සිදුකළ විටක දෙවියන්ට පින් අනුමොදන් කරති. දෙවියන් මිනිසුන්ගෙන් පින් ඉල්ලා හිගමනේ එන විට මිනිසුන් දෙවියන්ගේම පිහිට පතති. එවැනි මිනිසුන්ට නම් දෙවියන්ගේම පිහිට තමයි.
   කතරගම දෙවියන්ද මේ ප්‍රධාන දේවාලයට පසෙකින් වූ අට්ටාලයක වැඩ හිදී. උන් වහන්සේ ළගට යන්නටනම් මෝර්ටීන් ස්ප්‍රේ එකක් රැගෙන යා යුතුය. ඒ තරම්ම අපිරිසිදුය මැස්සන් පිරී ඇත. එතැන සිටින තැරැව් කරුවාද පෙරේතයෙකු මෙනි. එතැනටද අනිවාර්යයෙන්ම පූජා වට්ටියට පඩුරු අවශ්‍යයම වෙයි. කතරගම දෙවියන් තබා පෙරේතයෙක්වක් එතැනනම් වැඩ ඉන්නේ නැත. මේ දේවාලයේ පාලකයන්ගේ එකම පරමාර්ථය මුදල් ඉපයීම පමණි. දේවාලය හෝ ඒ අවට පිරිසිදුව පවත්වා ගැනීම ගැන නම් කිසිම අවධානයක් නැති සේය.
    මේ අතර තවත් අපූරු වූ දේවාලයක් ඇත. එහි වැඩ හිදින දෙවියාට නම් බැලු බැල්මටම කෙළවී ඇති සෙයක් පෙනේ. දිව එලියට පැන ඇත. ඇස් එලියට පැනීමට ඔන්න මෙන්න වාගේය. කව්ද මේ? බැලින්නම් කාලි අම්මාය. තමන්ගේ තරහ කරුවන්ට කෙලවන්නට කාලි අම්මාට භාර බදින පිරිසනම් අති විශාලය. සිංහල හමුදාව ප්‍රභාකරන්ව මරා දැමීමට මේ තරම් වෙර දැරුවේ බොරුවටය. යුද්ධයට මේ තරම් මුදල් හා ජීවිත පුද කලේද බොරුවටය. මුන්නේශ්වරම් පුද බිමට පැමිණ කාලිට කීවානම් ප්‍රශ්ණය ඉවරය. මෙතරම් අන්ධ භක්තිකයින් සිටින රටක් තවත් තිබේද යන්න සැක සහිතය.
   මෙවර ඒ මග දෙපස ඉදිකර තිබූ කඩ සදහා එක් අඩියකට රු 3000/-ක මුදලක් ඒ වෙළදුන්ගෙන් අය කර කිබුනි. මේ එකතු වන විශාල මුදල් කන්දරාවෙන් හලාවත නගරය සිංගප්පූරුවක් කිරිමට එතරම් අපහසු නොවනු ඇත. කලින්නම් මේ මුදල් ගැලුවේ කොටින්ටය. දැන් මේ මුදල් ගලන්නේ කොහාටද?
   දෙවියන් හෝ දේව සංකල්පය ගැන මා විවාද නොකරමි. මේ ලිපිය නිසා යම් අයෙකුගේ හිත රිදුනේ නම් හෝ අපහසුතාවයකට පත් වුනි නම් අවංකවම මා සමාව අයදිමි. මහජනයාගේ මුදල් සොරකමක් ලෙස නොහැගෙන පරිදි මෙසේ සොරකම් කිරීමට දේවාල මුදලාලිලාට ඉඩ දී බලා සිටින්නට නොහැක. දේව ප්‍රතිමාවක් පෙන්වමින් මහජනයාගේ අකලංක වූ දේව භක්තිය ගණිකා වෘතියේ යොදවන්නට මේ අයට ඉඩ දීම සාධාරණද?

Monday, August 23, 2010

ජීවිතයට වදනක් 40

බාධක වලට භය නොවන්න. ජයග්‍රහණය නැමති සරුංගලය ඉහළටම යන්නේ බාධකය නැමති සුළගට ප්‍රතිවිරුද්ධව මිස සුළග සමග නොවේ.

Saturday, August 21, 2010

කවි සිතුවිලි 5

හිරු කුමරුන් අවරට යනු නෙත ගැටුනී
ඔබ එන මග බලා ඉදිරියටම පිය නැගුනී
ඔබෙ මුව කමල තුරු අතරින් මට පෙණුනී
රැවටී ඇත්තෙ මා පුර හදටයි ළදුනී

Sunday, August 15, 2010

ලොකු සුහද හද පුංචිබණ්ඩාට කළ හදියක්

පුංචි බණ්ඩාටත් (චූලෝදර) බඩු බාහිරාදිය මිළදී ගැනීම සදහා ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිතා කිරීමේ ආශාව ඇති විය. ඉතිං මිනිහ කෙළින්ම ගියේ ලංකාවෙ ලොකුම සුහද හදක් ඇති බැංකුවටයි. ඊට අදාල අයදුම්පත් පිරවීමෙන් පසු ක්‍රෙඩිට් කාඩ් එක ලබා ගැනීමට පුංචි බණ්ඩාට හැකි විය. බැංකුවේ ඇත්තෝ හදවත ගලවා අතට දෙන තරමට කාරුණිකය. පුංචි බණ්ඩා මේ අලුත් කාඩ් එක භාවිතා කර කීප විටක් බඩු භාණ්ඩ මිළට ගත්තා. කලට වෙලාවට අදාල මාසික වාරිකය ගෙව්වා. එහෙත් එක් මාසයක වාරිකය ගෙවීමට අදාල දිනය බැංකුව නිවාඩු බැවින් ඊට පසු දින වාරිකය ගෙව්වා. පසු මාසයේ ක්‍රෙඩිට් කාඩ් එකහි විස්තර ප්‍රකාශණයේ මෙසේ අමතර පෙළක්ද සටහන්ව තිබුනා. Late Payment Fee     LKR  350.00 පුංචි බණ්ඩාගෙන් වාරිකය දිනක් පරක්කු වීමේ වරදට රු 350.00 ක් අයකර තිබුනා. ඉතිං පුංචි බණ්ඩා එවේලේම තීරණයක් ගත්තා. කාඩ් පතෙහි මුළු වටිනාකමම ගෙවා අදාල ගිණුම අවසන් කිරීමට. එතැනින් පුංචි බණ්ඩා තේරුම් ගත්ත, ලොකු සුහද හදවත් එක්ක ගණුදෙනු නොකර පොඩි එකක් එක්ක ගණුදෙණු කරන්න.

Thursday, July 29, 2010

කවි සිතුවිලි 4

මිතුරු සුළග ඇවිදින් තනි රකින විට..
කුරුළු ගීත සිහි කරවයි ඔ‍බගෙ හඩ..
සතුරු මිතුරු කොයි කාටත් බෙදන මෙත..
නැතිව ඔයා පාළුයි මගෙ හදවතම.

කවි සිතුවිලි 3

සාගර රැල්ල ඇවිදින් පා දොවන විට..
අදර වදන් තෙපලූ ඔබ කොහිද අද..
මාගේ සිතට කවදාවත් නොදුන් දුක..
ඔබ ඇයි ගියේ මා හැරදා දුර රටක..

Wednesday, July 28, 2010

කවි සිතුවිලි

අතුරු මිතුරු කී කාලය මතක තියේනම්.
අතුරු සිදුරු නැත හද වෙත ඔබ එනවානම්.
මල් පලසක් වෙන්නම් මුළු දිවිය පුරා මං.
බොදුනු කිතුණු වෙනසක් නෑ ආලෙට කිසි කල්.

කවි සිතුවිලි

පෙර භවයක අප හමු වී ඉන්න ඇතී.
ආදරයෙන් බැදී පෙම් සුව වළදන්න ඇතී.
අපේ පැටව් අප වටකර ඉන්න ඇතී.
මේ භවයේ තාමත් හමු වෙලා නැතී

Friday, July 23, 2010

ජීවිතයට වදනක් 39

පෙම්වතියක් සැනසීමට විශාල මුදලකට ගත් තෑග්ගකට වඩා, නළලට දෙන හාදුවකට හැකිය.

Thursday, July 22, 2010

ජීවිතයට වදනක් 38

ඔබ ආදරය කරනවා යනු යම් විටක තනි වීමේ අවදානමක් ඇති බවයි.

Tuesday, June 8, 2010

ජීවිතයට වදනක් 37

37. වෙනත් අය ඔබව ගනන් ගන්නේ නැද්ද? ඔබ අනෙක් අයට උවමනා වන කෙනෙකු වන්න.

Sunday, May 2, 2010

ජීවිතයට වදනක් 36

36. ඔබ සතුව කෙතරම් සම්පත් ඇතත් ඔබ මිනිසුන් සමඟ වැඩ කිරීමේ කලා නොදන්නේනම් ඔබගේ සම්පත් ක්ෂය වී යයි.

Monday, April 19, 2010

කෙක්කෙන් හරි කොක්කෙන් හරි මතට තිත.

‍ධර්මය අධර්මය වී ඇත බැලු බැලු හැම අත
කර්මය පල දිදී දරුවන් පා වෙයි ගඟ මත
ගොඩක් දෙනාගේ තවමත් මතට තමයි හිත
‍මර්වින් මහත්තය තිබ්බා කැළණියේ මතට තිත

 හරි උනත් වැරදි වුනත් තීරණය මරු. ජනාධිපතිතුමා වුනත් යුද්දේ කරන කාලේ කොයි තරම් අය හරස් කැපුවද. නමුත් යුද්ධය නැවැත්වූයේ නැත.  ඒත් එයින් රටටම හොඳක් වුනා. මර්වින් මහත්තයත් මේ කරපු ‍වැඩේට අපි අකැමැති නෑ. මේ වැඩේ නීත්‍යානුකූල වුනානම් තවත් හොඳයි. නීතියෙන් කරන්න බැරිකම් ඇති. කෙක්කෙන් හරි කොක්කෙන් හරි කරපු වැඩේ නරක නෑ. බුදුන් වදාලැ ධර්මයෙහි එනැ නරක වෙළඳාම් වලින් එකක් වූ මත් ද්‍රව්‍ය වලට තිත තැබීමේ පළමු වෙඩි මුරයට ජය වේවා.
 ඇතැම් දේශපාලකයින් මිනිසුන්ට මත්වතුර දී ඡන්දය ලබා ගන්නා යුගයක තමාට අරක්කු කාරයින්ගේ ඡන්ද අවශ්‍ය නැතිව දිනිය හැකිය යන මතයේ සිට, ගෙන යන ‍මේ වැඩ පිළිවෙළ ප්‍රසංසා කටයුතුය. මෙහි වෙනත් යටි අරමුණක් නැතිව පිරිසිදුව කරගෙන යන වැඩක් නම් හොඳයි.

Monday, April 12, 2010

ජීවිතයට වදනක් 30-35

31. සාර්ථකත්වයේ රහස අනෙක් අය නොදන්නා දෙයක් ඔබ දැන සිටීමයි.

32. විනාඩියේ අගය දන්නා කෙනාට පැය හිඟ නැත.

33. අම්මා දරුවන්ට ආදරය පෙන්වයි. තාත්තා ආදරය හදවතේ ඉතිරි කරයි. ඒ මවට හා දරුවන්ට හැමදාටමය.

34. පරාජය යනු ජයග්‍රහණයේ පළමු පියවරයි.

35. හැම උපන් දිනයකම ඔබ මරණයට වසරකින් කිට්ටු වෙයි.

Sunday, April 4, 2010

යාපනේ ගිහින් පොලිසියේ පිරිත් අහපු හැටි

   මම පසුගිය මාර්තු 27 වෙනිදා යාපනේ යන බව පෝස්ට් එකක් දැම්ම මතක ඇති. කියපු විධියටම යාපනේ ගියා.
පළමු දිනයේ අනුරාධපුරයත්  දෙවන දිනයේ නාගදීපයත් බැලුවා. තුන්වන දිනයේ ත්‍රිකුණාමළයට ආව. එහිදී උණු දිය ළිං බැලුවා. හතරවන දිනයේ කෝනේෂ්වරම් කෝවිල, නිලාවේලි මුහුදු වෙරළ හා සේරුවාවිල පන්සල බලන්න ගියා.
  අපි සේරරුවාවිලෙන් අපසු එන්නට පිටත් වුනේ හවස 6.00ට විතර. එන අතර මගදී අලි බබාලත් දකින්නත් පුළුවන් වුනා. අපි රෑ 9.30 ට විතර කන්තලේට ආව. ඩ්‍රර්වර් මහත්තයා කොයි තරම් හොදද කියනවනම් මේ දවස් 4ටම එක වාහනයක්වත් පහුකරල බස් එක එලෙව්වේ නෑ. පයින් යන අයවයි බයිසිකල් කාරයන්වයි හැරෙන්නට. මිනිහා කිව්වේ බස් එකේ දුනු කොළ හය්ය නෑ කියලයි. කන්තලේ නවත්තල රෑ තේ බිව්වා. නඩේ ගුරයි ඩ්‍රර්වරුයි දෙන්න ඒ ළග තිබුන බාර් එකකින් දෙකක් ඇන ගත්ත. දැන් බස් එක එලවනවා නහුතෙටම. ඒ හරියෙනුත් අලි බබාල හම්බ වුනා. හබරණ හංදිය පහු කරල කිලෝ මීටර් 2 ක් විතර යනකොට පොලීසියෙන් අපිව නැවැත්තුවා. ඩ්‍රර්වර් බීල ඉන්න බව මාට්ටු වුනා. අපිව බස් එකත් එක්කම පොලීසියට අරන් ගියා. එදා පොලීසියේ ලොකු පිරිතක්. දැන් රෑ 11ට විතර ඇති.  අපිට වාඩි වෙලා පිරිත් අහන්න කිව්වා. අපි වාඩිවෙලා පිරිත් ඇහැව්වා. පොලීසියේ මහත්තුරු අපිට කන්න දේවල් දුන්නා තේ දුන්නා. එයාල හරිම හොදයි. ඩ්‍රර්වර්ව කූඩුවට දැම්මා. අපිත් එක්ක ගිය තව කෙනෙක් හිටියා CTB ඩ්‍රර්වර් කෙනෙක්. ඊට පැය 3 කට පස්සේ බස් එක CTB ඩ්‍රර්වර්ට භාර දුන්නා. අර ඩ්‍රර්වර්ට නඩු දැම්මා. එයාට බීමත්ව රිය පැදවීමේ වරදට පෙරේදා දිනයේදී රු 15000/- ක දඩයක් ගෙවන්න නියම වුනා. පොලීසියෙන් ඇල්ලූ නිසාම අපි එදා නොමැරී බේරුණා. අපි පාන්දර 2.00 ට විතර පොලීසියෙන් එළියට ආව. ගෙදර එනකොට පාන්දර 6.00 යි.
     ඔබත් මෙවැනි ගමනක් යනවානම් ඔබේ රියදුරා ගැන දෙවරක් සිතන්න. ඔබද බීමත්ව රිය පැදවීමෙන් වලකින්න. අපේ ගමනේ photo මගේ මුහුණ පොතේ දාලයි තියෙන්නේ.

Friday, March 26, 2010

මම යාපනේ යනවා.. ඔයාලට මොනවද ඕන

  මට දින හතරක යාපනේ ට්‍රිප් එකක් යන්න සෙට් වුනා. අපේ ගමේ කට්ටියක් එක්ක. හෙට උදේ 4.00ට තමයි යන්නෙ. අද රෑ වෙඩින් එකකුත් තියෙනවා කොළඹ ඔෆිස් එකේ යාළුවෙකුගේ. වෙලාවට හලාවතට එන්න ලැබුනොත් හොඳයි. හලාවත කිව්වට ඩොටේට යන්නත් ඕනනේ හලාවත ඉඳලත් බයික් එකේ පට්ට රෑ. අමාරුවෙන් කැමරා කට්ටකුත් හොයා ගත්ත. හොඳින් ගිහින් එන්න ලැබුනොත් ෆොටෝ එක්කම පෝස්ට් එකක් දාන්නම්. මගේ බ්ලොග් මිතුරු මිතුරියනි. ඔබලා සමඟ දුක සැප බෙදා ගන්න ලැබීම ඇත්තටම සතුටක්. ඒ යාළු ෆිට් එකටයි මේ ගැන ඔයාලට කිව්වේ. ගිහින් එන්නම්.

Thursday, March 25, 2010

ජීවිතයට වදනක් 26-30

26. ඔබට දහස් වරක් වරදින්නට පුළුවන්. එක් දහස් එක් වැනි වතාවේදී හරි යයි. උත්සාහය අත් හරින්න එපා.

27. දෙමාපියෝ දරුවන්ට පණ මෙන් ආදරය කරති. දරුවෝ වෙනත් අයට පණ මෙන් ආදරය කරති.

28. හොඳම යාළුවා කාන්තාවක් නම් ඔබට වැරදී ඇත.

29. මිනිස් සිරුර මළ මුත්‍ර වලින් පිරී ඇත. ලස්සනයි සිතා උඩගු වන්නෝ මළ මුත්‍ර ගොඩේ නිළ මැස්සනට සමානය.

30. සාමාන්‍ය වැසියාට ඒ දණ්ඩේ යා හැකිය.

Tuesday, March 23, 2010

කරදර අඩුම වෛරස් ගාඩ් එක ඡන්ද ප්‍රතිඵල මෙන්න


    දින 20ක ඡන්ද  විමසීමට ලැබුන ප්‍රතිඵලයයි මේ. මී ළඟ ඡන්ද විමසුම ඔබේ බ්ලොග් පොස්ට් එකකට ලැබෙන කමෙන්ට්ස් ගැනයි

ඔබව දියුණුව කරා ගෙන යන එස් පහ (3 කොටස)


  පසුගිය සතියේ ලිපියෙන් අවශ්‍යය දෙවල් වෙන වෙන් වශයෙන් වෙන් කර ගත් පසුව ඒවා අසුරා තබන ආකාරය සලකා බැලුවා. අදාල බඩු බාහිරාදිය පිළිවෙළට ලස්සනට අසුරා තැබීමෙන් ඉතා ප්‍රසන්න බවක් හා විධිමත් බවක් ඇති වී සිත පවා පහන් වෙයි.
 
     එමෙන්ම අදාල දේවල් වල ලේබල් ඇලවීම මගින් ඒවා ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබේ. ලේබල් විවිධ වර්ණ වලින් භාවිතා කිරීමෙන් මෙම හඳුනා ගැනීම තවත් පසසු වෙයි. මුළුතැන්ගෙය සඳහා වෙනම පාටක්ද සාලයේ උපකරණ සඳහා තවත් පාටක්ද කාමර වල ඇති භාණ්ඩ සඳහා තවත් වරණයන්ගෙන්ද  ලේබල් භාවිතා කළ හැකිය. එවිට දුටු සැනින්ම අදාල භාණ්ඩ ‍කුමන ස්ථානයකට අයත් දැයි තීරණය කළ හැකිය. මුළුතැන් ගෙයි තුනපහ දමන බෝතල් වල ලේබල් සඳහා නම සමඟ අංක යෙදීමෙන් එහි සුපිළිවෙල තවත් පහසු වනු ඇත.
    අප අඳින ඇදුම් අවශ්‍යය වන අනුපිළිවෙල අනුව අයන් කිරීමෙන් අනතුරුව රෙදි එල්ලන රැක් වල එල්ලා තැබීම කළ හැකිය. ඔබ කාර්යාලයක සේවකයෙක් නම්. දින පහට ඇඳුම් පහක් තිබෙන්නට පුළුවන්. එම ඇඳුම් සෙට් පහ ඉරිදා දිනයේ සෝදා අයන් කර රැක් එකේ සදුදා දින අඳින ඇඳුම පළමුවත් අඟහරැවාදා අඳින ඇඳුම දෙවනුවත් ලෙස එල්ලා තැබිය හැකියි. මෙමගින් කාලය ශ්‍රමය මෙන්ම නොයෙක් වර අයන් එක රත් කිරීම වෙනුවෙන් වැය වන විදුලියද ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම යම් දිනයකදී විදුලිය ඇණ හිටීමක් සිදු වුවත් පොඩි වූ ඇඳුම් ඇඳීමට ඔබට සිදු නොවනු ඇත.

Seisō (清掃) Sweeping or Shining or Cleanliness (Systematic Cleaning): සෙයිසෝ(පිරිසිදු කිරීම)
   ඉහත සඳහන් පියවර දෙක අනුගමනය කළ විට නිවසේ හෝ කාර්යාලයේ උපකරණ පිළිවෙලට අසුරා ලේබල් කර ගත හැකිය. දැන් මෙහි ඇත්තේ අපට භාවිතයට අවශ්‍යය වන උපකරණ පමණි.  මෙසේ මෙම පියවර දෙක අනුගමනය කිරීමෙන් අනතුරුව අවට පරිසරය ඉතා හොඳින් පිරිසුදුව පවත්වාගෙන යාම කළ යුතුය. දිනකට විනාඩි කීපයක් හෝ මේ වෙනුවෙන් වෙන් කළ යුතුය.  මෙවැනි පරිසරයක් අප අවට පවත්වාගෙන යාමෙන් ඉතා ප්‍රසන්නව ජීවත් විමේ හැකියාව අපට හිමි වෙයි.
  1. නිතරම පිරිසිදු කළ යුතු දෙවල් (පිඟන් කෝප්ප)
  2. දිනපතා පිරිසිදු කළ යුතු දේවල්(මිදුල අතුගෑම, වැසිකිළිය සේදීම)
  3. දින කීපයකට වරක් පිරිසිදු කළ යුතු දේවල්(මල් පැළ වල අනවශ්‍ය කොළ ඉවත් කිරීම)
  4. සතියකට වරක් පිරිසිදු කළ යුතු දේවල් (මිදුලට පිටින් ඇති ඉඩම පිරිසිදු කිරීම)
  5. සති දෙකකට වරක් පිරිසිදු කළ යුතු දේවල් (ඉඩම පිරිසිදු කිරීම)
  6. මාසයකටරක් පිරිසිදු කළ යුතු දේවල් (නිවසේ මකුළු දැල් ඉවත් කිරීම)
    මෙහිදී යම් ස්ථානයක් හෝ දෙයක් අපිරිසුදු වූ සැනින්ම එය පිරිසිදු කළ යුතුය. එය තවත් කෙනෙකුට කිරීමට නොතැබිය යුතුය.  එමෙන්ම භාවිතයේදී. කැඩෙන බිඳෙන දේවල් හෝ ඉවත ලන ද්‍රව්‍යය ඉවත් කිරීමට විධිමත් ක්‍රමයක් මේ පිරිසිදු කරන අදියරේදීම සකසා ගත යුතුය. මුළුතැන්ගෙයින් ඉවත් කරන දේ හා වත්ත පිටියෙන් ඉවත් කරන දේවල් කොම්පෝස්ට් පොහොර සෑදීමට ප්‍රායෝගිකවම යොදා ගත හැකිය. කොම් පෝස්ට් පහසුවෙන් සාදා ගැනීමට මා භාවිතා කර ඇති ක්‍රමය ඉදිරියේදී ඔබට පෝස්ට් එකක් දාන්නම්. ඉතිරිය ලබන සතියේ ඉදිරිපත් කරන්න වෙන්නෙ නෑ. මොකද මම ලබන සතියේ යාපනයේ දවස් හතරක සංචාරයක් යනවා. ඊට පස්සේ සතියේ ඉතිරිය පොස්ට් කරන්නම්.


Wednesday, March 17, 2010

My Sql සිංහලෙන් (10 වන ලිපිය)

 පසුගිය සතියේ අප සාකච්චා කිරීම ආරම්භ කළේ My Sql හිදී දත්ත සමඟ කටයුතු කරන ආකාරයයි. අප කළින් සතියේ වැඩ කරමින් සිටි දත්ත වගුව විවෘත කර ගනිමු.


1) දත්ත ගොණුව වෙත යාම

mysql> use sumudu;
Database changed


2) එම දත්ත ගොණුවේ ඇති දත්ත වගු දර්ශණය කිරීම

mysql> show tables;
+------------------+
| Tables_in_sumudu |
+------------------+
| employee         |
| employee1        |
+------------------+
2 rows in set (0.01 sec)

3) employee දත්ත වගුවේ වත්කම් දර්ශනය කිරීම.

mysql> describe employee;
+-----------+--------------+------+-----+---------+-------+
| Field     | Type         | Null | Key | Default | Extra |
+-----------+--------------+------+-----+---------+-------+
| id        | int(4)       | NO   |     | 0       |       |
| full_name | tinytext     | YES  |     | NULL    |       |
| address   | varchar(120) | YES  |     | NULL    |       |
| salary    | int(6)       | YES  |     | NULL    |       |
+-----------+--------------+------+-----+---------+-------+
4 rows in set (0.05 sec)


4) වගුව තුළ ඇති දත්ත දර්ශනය කිරීම.
mysql> select * from employee;
+-----+-------------------+----------+--------+
| id  | full_name         | address  | salary |
+-----+-------------------+----------+--------+
| 100 | Asela Madanayaka  | Chilw    |  24500 |
| 100 | Asela Madanayaka  | Chilw    |  24500 |
| 101 | Ranuka Bandra     | Puttam   |  18500 |
| 102 | Pubudu Aruna      | Chilaw   |  14500 |
| 103 | Nalaa Silva       | Chilaw   |  20000 |
| 104 | Nalika Priyanthi  | Gampaha  |  16000 |
| 105 | Maduranga Jaypala | Galewela |  16000 |
| 106 | Anupama herah     | Dubara   |  12500 |
+-----+-------------------+----------+--------+
8 rows in set (0.00 sec)



  • දත්ත ගොණුවක්(Database) නිර්මාණය කිරීම 
  • ඒ තුළ දත්ත වගු(Tables) නිර්මාණය කිරීම 
  • ෆීල්ඩ් නම් වෙනස් කිරීම
  • දත්ත ගොණු හා දත්ත වගු වල නම් වෙනස් කිරීම 
  • දත්ත ගොණු හා දත්ත වගු ඩිලීට් කිරීම
  • දත්ත වගු වලට දත්ත ඇතුළත් කිරිම
 පිළිබඳව අප සාකච්චා කළා. අද අපි දත්ත වගුවක දත්ත වෙනස් කිරීම හා දත්ත ඉවත් කරන ආකාරය බලමු. මේ වැඩේ කරන්නේ SQL කමාන්ඩ් භාවිතයෙන් කියල අමතක කරන්න එපා. අද භාවිතා කරන හැම DBMS එකකම වගේ SQL කමාන්ඩ් භාවිතයට ගන්නවා. මතකනේ අපේ මොන්ටි මහත්තය මුලින්ම 1979දී නිර්මාණය කරපු UNIREG DBMS එක SQL වලට සපෝට් නෑ.


දත්ත වෙනස් කිරීම හා දත්ත ඉවත් කිරීම
1) දත්ත ඉවත් කිරීම
mysql> select * from employee;
+-----+-------------------+----------+--------+
| id  | full_name         | address  | salary |
+-----+-------------------+----------+--------+
| 100 | Asela Madanayaka  | Chilw    |  24500 |
| 100 | Asela Madanayaka  | Chilw    |  24500 |
| 101 | Ranuka Bandra     | Puttam   |  18500 |
| 102 | Pubudu Aruna      | Chilaw   |  14500 |
| 103 | Nalaa Silva       | Chilaw   |  20000 |
| 104 | Nalika Priyanthi  | Gampaha  |  16000 |
| 105 | Maduranga Jaypala | Galewela |  16000 |
| 106 | Anupama herah     | Dubara   |  12500 |
+-----+-------------------+----------+--------+
8 rows in set (0.00 sec)  

දත්ත වගුවේ id එක 105 වූ දත්ත පේළිය මකා දමන්න.

mysql> DELETE from employee WHERE id=105;
Query OK, 1 row affected (0.03 sec)

mysql> select * from  employee;
+-----+------------------+---------+--------+
| id  | full_name        | address | salary |
+-----+------------------+---------+--------+
| 100 | Asela Madanayaka | Chilw   |  24500 |
| 100 | Asela Madanayaka | Chilw   |  24500 |
| 101 | Ranuka Bandra    | Puttam  |  18500 |
| 102 | Pubudu Aruna     | Chilaw  |  14500 |
| 103 | Nalaa Silva      | Chilaw  |  20000 |
| 104 | Nalika Priyanthi | Gampaha |  16000 |
| 106 | Anupama herah    | Dubara  |  12500 |
+-----+------------------+---------+--------+
7 rows in set (0.00 sec)

   ඉහත කමාන්ඩ් එකේ mysql> DELETE from employee WHERE id=105; හි = ලකුණ වෙනුවට id <= 105 ලෙස වෙනස් කළොත් id එක 105 ට අඩු සියළුම දත්ත මැකී යාවි. එය 
id >= 105 ලෙස වෙනස් කළොත් 
id එක
 105 ට වැඩි සියළුම දත්ත මැකී යාවි. 

2) දත්ත වෙනස් කිරීම 
mysql> UPDATE employee SET id=105 where id=106;
Query OK, 1 row affected (0.02 sec)
Rows matched: 1  Changed: 1  Warnings: 0

mysql> select * from  employee;
+-----+------------------+---------+--------+
| id  | full_name        | address | salary |
+-----+------------------+---------+--------+
| 100 | Asela Madanayaka | Chilw   |  24500 |
| 100 | Asela Madanayaka | Chilw   |  24500 |
| 101 | Ranuka Bandra    | Puttam  |  18500 |
| 102 | Pubudu Aruna     | Chilaw  |  14500 |
| 103 | Nalaa Silva      | Chilaw  |  20000 |
| 104 | Nalika Priyanthi | Gampaha |  16000 |
| 105 | Anupama herah    | Dubara  |  12500 |
+-----+------------------+---------+--------+
7 rows in set (0.00 sec)

මෙම කමාන්ඩ් එකේ 
SET id=105 යනු id එක වෙනුවට 105 යොදන්න යන්නයි. එහෙත් කුමන id එක වෙනුවටද? එය එම කමාන්ඩ් පෙළෙහිම දෙවනුවට පෙන්වා දී ඇත. 
where id=106. id එක 106 වෙනුවට 105 යොදන්න. මෙම කෝඩින් පෙළ මගින් බබෙකුට කතාන්දරයක් තේරුම් කරනවා සේ My SQL වලට තේරෙන්නට කෝඩින් ලිවිය යුතුය. නැත්තම් 
My SQL බබාට මෙමගින් නිවැරදි ප්‍රතිඵලයක් අපට ලබා දෙන්නට නොහැකි වන ඇති. ඉතින් මේ බබාව තේරුම් ගැනීම අපට එතරම් කජ්ජක් නොවේ.
 id එක 103 වූ දත්ත පේළියේ Nalaa Silva යන නම Nalaka Udara හා Gampaha 
යන Address එක Colombo ලෙසත් වෙනස් කරමු.

mysql> select * from  employee;
+-----+------------------+---------+--------+
| id  | full_name        | address | salary |
+-----+------------------+---------+--------+
| 100 | Asela Madanayaka | Chilw   |  24500 |
| 100 | Asela Madanayaka | Chilw   |  24500 |
| 101 | Ranuka Bandra    | Puttam  |  18500 |
| 102 | Pubudu Aruna     | Chilaw  |  14500 |
| 103 | Nalaa Silva      | Chilaw  |  20000 |
| 104 | Nalika Priyanthi | Gampaha |  16000 |
| 105 | Anupama herah    | Dubara  |  12500 |
+-----+------------------+---------+--------+
7 rows in set (0.00 sec)

mysql> UPDATE employee SET full_name='Nalaka Udara',address='Colombo' where id=1
03;
Query OK, 1 row affected (0.02 sec)
Rows matched: 1  Changed: 1  Warnings: 0

mysql> select * from  employee;
+-----+------------------+---------+--------+
| id  | full_name        | address | salary |
+-----+------------------+---------+--------+
| 100 | Asela Madanayaka | Chilw   |  24500 |
| 100 | Asela Madanayaka | Chilw   |  24500 |
| 101 | Ranuka Bandra    | Puttam  |  18500 |
| 102 | Pubudu Aruna     | Chilaw  |  14500 |
| 103 | Nalaka Udara     | Colombo |  20000 |
| 104 | Nalika Priyanthi | Gampaha |  16000 |
| 105 | Anupama herah    | Dubara  |  12500 |
+-----+------------------+---------+--------+
7 rows in set (0.00 sec)

ලබන සතියට
[logo-mysql-110x57.png]

Sunday, March 14, 2010

ඔබව දියුණුව කරා ගෙන යන එස් පහ (2 කොටස)

        එස් පහ ක්‍රමය නිසා ආයතනයක කාර්යක්ෂමතාව, නිවසක අලංකාරය, වගා බිමක සරු අස්වැන්න සියළු තැන්හි සුපිරිසිදු බව ඇති වෙයි. පළමු ලිපිය කියවූ නැති අය එම ලිපියත් කියවන්න.  අපි පළමු කරුණ සළකා බලමු.

1 - Seiri (整理) Sorting  - සෙයිරි (අනවශ්‍ය දේ ඉවත් කිරීම)
      අප ජීවත් වන වැඩ කරන අවට පරිසරයේ අපට නිතර අවශ්‍යය වන දේ මෙන්ම නිතර අවශ්‍යය නොවන දේවල්ද තිබෙනවා. එමෙන්ම කවදාවත්ම අපි ප්‍රයෝජනයට නොගන්නා දේවල්ද තිබෙනවා. අපේ නිවෙස් වලට බිස්කට් පෙට්ටියක් කිරිපිටි පෙට්ටියක් ගෙනාවොත් එහි ඇසුරුම එකවර ඉවත දමන්නේ නැත. එය ටික දිනක් නිවස තුළ තබාගෙන සිට එය ටිකක් පරණ වූ විට ඉවත දමයි. අනවශ්‍යය දේ ඉවත් කිරිම මෙහි පළමු පියවරයි. අප අවට ඇති බඩු බාහිරාදිය පහත පරිදි වෙන් වෙන්ව වර්ග කළ හැකිය. 1,2,3


අනවශ්‍යය දේවල් ඉවත් කළ හැකි ආකාරයන් 

  1. මූල්‍යමය වටිනාකමක් නැති අනවශ්‍යය දේවල්(පරණ ඇඳුම්, ඇසුරුම්) - පරිසරයට හානියක් නොවන පරිදි වහාම ඉවත් කරන්න. මේවා කොම්පෝස්ට් පොහොර සාදන ක්‍රමවේදයක් වෙත යොමු කළ හැක.
  2. මූල්‍යමය වටිනාකමක් ඇති අනවශ්‍යය දේවල්(පත්තර, බෝතල්) - විකිණීමට කටයුතු කරන්න.
  3. මූල්‍යමය වටිනාකමක් නැති භාවිතා කළ හැකි නමුත් අපට අනවශ්‍යය දේවල්(කුඩා වූ හොඳ ඇඳුම්, කුඩා වූ පාවහන්) - භාවිතයට ගත හැකි අයෙකුට පරිත්‍යාග කරන්න.


2 - Seiton (整頓) Straighten or Set in Order  - සෙයිතෝන්(අවශ්‍යය දේවල් විධිමත්ව ඇසිරීම)
       අනවශ්‍යය දේවල් ඉවත් කළ පසුව ඉතිරි වන්නේ අවශ්‍යය දේවල් පමණි. ඒවා නිසි පරිදි පිළිවෙළකට අසුරා තැබීමෙන් නැවත භාවිතයට ගැනීමේදී එය ඉතාමත් පහසුවක් වනු ඇති. 1,2,3,4,5

 අවශ්‍යය දෙවල් විධිමත්ව අසුරා තැබීම

  1. නිතර අවශ්‍යය වන දේවල් (කාමරයක පනාව,පරිගණකය, දුරකථනය, පර්ස් එක, ටී.වී රිමෝට් එක) ඉතා පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක තබන්න.
  2. ඉදහිට අවශ්‍යය වන දේවල් (පැරණි පොත්, සඟරා, කැමරාව) පහසුවෙන් ළගා විය හැකි ස්ථානයක තබන්න.
  3. ඉතා කළාතුරකින් අවශ්‍යය වන දේවල් (විශාල හැළි වළං, පිත්තල පහණ) වෙනම ස්ථානයක අසුරා තබන්න.
  4. අවශ්‍යය නොවන මුත් වටිනා දේවල්(සිහිවටන, ඇන්ටික් භාණ්ඩ) සුදුසු ස්ථාන වල අනෙකුත් වැඩ කටයුතු වලට භාධා නොවන පරිදි අසුරන්න.

Thursday, March 11, 2010

කරුණාකර ආපසු එන්න. මිත්‍රත්වයත් අරන් (සුමුදු අයියා)

    මගේ මිත්‍රෙයක් සිටිනවා ඔහු කුඩා කාලයේ සිටම මම හඳුනනවා. හරිම හොඳට හිටි කෙනෙක්. මට වඩා වසර 3කින් පමණ ඔහු බාලයි. ඔහු මා සමඟ වඩාත් මිත්‍ර වූයේ මා විසින් දේශණ පැවත්වූ පරිගණක පන්තියකට ඔහුත් පැමිණීම නිසායි. ඔහු ඉතාම දක්ෂ සිසුවෙක්. ඉන් කළකට පසුව මා හට බැංකු ක්ෂේත්‍රයේ තොරතුරැ තාක්ෂණ රැකියාවක් කිරීමට අවකාශය සැලසුනා(දැනට කරන රැකියාව). ඔහු හා තිබූ මිත්‍රත්වය නිසාම මා සේවය කළ ආයතනයේම ඔහුටත් රැකියාවක් සඳහා අවස්ථාවක් උදා කර දෙන්නට මට හැකි වුනා.
    වසර එක හමාරක් පමණ ඔහු ඉතා හොඳින් රැකියාව කළා. ඒ අතරතුර ඔහු ආදරය කළ යුවතිය සමඟ විවාහ වීමට ඔහුට හැකි වුනා.  ඇයගේ දෙමාපියන් ජීවතුන් අතර නැති අතර ඇය කුඩා කළ සිට හැදී වැඩී තිබුනේ වෙනත් කාන්තාවක් ය‍ටතේයි. ඔහු‍ගේ හා ඇයගේ ප්‍රේමයට අකැමැති වූ පෙර කී කාන්තාව ඇයට තම නිවසින් පිටවන ලෙස ඇයට කියා සිටියා. ඒ අනුවයි ඔවුන් දෙදෙනා විවාහ වූයේ. විවාහ වීමෙන් පසුව ඔහු රැකියාවෙන් ඉවත් වුනා. වෙනත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට. රැකියාවෙන් ඉවත් නොවන ලෙස ඔහුට මා තරයේ අවවාද කළත් ඔහු රැකියාවට වඩා ව්‍යාපාරය ගැන විශ්වාසය තැබුවා. එහෙත් ටික කළකින් ව්‍යාපාරය අසාර්ථක වුනා. ඔහු හා ඇය යන දෙදෙනාම මා හට දැක්වූයේ ඉමහත් ගෞරවයක්. මාගේ දරුවන් දෙදෙනෙකුට මෙන් ඔවුන්ට මා ආදරය කළා. ටික කළකින් ඔවුන්ට දරු සුරතල් බැලීමට පුළුවන් වුනා. දැන් ඒ දරුවාට වයස අව්රුදු එක හමාරක් පමණ වනවා.
    සතියකට දෙකකට වරක් ඔවුන් මාගේ නිවසට දරුවාත් සමඟ පැමි‍ණෙනවා. රාත්‍රියට ආහාර පිළියෙල කොට සතුටු සාමීචියේ යෙදෙමින් රාත්‍රී කෑම ගෙන ඔවුන් සමහරදාට පිටව යන්නේ මධ්‍යම රාත්‍රයටත් ආසන්නයේ. දරුවා හරිම හුරතල් මම ඔවුන්ට මෙන්ම ඔවුන්ගේ දරුවාටත් ගොඩක් ආදරය කරනවා. ඔවුන් හා මා අතර පැවතියේ ඉතාමත් කුළුපග මිත්‍රත්වයක්.
   ආර්ථික අපහසු කම් නිසා ඔහු .....පිටිය ප්‍රදේශයේ පරිගණක ආයතනයක සේල්ස් රැකියාවක් කරන්නට පටන් ගත්තා. දිනපතා යාම් ඒම් අධික වියදම් නිසා ඔහු එම ප්‍රදේශයේම නතර වී රැකියාව කළා. මාස හතරක් පහක් රැකියාව හොඳින් කරගෙන ගියා. ඒ අතරතුර පවා පෙර සේ ඔවුන් විටින් විට මාගේ නිවසට පැමිණියා.
   එහෙත් ටික කළකින් ආරංචි වූයේ ඔහු ඇයව හැර දමා ඔහුටත් වඩා වසර පහක් පමණ වැඩිමල් වෙනත් කාන්තාවක් සමඟ හාද වී ඇති බවය. එය කන වැකුන මොහොතේම දුරකථනයෙන් ඔහුව සම්බන්ධ කර ගන්නට උත්සා කළත් ඔහු දුරකථනයට උත්තර දෙන්නේ නැත. ඔහුගේ නිවසට ගොස් බිරිඳගෙන් මා විස්තර අසා දැනගත්තා. ඔහු දැන් ගෙදර නොඑන බවත් අලුත් කාන්තාව සමඟ ඇති සම්බන්ධය නැවැත්විය නොහැකි බව ඔහු කියන බවත් ඇය කියා සිටියා. ඇය ඉතාම අසරණ තත්ත්වයකයි දැන් සිටින්නේ. ඇයට ආදායම් මාර්ගයක් පවා නොමැත. මගේ නැගෙණියක් මෙන් සිටින ඇය සිටින තත්ත්වය ඉතාම දු:ඛිතය.  ඇයට උදව් කිරීම මා හට කර ඇරිය නොහැකක්කි. නමුත් එවන් තනි වූ කාන්තාවකට උදව් කිරීමට යාම අනාගතයෙදී මටම පාරා වලල්ලක් වන්නට ඉඩ ඇත.
    එබැවින් ආදරනීය මිතුර මා හමු වන්නට එන්න. ඔබට බනින්නට තලා පෙළන්නට නොව. ඕනෑම ප්‍රශ්ණයකට විසඳුමක් ඇත. වැරදි නැති කෙනෙක් මේ ලොව නැත. මට ඇමතුමක්වත් දෙන්න. ඔබගේ පව්ල නැවත එකතු කරන්නට මා හැකි සෑම දෙයක්ම කරන්නට සූදානම්. තාවකාලික සැපතට ලොල් නොවන්න. මෙම ලිපිය ඔහුට දකින්නට ලැබේවා. ඔහුගේ අන්‍යතාව හෙළි කළොත් ඔහුව සොයා ගැනීම පහසු වන නමුත් එවැනි දෙයකින් ඔබව අපහසුතාවයට පත් නොකරමි. කරුණාකර මා හමුවන්නට එන්න. ඔබගේ බිරිඳ ඔබ වෙනුවෙන් හඬා වැළපෙමින් සිටී.

කරුණාකර ආපසු එන්න. මිත්‍රත්වයත් අරන්
වරදට ලොකුම දඬුවම, සමාව දෙන
සුමුදු අයියා....

My sql Home Work 01 පිළිබඳව

My sql Home Work 01 සඳහා පිළිතුරු 2010-03-15 දිනට පෙර එවන්න. දැනට ඒ සඳහා පිළිතුරු පත්‍ර 13 ක් ලැබී ඇති අතර ඒවායේ ඇතැම් ලිපි වල ටයිපින් දෝෂ බොහෝමයක් ඇත. එමෙන්ම තවත් ඒවායේ ඉංග්‍රීසි ලිපි එසේම කොපි කර ඇත. මා "My sql සිංහලෙන්" ලිපි පෙළ සිංහලෙන් ටයිප් කරන්නේ මහත් පරිශ්‍රමයක් දරමින් වන අතර ඔබද ඔබගේ පිළිතුරු සිංහලෙන් ටයිප් කර එවන්න.

ජීවිතයට වදනක් 21-25

21. මහණ කම විවාහයට සුදුසු කමකි.

22. ජීවත් වීමට අත්දැකීම් ලබා ගන්නට දුගියෙකු විය යුතුය.

23. ආදරය ජීවන පියගැට පෙළෙහි අත් වාරුවයි.

24. මිළ මුදල්, සැප සම්පත්, යාන වාහන, ආදරය ජීවිතය සුවපත් කරයි. නිර්වානය ආත්මය සුවපත් කරයි.

25. අස්ථීර ලෝකයක ස්ථීර රැකියා නොසොයන්න.

Wednesday, March 10, 2010

My Sql සිංහලෙන් (9 වන ලිපිය)

    
 අප පසුගිය සතියේ ලිපියෙන් සාකච්චා කළේ විශේෂයෙන්ම alter යන කමාන්ඩ් එකේ භාවිතයන්. අද අප එතැන් සිට පාඩම පටන් ගනිමු. (මම මෙහි දෙන ලිපියෙන් Wamp Server එක ඔබේ පරිගණකයේ පිහිටුවා ගත යුතු බව කීවා. එය විස්තර සහිතව අයේෂ් මල්ලිගේ බ්ලොග් එකේ දාල තියෙනවා)

 9.   ඩේටා බේස් එකක් හා ටේබල් එකක් නිර්මාණය කිරීම හා ඒවා ඉවත් කිරීම.
  • sky නමින් ඩේටා බේස් එකක් නිර්මාණය කිරීම
mysql> CREATE DATABASE sky;
Query OK, 1 row affected (0.00 sec)



  • ඩේටා බේස් එක තුලට ගමන් කිරීම

mysql> USE sky;

Database changed
  • bird නමින් ටේබල් එකක් නිර්මාණය කිරීම
mysql> CREATE TABLE bird(id int(3),name varchar(50));
Query OK, 0 rows affected (0.01 sec)
  • සියළුම ඩේටා බේස් දර්ශණය කිරීම.
mysql> SHOW databases;
+--------------------+
| Database           |
+--------------------+
| information_schema |
| myshop             |
| mysql              |
| pos_system         |
| possystem          |
| sky                |
| sumudu             |
| workplace          |
+--------------------+
8 rows in set (0.00 sec)
  • sky ඩේටා බේස් එක තුළ ඇති සියළුම ටේබල් දර්ශණය කිරීම

mysql> SHOW tables;
+---------------+
| Tables_in_sky |
+---------------+
| bird          |
+---------------+
1 row in set (0.00 sec)



  • bird ටේබල් එකෙහි වත්කම් දර්ශණය කිරීම
mysql>DESCRIBE bird;
+-------+-------------+------+-----+---------+-------+
| Field | Type        | Null | Key | Default | Extra |
+-------+-------------+------+-----+---------+-------+
| id    | int(3)      | YES  |     | NULL    |       |
| name  | varchar(50) | YES  |     | NULL    |       |
+-------+-------------+------+-----+---------+-------+
2 rows in set (0.03 sec)



  • ටේබල් එක ඉවත් කිරීම
mysql> DROP TABLE bird;
Query OK, 0 rows affected (0.01 sec)



  • ඩේටා බේස් එක ඉවත් කිරීම

mysql> DROP DATABASE sky;
Query OK, 0 rows affected (0.02 sec)

දත්ත සමඟ කටයුතු කිරීම
  අප නැවතත් කලින් තැනූ sumudu දත්ත වගුව භාවිතයට ගනිමු.
mysql> use sumudu;

Database changed

mysql> SHOW tables;
+------------------+
| Tables_in_sumudu |
+------------------+
| employee         |
| employee1        |
+------------------+
2 rows in set (0.03 sec)


mysql> DESCRIBE employee;
+-----------+--------------+------+-----+---------+-------+
| Field     | Type         | Null | Key | Default | Extra |
+-----------+--------------+------+-----+---------+-------+
| id        | int(4)       | NO   |     | 0       |       |
| full_name | tinytext     | YES  |     | NULL    |       |
| address   | varchar(120) | YES  |     | NULL    |       |
| salary    | int(6)       | YES  |     | NULL    |       |
+-----------+--------------+------+-----+---------+-------+
4 rows in set (0.03 sec)




මෙම දත්ත වගුව සඳහා දත්ත ඇතුළත් කරන ආකාරය සලකා බලමු. මේ සඳහා පහත කමාන්ඩ් භාවිතා කරන්න.



1 ක්‍රමය
mysql> INSERT INTO employee (id,full_name,address,salary)VALUES (100,'Asela Madanayaka', 'Chilw',24500);
Query OK, 1 row affected (0.02 sec)

2 ක්‍රමය

mysql> INSERT INTO employee VALUES (101,'Ranuka Bandra', 'Puttam',18500);
Query OK, 1 row affected (0.02 sec)



මේ ආකාරයට දත්ත කීපයක් ටේබල් එක තුළට ඇතුළු කර ගන්න.


mysql> insert into employee VALUES (101,'Ranuka Bandra', 'Puttam',18500);
Query OK, 1 row affected (0.02 sec)

mysql> insert into employee VALUES (102,'Pubudu Aruna', 'Chilaw',14500);
Query OK, 1 row affected (0.02 sec)

mysql> insert into employee VALUES (103,'Nalaa Silva', 'Chilaw',20000);
Query OK, 1 row affected (0.02 sec)

mysql> insert into employee VALUES (104,'Nalika Priyanthi', 'Gampaha',16000);
Query OK, 1 row affected (0.06 sec)

mysql> insert into employee VALUES (105,'Maduranga Jaypala', 'Galewela',16000);
Query OK, 1 row affected (0.02 sec)

mysql> insert into employee VALUES (106,'Anupama herah', 'Dubara',12500);
Query OK, 1 row affected (0.02 sec)

මෙසේ අප විසින් ඇතුළත් කළ දත්ත ටේබල් එක තුළ ඇත්දැයි පරීක්ෂා කිරීම


mysql> SELECT * from employee;
+-----+-------------------+----------+--------+
| id  | full_name         | address  | salary |
+-----+-------------------+----------+--------+
| 100 | Asela Madanayaka  | Chilw    |  24500 |
| 100 | Asela Madanayaka  | Chilw    |  24500 |
| 101 | Ranuka Bandra     | Puttam   |  18500 |
| 102 | Pubudu Aruna      | Chilaw   |  14500 |
| 103 | Nalaa Silva       | Chilaw   |  20000 |
| 104 | Nalika Priyanthi  | Gampaha  |  16000 |
| 105 | Maduranga Jaypala | Galewela |  16000 |
| 106 | Anupama herah     | Dubara   |  12500 |
+-----+-------------------+----------+--------+
8 rows in set (0.00 sec)

My sql Home work 1
1.school යනුවෙන් database එකක් නිර්මාණය කරන්න.
2.ඒ තුළ students_details, staff_details, staff_salary_details යනුවෙන් table 3ක් සුදුසු ෆීල්ඩ්ස් යොදා නිර්මාණය කරන්න.
3.“ප්‍රයිමරි කී“ හඳුන්වන්න.
4. character set හා collation කෙටියෙන් හඳුන්වන්න.
5. my sql data type වල දත්ත සීමාවන් දක්වන්න.


 ඉහත ප්‍රශ්ණ වලින් 1,2 සඳහා my sql console හි සිදු කළ ක්‍රියාකාරකම් copy(කොන්සෝලය මත R-Click කර mark  ඔබන්න. අවශ්‍ය කමාන්ඩ් කොටස් select කරන්න. එන්ටර් කී එක ඔබන්න. එවිට එය copy වනු ඇත) කර MS word sheet එකක paste කරන්න. එහි font එක Courier New යොදන්න. 3,4,5 ප්‍රශ්න සඳහා එම  MS word sheet එකේම පිළිතුරු ලියන්න.  5 වන ප්‍රශ්ණය සඳහා පිළිතුරු ඔබ විසින් සෙවිය යුතුය. අනෙක් ප්‍රශ්ණ සඳහා පිළිතුරු මෙම ලිපි පෙළ කියවීමෙන් ලබා ගත හැකි දැනුමේ අන්තර්ගත වෙයි. 


 


Tuesday, March 9, 2010

My Sql සිංහලෙන් 9 වන ලිපිය හෙට උදේ

   My sql සිංහලෙන් ගෙන එන ලිපි මාළාවේ 9 වන ලිපිය හෙට (2010 මාර්තු10) උදේ ප්‍රකාශණයට පත් කිරීමටයි අපේක්ෂාව. මේ පිළිබඳව උනන්දුවක් දක්වන අය හෙට උදේ වරුවේ මාගේ බ්ලොග් අඩවිය පරීක්ෂා කර බලන්න.

Sunday, March 7, 2010

ඔබව දියුණුව කරා ගෙන යන එස් පහ (1 කොටස)

          මීට සති කීපයකට පෙර මා විසින් ජපන් එස් පහ (5S) ගැන ලිපි පෙළක් ඔබ වෙත ගෙන එන බව කීවා මතක ඇති.  ඒ පොරොන්දුව ඉටු කරන්නයි මේ සූදානම.
   දෙවන ලෝක යුධ සමයේ ඇමරිකාව විසින් ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගර වලට  “ලිට්ල් බෝයි“ නම් වූ පරමාණු බෝම්බ දෙකක් 1945 අගෝස්තු 06 වැනි සඳුදා දිනයේ හෙළණු ලැබුවා. මෙයින් හිරෝෂිමා නගරයේ මිනිසුන් 90,000–166,000  ත් අතර පිරිසක්ද නාගසාකිහි 60000-80000ත් අතර පිරිසක්ද මිය ගියා. මෙසේ සිදු වූ ව්‍යසනයෙන් පසුවත් ජපානය ඉතා කෙටි කළකින් ඉතා දියුණු තත්ත්වයකට පත් වුනා. මෙසේ දියුණු වීමට ඔවුන් භාවිතා කළ ක්‍රමවේදය එස් පහ ක්‍රමයයි. ඔවුන්ගේ විවිධ අත්හදා බැලීම් මත බිහි වූ මෙම ක්‍රමය ලොව ඕනෑම කෙනෙකුට දියුණු වීම සඳහා භාවිතා කිරීමට තහනමක් නෑ. 
       මම හිතනව මේ හැඳින්වීම ප්‍රමාණයවත් කියල 5S ගැන. කෙළින්ම වැඩේට බහිමු. එස් පහ හැදිල තියෙන්නේ එස් අකුරෙන් ආරම්භ වන වචන පහකින් ඒ තමයි;


1 - Seiri (整理) Sorting  - සෙයිරි
2 - Seiton (整頓) Straighten or Set in Order  - සෙයිතෝන්
3 - Seisō (清掃) Sweeping or Shining or Cleanliness  - සෙයිසෝ
4 - Seiketsu (清潔) Standardizing   - සෙයිකෙත්සු
5 - Shitsuke () Sustaining the discipline    - සෙත්සුකේ

    මේ හැම වචයකම තේරුම හා එයින් කියැවෙන දේ ගැන රූප සටහන් සහිතව විස්තරාත්මකව ඉදිරි ලිපි වලින්  සලකා බලමු. (සමා වෙන්න දිගටම ටයිප් කරන්න තරම් වෙලා නැති එකට) මේ ලිපිය කියවපු ඔයාගේ අදහස කියල යන්න අමතක කරන්න එපා.

Wednesday, March 3, 2010

Visual Basic 6 වින්ඩෝස් 7 වල වැඩ නැද්ද?

   Windows 7 භාවිතා කරන්න පටන් ගත් මට ආපු ප්‍රශ්ණයක් තමයි Visual Basic 6 මෘදුකාංගයWindows 7 වල ධාවනය කරවීමේ ප්‍රශ්ණය. Visual Basic 6 ස්ථාපනය කළ විට අවසායේ කම්පියුටරය රීස්ටාට් කරන්නට අසන පැනයට ප්‍රතිචාර දැක්වූ විට කම්පියුටරය රීස්ටාට් වෙයි. නමුත් VB ඕපන් කරන විට 1 රූපයේ පරිදි අඤ්ඤකොරොස් මැසේජ් එකක් ලැබේ.

මෙයින් කියැවෙන්නේ VB6TMPL.TLB යන සිස්ටම් ෆයිල් එක නිවැරදිව වින්‍යසගත නොවී ඇති බවයි. මම කළේ පහත පරිදිය

1. Start-->All Programs-->Microsoft Visual Basic 6.0-->Microsoft Visual Basic 6.0 යන ස්ටාට් මෙනු අයිකය මත R-Click කර Open File Location යන්න තේරීමයි.

2. දැන් VB6.exe අයිකනය select වී තිබේ. එය මත R-Click කර ලැබෙ මෙනුවේ Properties යන්න.

3. දැන් පහත ආකාරයේ ඩයලොග් බොක්ස් එකක් ලැබේ. එහි Compatibility ටැබ් එක තෝරා පෙන්වා ඇති වෙනස්කම සිදු කරන්න. OK කරන්න. දැන් VB ඕපන් කර බලන්න.

* මෙහිදී සිදු වන්නේ අදාල මෘදුකාංගය වින්ඩෝස් Xp වල හොඳින් වැඩ කරන නිසා වින්ඩෝස් 7 වලදීද වින්ඩෝස් Xp එම පරිසරයේම වැඩ කරන බව මෘදුකාංගයට දැන්වීමයි. මෙය මෘදුකාංගය රවටා අපේ වැඩේ ර ගැනීමය. පරණ වින්ඩෝස් සංස්කරණ වල වැඩ කරන එහෙත් අලුත් සංස්කරණ වලදී වැඩ නොකරන මෘදුකාංග ගේම් සඳහා මේ ක්‍රියාකාරකම කර බලන්න. හරියන ඒව තියෙන්න පුළුවන්.