Sunday, March 14, 2010

ඔබව දියුණුව කරා ගෙන යන එස් පහ (2 කොටස)

        එස් පහ ක්‍රමය නිසා ආයතනයක කාර්යක්ෂමතාව, නිවසක අලංකාරය, වගා බිමක සරු අස්වැන්න සියළු තැන්හි සුපිරිසිදු බව ඇති වෙයි. පළමු ලිපිය කියවූ නැති අය එම ලිපියත් කියවන්න.  අපි පළමු කරුණ සළකා බලමු.

1 - Seiri (整理) Sorting  - සෙයිරි (අනවශ්‍ය දේ ඉවත් කිරීම)
      අප ජීවත් වන වැඩ කරන අවට පරිසරයේ අපට නිතර අවශ්‍යය වන දේ මෙන්ම නිතර අවශ්‍යය නොවන දේවල්ද තිබෙනවා. එමෙන්ම කවදාවත්ම අපි ප්‍රයෝජනයට නොගන්නා දේවල්ද තිබෙනවා. අපේ නිවෙස් වලට බිස්කට් පෙට්ටියක් කිරිපිටි පෙට්ටියක් ගෙනාවොත් එහි ඇසුරුම එකවර ඉවත දමන්නේ නැත. එය ටික දිනක් නිවස තුළ තබාගෙන සිට එය ටිකක් පරණ වූ විට ඉවත දමයි. අනවශ්‍යය දේ ඉවත් කිරිම මෙහි පළමු පියවරයි. අප අවට ඇති බඩු බාහිරාදිය පහත පරිදි වෙන් වෙන්ව වර්ග කළ හැකිය. 1,2,3


අනවශ්‍යය දේවල් ඉවත් කළ හැකි ආකාරයන් 

  1. මූල්‍යමය වටිනාකමක් නැති අනවශ්‍යය දේවල්(පරණ ඇඳුම්, ඇසුරුම්) - පරිසරයට හානියක් නොවන පරිදි වහාම ඉවත් කරන්න. මේවා කොම්පෝස්ට් පොහොර සාදන ක්‍රමවේදයක් වෙත යොමු කළ හැක.
  2. මූල්‍යමය වටිනාකමක් ඇති අනවශ්‍යය දේවල්(පත්තර, බෝතල්) - විකිණීමට කටයුතු කරන්න.
  3. මූල්‍යමය වටිනාකමක් නැති භාවිතා කළ හැකි නමුත් අපට අනවශ්‍යය දේවල්(කුඩා වූ හොඳ ඇඳුම්, කුඩා වූ පාවහන්) - භාවිතයට ගත හැකි අයෙකුට පරිත්‍යාග කරන්න.


2 - Seiton (整頓) Straighten or Set in Order  - සෙයිතෝන්(අවශ්‍යය දේවල් විධිමත්ව ඇසිරීම)
       අනවශ්‍යය දේවල් ඉවත් කළ පසුව ඉතිරි වන්නේ අවශ්‍යය දේවල් පමණි. ඒවා නිසි පරිදි පිළිවෙළකට අසුරා තැබීමෙන් නැවත භාවිතයට ගැනීමේදී එය ඉතාමත් පහසුවක් වනු ඇති. 1,2,3,4,5

 අවශ්‍යය දෙවල් විධිමත්ව අසුරා තැබීම

  1. නිතර අවශ්‍යය වන දේවල් (කාමරයක පනාව,පරිගණකය, දුරකථනය, පර්ස් එක, ටී.වී රිමෝට් එක) ඉතා පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක තබන්න.
  2. ඉදහිට අවශ්‍යය වන දේවල් (පැරණි පොත්, සඟරා, කැමරාව) පහසුවෙන් ළගා විය හැකි ස්ථානයක තබන්න.
  3. ඉතා කළාතුරකින් අවශ්‍යය වන දේවල් (විශාල හැළි වළං, පිත්තල පහණ) වෙනම ස්ථානයක අසුරා තබන්න.
  4. අවශ්‍යය නොවන මුත් වටිනා දේවල්(සිහිවටන, ඇන්ටික් භාණ්ඩ) සුදුසු ස්ථාන වල අනෙකුත් වැඩ කටයුතු වලට භාධා නොවන පරිදි අසුරන්න.

2 comments:

  1. honda welawata ainstine newtan, dawin wage aya inna kale oya wage boru s5 weda thibbe ne,,,,,netnam apithama wanagatha wela....aluthin hithanna kisima awasthawak 5s wala ne...

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.