Tuesday, March 23, 2010

ඔබව දියුණුව කරා ගෙන යන එස් පහ (3 කොටස)


  පසුගිය සතියේ ලිපියෙන් අවශ්‍යය දෙවල් වෙන වෙන් වශයෙන් වෙන් කර ගත් පසුව ඒවා අසුරා තබන ආකාරය සලකා බැලුවා. අදාල බඩු බාහිරාදිය පිළිවෙළට ලස්සනට අසුරා තැබීමෙන් ඉතා ප්‍රසන්න බවක් හා විධිමත් බවක් ඇති වී සිත පවා පහන් වෙයි.
 
     එමෙන්ම අදාල දේවල් වල ලේබල් ඇලවීම මගින් ඒවා ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබේ. ලේබල් විවිධ වර්ණ වලින් භාවිතා කිරීමෙන් මෙම හඳුනා ගැනීම තවත් පසසු වෙයි. මුළුතැන්ගෙය සඳහා වෙනම පාටක්ද සාලයේ උපකරණ සඳහා තවත් පාටක්ද කාමර වල ඇති භාණ්ඩ සඳහා තවත් වරණයන්ගෙන්ද  ලේබල් භාවිතා කළ හැකිය. එවිට දුටු සැනින්ම අදාල භාණ්ඩ ‍කුමන ස්ථානයකට අයත් දැයි තීරණය කළ හැකිය. මුළුතැන් ගෙයි තුනපහ දමන බෝතල් වල ලේබල් සඳහා නම සමඟ අංක යෙදීමෙන් එහි සුපිළිවෙල තවත් පහසු වනු ඇත.
    අප අඳින ඇදුම් අවශ්‍යය වන අනුපිළිවෙල අනුව අයන් කිරීමෙන් අනතුරුව රෙදි එල්ලන රැක් වල එල්ලා තැබීම කළ හැකිය. ඔබ කාර්යාලයක සේවකයෙක් නම්. දින පහට ඇඳුම් පහක් තිබෙන්නට පුළුවන්. එම ඇඳුම් සෙට් පහ ඉරිදා දිනයේ සෝදා අයන් කර රැක් එකේ සදුදා දින අඳින ඇඳුම පළමුවත් අඟහරැවාදා අඳින ඇඳුම දෙවනුවත් ලෙස එල්ලා තැබිය හැකියි. මෙමගින් කාලය ශ්‍රමය මෙන්ම නොයෙක් වර අයන් එක රත් කිරීම වෙනුවෙන් වැය වන විදුලියද ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම යම් දිනයකදී විදුලිය ඇණ හිටීමක් සිදු වුවත් පොඩි වූ ඇඳුම් ඇඳීමට ඔබට සිදු නොවනු ඇත.

Seisō (清掃) Sweeping or Shining or Cleanliness (Systematic Cleaning): සෙයිසෝ(පිරිසිදු කිරීම)
   ඉහත සඳහන් පියවර දෙක අනුගමනය කළ විට නිවසේ හෝ කාර්යාලයේ උපකරණ පිළිවෙලට අසුරා ලේබල් කර ගත හැකිය. දැන් මෙහි ඇත්තේ අපට භාවිතයට අවශ්‍යය වන උපකරණ පමණි.  මෙසේ මෙම පියවර දෙක අනුගමනය කිරීමෙන් අනතුරුව අවට පරිසරය ඉතා හොඳින් පිරිසුදුව පවත්වාගෙන යාම කළ යුතුය. දිනකට විනාඩි කීපයක් හෝ මේ වෙනුවෙන් වෙන් කළ යුතුය.  මෙවැනි පරිසරයක් අප අවට පවත්වාගෙන යාමෙන් ඉතා ප්‍රසන්නව ජීවත් විමේ හැකියාව අපට හිමි වෙයි.
  1. නිතරම පිරිසිදු කළ යුතු දෙවල් (පිඟන් කෝප්ප)
  2. දිනපතා පිරිසිදු කළ යුතු දේවල්(මිදුල අතුගෑම, වැසිකිළිය සේදීම)
  3. දින කීපයකට වරක් පිරිසිදු කළ යුතු දේවල්(මල් පැළ වල අනවශ්‍ය කොළ ඉවත් කිරීම)
  4. සතියකට වරක් පිරිසිදු කළ යුතු දේවල් (මිදුලට පිටින් ඇති ඉඩම පිරිසිදු කිරීම)
  5. සති දෙකකට වරක් පිරිසිදු කළ යුතු දේවල් (ඉඩම පිරිසිදු කිරීම)
  6. මාසයකටරක් පිරිසිදු කළ යුතු දේවල් (නිවසේ මකුළු දැල් ඉවත් කිරීම)
    මෙහිදී යම් ස්ථානයක් හෝ දෙයක් අපිරිසුදු වූ සැනින්ම එය පිරිසිදු කළ යුතුය. එය තවත් කෙනෙකුට කිරීමට නොතැබිය යුතුය.  එමෙන්ම භාවිතයේදී. කැඩෙන බිඳෙන දේවල් හෝ ඉවත ලන ද්‍රව්‍යය ඉවත් කිරීමට විධිමත් ක්‍රමයක් මේ පිරිසිදු කරන අදියරේදීම සකසා ගත යුතුය. මුළුතැන්ගෙයින් ඉවත් කරන දේ හා වත්ත පිටියෙන් ඉවත් කරන දේවල් කොම්පෝස්ට් පොහොර සෑදීමට ප්‍රායෝගිකවම යොදා ගත හැකිය. කොම් පෝස්ට් පහසුවෙන් සාදා ගැනීමට මා භාවිතා කර ඇති ක්‍රමය ඉදිරියේදී ඔබට පෝස්ට් එකක් දාන්නම්. ඉතිරිය ලබන සතියේ ඉදිරිපත් කරන්න වෙන්නෙ නෑ. මොකද මම ලබන සතියේ යාපනයේ දවස් හතරක සංචාරයක් යනවා. ඊට පස්සේ සතියේ ඉතිරිය පොස්ට් කරන්නම්.


No comments:

Post a Comment

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.