Saturday, February 27, 2010

Face Book භාවිතයේදී පරෙස්සමෙන්

   ඔබ Face Book වැනි ඕනෑම සමාජ ජාල වෙබ් අඩවියක් භාවිතා කරනවානම් එහිදී විවිධ ආකාරයේ පුද්ගලයින් මුණ ගැහෙනවා. සමහරුන් එය භාවිතා කරන්නේ හොද අරමුණකින් වුවත් හැමෝම එහෙම නෑ. විවිධ අපචාර ක්‍රියා සිදු කිරීමේ අරමුණින් ඒ වටා රොක් වූ උපාසක බළලුන් විශාල ප්‍රමාණයක් එහි සිටිනවා. විශේෂයෙන් කාන්තා පාර්ශවය මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුමය. තමාගේ ඡායාරූප එක් කරන විට ඒවා නැවත සංස්කරණය කිරීමට අපහසුවන සේ Watermark යෙදීම වැනි උපක්‍රම භාවිතා කළ හැකියි. එමෙන්ම ඔබේ දුරකථන අංකයන් ලබා දිමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතුය. එවන් අයෙක් කාන්තාවන්ගේ දුරකථන අංක ලබාගෙන වෙනත් අඩවියක ඇයගේ පිංතූර සමග දුරකථන අංක යොදා ඇය ගණිකාවක් බව හුවා දක්වමින් ඇයට ලංසු ඉදිරිපත් කරන ලෙස දන්වා තිබූ පුවතක් මෑතකදී මා හට දැන ගන්නට ලැබුනා. සමහර විට එම වෙබ් අඩවිය ඔබේ නෙත ගැටෙන්නටත් ඇත.

   Face Book හි මෙවන් නරක මෙන්ම හොදද තිබේ. දෙස් විදෙස් විශාල මිතුරු පිරිසක් සමග සම්බන්ධ වී ඔවුන් සමග තොරතුරු හුවමාරු කර ගැනීම. විනෝදාස්වාද ක්‍රීඩා, දැන්වීම් , දැනුම බෙදා ගැනීම් වැනි වූ විශාල ප්‍රයෝජන ගණනාවක්ම තිබේ


ඇදුම මාරු කළා

ඔබේ පහසුව වෙනුවෙන් මගේ බ්ලොග් අඩවිය සරළ ලෙස ඉදිරිපත් කිරීමේ අරමුණ ඇතිව එහි වෙනස්කම් කීපයක් සිදු කර ඇති බව දැනුම් දෙමි. ඇවිත් බලන්න

Friday, February 26, 2010

ජීවිතයට වදනක් - 13

කරදර දහසක්                හමුවී
ඉන්නට හැකි              සිනාසී
ඔහු ‍‍‍මෙ‍ලොව පහල        ‍දෙවී
ර‍‍‍‍ජෙකැයි සිතනු           මැනවී

Thursday, February 25, 2010

ලොව හොඳම වයිරස් ගාඩ් එක මෙන්න


   අපට ක්ෂේත්‍රෙය්දී හමුවන පුද්ගලයින් විවිධ ආකාරයෙන් වයිරස් ගාඩ් ගැන අදහස් දක්වනවා. එහෙත් එම අදහස් දක්වන්නේ ඔවුන් ඒවා සියල්ලම අත්හදා බැලීමක් සිදු කර නොවෙයි. එහෙත් එවැනි පරීක්ෂණ පැවැත්වීමට බලපත්‍ර ලාභී ආයතන ලෝකයේ තියෙනවා. එවන් ආයතනයක් තමයි “TopTen REVIEWS“ ආයතනය. මෙම ආයතනයේ පරීක්ෂණ වලින් ලබාගත් ප්‍රතිඵල අනුව ලොව බහුලව භාවිතා වන වයිරස් ගාඩ් 22 ක් ඒවායේ ගුණ අගුණ අනුව පෙළ ගස්වා තිබෙනවා. (සැලකිය යුතු 2010 මුලදී)
        ෙමම පර්යේෂණය සඳහා ඔවුන් පහත මාතෘකා යටතේ නිර්නායක 93 ක් පමණ සලකා බලා තිබෙනවා. 
  • Ratings
  • Threat Detection
  • Additional Protection
  • Protection Technology
  • Scanning Capabilities
  • Additional Features
  • Updates
  • Certifications
  • Technical Support
  • Supported Configurations
  • Other Versions
      මේ වයිරස් ගාඩ් අතුරින් සෑම මිනිත්තු 5ත් 15 ත් අතරම යාවත්කාල කරන වයිරස් ගාඩ් එක වන්නේ හතර වන ස්ථානයේ සිටින Norton AntiVirus ගාඩ් එකයි. අනෙක්වා අවම වශයෙන් පැයක කාලයක සිට ඊට වඩා වැඩි වනවා. BitDefender Antivirus ගාඩ් එක පළමු ස්ථානයේ රැදී සිටින්නේ විශේෂයෙන්ම දෙවන ස්ථානයේ සිටින  Kaspersky Anti-Virus ගාඩ් එක වඩා සැලකිය යුතු ලෙස එහි මිළ අඩු (ඩොලර් 30) බැවිනි. එසේ නොවුනි නම් ඉහත නිර්නායක වලින් වැඩි ගණනක් සපුරා ඇත්තේ Kaspersky Anti-Virus ගාඩ් එකයි. නිතරම කතා බහ කරන AVG Anti-Virus හයවන ස්ථානයටත්  Avira AntiVirus නව වන ස්ථානයටත්  McAfee VirusScan 12 වන ස්ථානයටත් Panda Antivirus පහළොස් වන ස්ථානයටත් පත්ව තිබෙනවා. Kaspersky Anti-Virus ගාඩ් එක දැනට වෙළඳ පොලේ ඇති මිළ අධිකම වෛරස් ගාඩ් එකයි. එමෙන්ම මෙම ප්‍රතිඵල අනුව බලන කල ලොව ආරක්ෂාව අතින් ඉහළම වයිරස් ගාඩ් එකයි. 
  1.   BitDefender Antivirus
  2.   Kaspersky Anti-Virus
  3.   Webroot AntiVirus with SpySweeper
  4.   Norton AntiVirus
  5.   ESET Nod32 Antivirus
  6.   AVG Anti-Virus
  7.   F-Secure Anti-Virus
  8.   G DATA AntiVirus
  9.   Avira AntiVirus
  10. Trend Micro
  11. ViRobot esktop AVAST! Antivirus with Anti-Spyware
  12.  McAfee VirusScan
  13.  ZoneAlarm Antivirus
  14. CA Antivirus
  15. Panda Antivirus
  16. Vipre Antivirus + Antispyware
  17. CyberDefender Early Detection Center
  18. ParetoLogic Anti-Virus PLUS
  19. Norman Antivirus & Antispyware
  20. PC Tools AntiVirus
  21. ViRobot Desktop
  22. F-Prot
    ****පිළිවෙළින් 1,2 හා 3 ස්ථාන ලැබූ වෛරස් ගාඩ්****





****කරුණාකර ඔබේ අදහස දක්වන්න.

Wednesday, February 24, 2010

My Sql සිංහලෙන් (7 වන ලිපිය)

මේ ලිපිපෙළ මුල සිට කියෙව්වනම් My Sql දැනටමත් ලේසියි කයල හිතෙනවා ඇති ඔබට. ඔව් ඇත්තටම අමාරු දෙයක් නෙමෙයි. MS word තරම්ම ලේසියි.



දැන් බලමු character set එකක් නම් කර තිබෙන්නේ ‍කෙසේද කියා

mysql> show collation like 'latin1%';  කමාන්ඩ් එක දෙන්න.
8 rows in set (0.00 sec)



Collation
Meaning
latin1_german1_ci
German DIN-1
latin1_swedish_ci
Swedish/Finnish
latin1_danish_ci
Danish/Norwegian
latin1_german2_ci
German DIN-2
latin1_bin
Binary according to latin1 encoding
latin1_general_ci
Multilingual (Western European)
latin1_general_cs
Multilingual (ISO Western European), case sensitive
latin1_spanish_ci
Modern Spanish

මෙයින් පෙනෙනවා එකම නමින් යුත් character set එකකට collation උප වර්ග කීපයක් ඇතිබව. 4 රූපයේ default colomn  එකේ yes සටහන් ඇත්තේ latin1 සමග සම්මතව යෙදෙන collation එකයි. එනම් character set එකකට default collation එකට අමතරව ඊට අදාල අනෙක් collation ද භාවිතා කළ හැකිය. එහෙත්
·         වෙනස් වර්ගයේ character set සඳහා එකම collation එක තිබිය නොහැක.
·         සෑම character set සෙට් එකකට default collation එකක් ඇත.
·         4 රූපයේ default column එකේ yes ලෙස ඇත්තේ මෙම   default collation එකයි.
·          collation  වල සාමාන්‍යයයෙන් character set නමට පසුව language name එකද ඊට පසුව _ci (case insensitive), _cs (case sensitive), හෝ _bin (binary) වලින්ද අවසාන කෙරේ.

මේ පාඩමට character set  හා collation වල දැනුම එක් කලේ අපට සාමාන්‍යයන් ලංකාවේ අධ්‍යපන ආයතන වලදී මෙම කොටස් ගැන වැඩිදුර ඉගැන්වීමක් නොකෙරෙන බැවිනි.
මෙම ලින්ක් එක භාවිතා කලොත් මේ ගැන වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්. මා මීට වඩා මේ ගැන පැහැදිලි කරන්නේ නෑ .

My Sql කමාන්ඩ්ස් සමග කටයුතු කරමු.

1.       sumudu නමින් ඩේටා බේස් එකක් සෑදීම. (ඩේටාබේස් නම අකුරු 64කට වඩා අඩු විය යුතුය. එමෙන්ම ඩේටා බේස් හා ටේබල් නම් සදහා සිම්පල් අකුරු භාවිතා කිරීමත්, නමක වචන දෙකක් ඇති විට ඒ දෙක අතර අන්ඩර් ස්කෝ භාවිතා කිරීමත් වෙනස් වර්ගයේ මෙහෙයුම් පද්ධති වලදී මෙම ඩේටා බේස් එක භාවිතා කරන විටකදී ගැටළුකාරී තත්ත්වයන්ගෙන් මිදීමටද හේතුවක් වේ. එමෙන්ම My sql කී වර්ඩ්ස් ඩේටා බේස් හා ටේබල් නම් කිරීම සදහා යොදා නොගත යුතුය.)

mysql> CREATE DATABASE sumudu;
Query OK, 1 row affected (0.01 sec)

2.       sumudu ඩේටා බේස් එක තුලට ඇතුල් වීම. (ඇක්ටිව් ඩේටා බේස් එක බවට පත් කිරීම)
mysql> USE sumudu;
Database changed

3.       සියළුම ඩෙටා බේස් දර්ශනය කරන්න.
mysql> show databases;
+---------------------------+
| Database                   |
+---------------------------+
| information_schema |
| myshop                      |
| mysql                         |
| possystem                 |
| sumudu                      |
| workplace                  |
+---------------------------+
6 rows in set (0.01 sec)



4.       employee නමින් ටේබල් එකක් නිර්මාණය කිරීම. (මෙහිදී නිර්මාණය කරන ෆීල්ඩ් සදහා මුලින්ම ෆීල්ඩ් නම දෙවනුව එහි දත්ත වර්ගය තෙවනුව විශේෂ විකර්ණකාරක භාවිතා කෙරේ. මෙම දත්ත සටහනේ භාවිතා කර ඇත්තේ ෆීල්ඩ් සයිස් එක කොපමණද යන විකර්ණකාරකයයි. මෙහි ෆීල්ඩ් එකින් එක කොමා මගින් වෙන් කෙරේ )

(1)    mysql> CREATE TABLE employee (id int(4), name varchar(100), address varchar(120)
,salary int(6));

Query OK, 0 rows affected (0.03 sec)

(2)    mysql> CREATE TABLE employee1 (id int(4), name varchar(100), address varchar(120
),salary int(6))ENGINE=innodb;

Query OK, 0 rows affected (0.03 sec)

නමුත් 2 සලකන්න. මෙහිදී  කලින්ට වඩා අමතරව ENGINE=innodb කොටසක් එක් කර ඇත. එයින් කියැවෙන්නේ මෙම ඩේටාබේස් එක නිර්මාණය කිරීමට භාවිතා කර ඇත්තේ innodb යන ස්ටෝරේජ් එන්ජින් එක බවයි. ඩේටා ටේබල් නිර්මානය වන්නේ ඩේටා බේස් ෆෝලඩරය තුළ ෆයිල් වශයෙනි.

5.       දැනට සිටින ඩේටා බේස් එක තුළ ඇති සියළුම ටේබල් බලා ගැනීම සදහා.
mysql> SHOW TABLES;
+--------------------------+
| Tables_in_sumudu         |
+--------------------------+
| employee                        |
| employee1                      |
+--------------------------+
2 rows in set (0.00 sec)

මීළග ලිපියෙන් තවත් විස්තර සලකා බලමු. මේ ලිපි පෙළ ගැන ඔබේ අදහස් දක්වන්න. ගැටළු ඇත්නම් sumuduclass@gmail.com ලිපිනයට යොමු කරන්න. මෙහි අඩුපාඩු ඇත්නම් ඒවා පෙන්වා දීමට කාරුණික වෙන්න.

Monday, February 22, 2010

ජීවිතයට වදනක් - 12

සුදනෝ අනුන්ගේ දුකත් තමන්ගේ  දුකක් ලෙස සිතති.

Sunday, February 21, 2010

ජීවිතයට වදනක් - 11

දුර සිටින මිතුරාට වඩා ළග සිටින සතුරාව විශ්වාස කරන්න.


Share/Bookmark

අදරය කරද්දි වැඩියෙන් අවංක කව්ද?


     මේ  යටතේ කළ මත විමසීමට ලැබුණු ප්‍රතිචාරයයි මේ. මේ සදහා ඔබගේ මතය ප්‍රකාශ කළ ඔබ සියළු දෙනාටම මාගේ අවංක ස්තූතිය පිරි නමමි. මීලග මත විමසුම “ඔබ වැඩියෙන්ම ආදරය කරන්නේ කාටද?“

ජීවිතයට වදනක් - 10

සතුරා පරාජය කිරීමේ හොදම ක්‍රමය නම් සතුරා සමග මිතුරු වීමයි. එවිට ඔබට සිටි එක් සතුරෙකු අඩු වෙයි.

ජීවිතයට වදනක් - 9

නුවණැත්තා තමාට ලැබෙන අවවාද ජීවිතයට ආශීර්වාදයක් කර ගනී.

ඔබට ලැබෙන ආදරය අඩු වෙලාද?

      අප උපන් දා සිට තවත් කෙනෙකුගෙන් ආදරය බලාපොරොත්තු වෙනවා. මුලින්ම මව පියා සහෝදර නෑදෑ ආදී බොහෝ අය අපට අදරය කරනවා. කුඩා කළ අප දඩබ්බරකම් කළත් ඔවුන් ඒවා ඉවසනාවා. එහෙත් තරුණ වියට පත් විමත් සමග ඒ අය අපේ එවැනි ක්‍රියා අනුමත කරන්නේ නෑ.
     කුඩා කළ සිටම අනුන්ගේ ආරය දිනා ගැනීමට සමත් බොහෝ දෙනා වෙනත් අය කරන බොහෝ නුරුස්සන ක්‍රියා ඉවසන අයයි. අප කෙනෙකුට බැන්නත් ඔහු එය ඉවසා සිටිනවානම්, අපට වෙනසක් නොකර වෙනදා මෙන් හොදින් සලකනවානම් ඔහු කෙරෙහි ආදරයක් ඇති වෙනවා. ඉතින් ඉවසීම ආදරය දිනා ගැනීමේ ක්‍රමයක් කියා මට පසක් කර දුන් කෙනෙක් සිටිනවා. එම පුද්ගලයාට අදටත් මම ගොඩක් ආදරෙයි. බොහෝ දෙනාට මව පියා ඇසුරෙන් එය තේරුම් ගන්නට අපහසුයි. අප හොද හෝ නරක වැඩක් කළ අයෙක් වුනත් දෙමාපියන් අපට ඇති ආදරයේ අඩුවක් නෑ. නිතරම ඔවුන් අපගේ දියුනුවම ප්‍රාර්ථනා කරයි. යහ මගට ගැනීමට හැකි හැම දෙයක්ම කරයි. දරුවන් වෙනුවෙන් නොකරන දෙයක් නොමැත. එනිසා අප ජීවිතය තිබෙන තුරා අපි දෙමාපියන්ට ආදරය කරන්නෙමු. එහෙත් පිටස්තර අය අපට එතරම් ආදරය නොකරයි. ලොව සත්‍ය ආදරය ලැබෙන්නේ පෙම්වතිය හෝ පෙම්වතාගෙන් නොව, දෙමාපියනගෙන් බව අප සාමාජයේ ඇතැම් අයට පසක් වන්නේ අතමිට හිග වන කල්හි පෙම්වතා පෙම්වතියගේ හැසිරීම් දැකීමෙනි. දෙමාපිය ආශීර්වාදය නොලැබෙන කල්හි පෙම්වතා සමග හොරෙන් පැනල යන යුවතියන්ටද වැඩි කල් නොගොස් එය තේරුණ අවස්ථා ගැන අප බොහෝ උදාහරණ අසා තිබෙනවා.  ඔවුන් එයින් ලබන තෘප්තිය කොතෙක්ද. බොහෝ දෙනා ආදරය හැම විටම පරිත්‍යාගය මත පවතීයයි අර්ත විග්‍රහ කරන්නේ මේ නිසා විය යුතුය. ආදරය ලබන්නට නම් ආදරය ලබා දිය යුතුය. පරිත්‍යාග කළ යුතුය. ඉවසිය යුතුය.


Saturday, February 20, 2010

My Sql සිංහලෙන් (6 වන ලිපිය)


character-set හා collation

Mysql හි character-set යනු සංකේතයන් හා කේතකරණයන් (symbols and encodings) සමූහයක්. Collation යනු character-set හි ඇති කේතීකරණ සංකේත සසඳා බලනු ලබන නීති මාළාවක්. ‍ඔබ සිතන්න “A”, ”B”, ”a”, ”b” යන අක්ෂර හතර හැඳින්වීමට පිළිවෙලින් 0,1,2,3 භාවිතා කරනවා කියා. මෙහි A යනු සංකේතයයි. එය හැඳින්වීමට භාවිතා කරන කේතීකරණය වන්නේ 0 යි. මෙසේ සංකේත හා කේතීකරණ අතර ඇති සම්බන්ධතාව සහ එම කේතකරණයන් character-set ලෙස හදුන්වයි. මෙය charset ලෙස කෙටියෙන් භාවිතා කෙරේ .

අපට A හා B සංසන්දනය කිරීමට අවශ්‍යයයි සිතමු. A=0 සහ B = 1 බැවින් Aහෙවත් A හි අගය B ට වඩා අඩුය ලෙස කිව හැකිය. එසේ කියන්නේ අප දැනටමත් අපේ character-set එක සහා collation (සංචයනයක්) එකක් හෙවත් නීතියක් භාවිතා කර ඇති නිසාය. එනම් කේතීකරණ සංසන්දනය කිරීමයි. අප මෙවැනි කුඩා සියලු සංචයනයන් ද්ව්‍යන්ගී සංචයනයන් (Binary collation) ලෙස පොදුවේ හුන්වන්නෙමු. මෙහි කැපිටල් A හා සිම්පල් a අකුරු ඉංග්‍රීසි භාෂාවේදී එකම තේරුමක් ගෙන දුන්නද මේ සංචයනයන්ට අනුව ඒවාට වෙනස් අගයන් පවතී. (A=0 සහ B=2) මෙම තත්ත්වය “විභක්ති අචේතන“ (case-insensitive collation) සංචයන ‍ලෙස හදුන්වයි.

සර්වර් එක හා ක්ලයන්ට් මෘදුකාංගය අතර දත්ත හුවමාරුවේදී character sets සහ collations වලට ප්‍රධාන අවස්ථා හතරකට මුහුණ පෑමට සිදුවේ. ඒවා නම් server, database, table, සහ column යන අදියර හතරයි. මේ අනුව මේ දෙක අතර දත්ත හුවමාරුව සහා character sets සහ collations විසින් සිදු කරන කාර්යය කාටත් තේරෙන උදාහරණකින් සලකා බලමු.
මගේ ල තියෙනවා A4 කඩදාසියක්. මට පරිගණකයක් මිළදී ගැනීමට අවශයයි. හබැයි මට වියදම් කරන්න පුළුවන් රු 25000/- යි. ඒ වගේම පරිගණකය ඩුවල් කෝ වෙන්න ඕන. රැම් එක 1gb ඕන. හාඩ් එක 160gb ඕන. DVD රයිටර් එකක් ඕන. ඔය මූලික අවශ්‍යතා අනිවාර්යයි. මම A4 කඩදාසියෙ“ මේ අවශ්‍යතා ලියනවා. මට තියෙන උවමනාව පරිගණකයක මිළදී ගැනීම. මූලික අවශ්‍යතා ටික තමයි නීති රීති. මගෙ නම “ක්යන්ට්“. මම මේ අවශ්‍යතා ටික කොළයක ලියාගෙන යනවා ටවුමෙ තියෙන “සර්වර පීසී“ පරිගණක ආයතනයට. මම මගෙ මේ අවශ්‍යතා ටික ලියල තියෙන කොලේ පරිගණක කඩේ මල්ලිට දීල කියනව මට ඔය අවශ්‍යතා තියෙන පරිගණකයක් ගන්න පුළුවන්ද කියල. මිනිහ දහ අතේ කල්පනා කරනව මේව මේ ගානට දෙන්නෙ කොහොමද කියල. එයාගෙ අදහස මට පරිගණකය විකිණීම ඒත් එයා ආයතනය විසින් නියම කළ නීති රීති වලට යටත්වයි පරිගණකය විකිණිය යුත්තේ. ඔබට පෙනෙනවා නේද, මම පරිගණකය මිළ දී ගැනීමටත් ඒ මල්ලි මට පරිගණකය විකිණීමටත්, යන කාර්යය සඵල වීමට මේ දෙපාර්ශවයේම නීති රීති වලට යටත්ව මධ්‍යස්ථ තීරණයකට පැමිණිය යුතු බව. ඔහු කියනවා මේ ගානට ක්ලයන්ට් අයියට දෙන්න පුළුවන් වෙන්නෙ 80gb හාඩ් එකක් දාල 512 Ram එකක් දාල used monitor එකක් දාලයි කියල මට “Print කරපු A4 කඩදාසියක් පෙන්නල කියනවා. මේකෙ තියෙන ගනන් වලට අඩුවෙන් බඩු දෙන්න මට ආයතනයෙන් අවසර නෑ කියල . මම කියනවා එහෙනම් රැම් එකයි හාඩ් එකයි වෙනස් නොකර මොනිටර් එක used වුනාට කමක් නෑ කියල. එහෙනම් අයිය තව රු 2000/- ක් වැඩිපුර දෙන්න. මම ඒකට එකවෙනවා. ඔහු පරිගණකය විකුණනවා. මම මිළදී ගන්නවා. කාර්යය සම්පූර්ණයි. මම එක නොවුනනම් කාර්යය අසම්පූර්ණයි. එහෙම වුණානම් මල්ලිගේ කටින් පිටවෙන්නේ එරර් මැසේජ් එකක්. මම ඒ එරර් මැසේජ් එකත් අහල හිතට අරන් ආපහු එනවා.
මම - අවශ්‍යතාව - “පරිගණකයක මිළදී ගැනීම“
නීති රීති - “අතින් ලියු A4 කඩදාසියේ“
කඩේ මල්ලි - අවශ්‍යතාව - “පරිගණකයක විකිණීම“
නීති රීති - “Print කරපු A4 කඩදාසියේ“
මේක ‍අදහසක් ගන්න උදාහරණයක් විතරයි. හරියටම කෙරෙන කාර්යය නෙමේ. ඉතිං මේ වැඩේම තමයි වෙන්නෙ සර්වර් එක හා ක්ලයන්ට් මෘදුකාංගය අතර දත්ත හුවමාරුවේදී. දෙපැත්තෙම තියෙන character sets සහ collations යන සිස්ටම් වේරියබල් වලට අනුකූලව දත්ත හුවමාරුව සිදු විය යුතුයි.


1. සර්වර් එකෙහි(Server) =



character_set_server/collation_server





2. ක්ලයන්ට් එකෙහි(client) =
character_set_client/collation_ client
3. ඩේටා බේස් එකෙහි(database) =
character_set_database/collation_database
4. ඩේටා බේස් තීරු (colomn) =
character_set_ colomn/collation_ colomn
මුලින් සහන් කළ පරිදි නම් server, database, table, සහ column යන අදියර හතරටම character_set සහ collation බලපානව. එනම් ක්ලයන්ට් මෘදුකාංගයේ දත්ත ඇතුළත් කළ විට එය දත්ත ගබඩාවක දත්ත තැන්පත් වන ස්ථානය දක්වා ස්ථාන හතරකදී චෙක් පොයින්ට් හතරක් හමු වෙනවා. ඒ ස්ථාන වලදී සපුරා ලිය යුතු අවශ්‍යතා collation එකට පටහැනි වුවහොත් එතැනදී එරර් එකක් මතු වෙනවා එතැනින් ඉදිරියට යන්න දත්තයට බෑ. අපට මුලින් වුනා ‍වගේ sumudu කියන ඩේටා බේස් එකක් සර්වර් එක තුළ තිබියදී තවත් ඒ නමින්ම ඩේටා බේස් එකක් සෑදීමට යාමේදී මතු වූ එරර් එක මතකද?
mysql> create database sumudu;
ERROR 1007 (HY000): Can't create database 'sumudu'; database exists
මේ විදියට එරර් එකක් එන්නේ අප කරන කාර්යය සර්වර් එකේ collation වලට පටහැනි නිසයි. දැනට ඔබ භාවිතා කරන character set හා collation එක කුමක්ද? මේ සහා සමාගම විසින් ඉදිරිපත් කළ character set 36 ක් සහ collation 127ක් තිබේ.කොහොමද ඒවා බලා ගන්නේ.
mysql> show CHARACTER SET; හෝ mysql> show CHARSET;
mysql> show COLLATION;
මේ කමාන්ඩ් දෙක කොන්සෝල් එකේ දීල බලන්න. මෙයින් Mysql සහය දක්වන සියළුම CHARACTER SET සහ COLLATION බලා ගන්නට පුළුවන්. මෙහිදී ලැබෙන වගුවේ පරිදි ඕනෑම character_set එකක් හා collation එකක් මේ සඳහා භාවිතා කළ හැකිය. නමුත් සමාගම විසින් default value එක ලෙස සකසා ඇත්තේ අපිට මුලින් අන්ඩර දෙමළයක් වී තිබූ latin1 හා latin1_swedish_ci යන දෙකයි. කලින් C:\wamp\bin\mysql\mysql5.1.36\data\ පාත් එකේ sumudu ෆෝල්ඩර් එක තුළ තුළ තිබූ db.opt ෆයිල් එකේ තිබූ අන්ඩර දෙමළය දැන් ශුද්ධ සිංහල වූවා නේද?
default-character-set=latin1
default-collation=latin1_swedish_ci




දැන් අපි මේ default character set වෙනුවට වෙනත් character set එකක් භාවිතා කර ඩේටා බේස් එකක් සාදමු. පහත ආකාරයට කමාන්ඩ් දෙන්න.
mysql> CREATE DATABASE db1 CHARACTER SET dec8 COLLATE dec8_swedish_ci;
Query OK, 1 row affected (0.01 sec)

දැන් පෙර පරිදිම මීට අදාලC:\wamp\bin\mysql\mysql5.1.36\data\db1 හි ඇති db.opt විවෘත කරන්න. එහි ඇත්තේ අප ලබා දුන් character set එක හා collation එක නේද.


default-character-set=dec8
default-collation=dec8_swedish_ci
මීලග ලිපියෙන් හමු වෙමු.