

1 රූපය - Network crimping tool
2 රූපය - RJ-45 Connector
ගොඩක් ගෙවල් වල දැන් කම්පියුටර් 2 ක් තියෙනවා. එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකයි ලැප්ටොප් කම්පියුටර් එකයි තියෙනවා. ඒ දෙක තනි කේබලයකින් පහසුවෙන් නෙට්වර්ක් කරන්න ඔබටම පුළුවන්. ඔබට ඇති තරම් දිග ඇති cat 05 හෙවත් නෙට්වර්ක් කේබල් එකක් පරිගණක අළෙවි සැලකින් ලබා ගන්න. එහි දෙපැත්තට RJ45 clip දෙකක් ඔවුන් crossover ක්‍රමයට ක්ලිප් කරවා ගන්න. කේබලය මේ වගේ නේද?


දැන් කම්පියුටර් වල නෙට්වර්ක් කාඩ් ඔන්බෝඩ්ම තියෙනවා. සමහරවිට ඔබේ කම්පියුටර් එකේ එහෙම නොවෙයිනම් ඒක මුලින්ම නිරාකරනය කර ගන්න. ඒක හරියට තියෙනවානම් Device Manager පහත ආකාරයට Network Driver එක තියෙන්න ඕන.
දැන් වඩේ හරි කේබලය පරිගණක දෙකට සවි කරන්න. පසුව පහත රූපයේ ආකාරයට පරිගණක වල සැකසුම් වෙනස් කරන්න. Winkey + Pause/Break ප්‍රෙස් කළ විට පහත ආකාරයට system properties window එක ලැබේ එහි computer name --> change button
- computer Name = "Computer_01"
- workgroup = "Workgroup"
ලෙස ලබා දෙන්න. දෙවැනි පරිගණකයේ මේවා computer Name = "Computer_02" හෝ ඔබ කැමති නමක් යොදන්න. මෙම තොරතුරු වෙනස් කළ විට පරිගණකට රීස්ටාට් කිරීම කළ යුතුය. මෙහි "" ලකුණු නොයොදන්න. නමුත් දෙවැනි පරිගණකයේ workgroup = "Workgroup" ලෙසම තබන්න. නෙට්වර්ක් එකක workgroup එක එකම නමක් විය යුතු අතර computer Name පමණක් එකිනෙකට වෙනස්ය. මෙය workgroup එකක පදනමයි.
ඉහත අවශ්‍යතා සම්පූර්ණ නම් සිස්ටම් ට්‍රේ එකේ නෙට්වර්ක් අයිකන් එක පෙනෙන්නට පටන් ගනී. එය පහත පරිදි නොව එම අයිකනය මත කහ පැහැති කුඩා බෝලයක් වැනි දෙයක් පෙනේවි.
එම අයිකනය මත ඩබල් ක්ලික් කරන්න.
ලැබෙන වින්ඩෝවේ Properties button එක ක්ලික් කරන්න.
ලැබෙන වින්ඩෝවේ පහත චෙක් බොක්ස් දෙකම තික් කරන්න. ඉහත ඇති Internet Protocol(TCP/IP) ඩබල් ක්ලික් කරන්න. එවිට පහත වින්ඩෝව ලැබේ.
මෙහි දක්වා ඇති පරිදි පළමු පරිගණකයේ IP Address හා Subnet mask ටයිප් කරන්න. දෙවන පරිගණකයේද මේ ආකාරයටම IP Address හා Subnet mask ටයිප් කරන්න. එහි වෙනස් විය යුත්තේ IP Address පේලියේ අවසන් අගය වන 10 පමණි. එය 20 කරන්න. ඉන් පසු ok බට්න් එක ඔබන්න. අනෙක් විනඩෝවේද ok බට්න් එක ඔබන්න. ඉතිරි විනඩෝවේද close බට්න් එක ඔබන්න.
දැන් ඩෙක්ස්ටොප් එක මත ඇති My Network Place අයිකන් එක ඩබල් ක්ලික් කරන්න. එහි View Workgroup Computer මත ක්ලික් කරන්න.
දැන් නෙට්වර්ක් එකේ ඇති පරිගණක අපට දැක ගත හැකිය. පරිගණක දෙකේ හාඩ් ඩ්‍රයිව් ෂෙයා කිරීම මගින් එක් පරිගණකයක ඇති දත්ත අනෙකට හුවමාරු කිරීම කළ හැකිය. කරුමෙටවත් ඉහත විධියට පරිගණක නොපෙන්වයි නම් මේකත් කරල බලන්න.
Start--> Run --> (type) "\\computer_02" --> Enter
මේ විධියට විධානය දෙනෙ පළමු පරිගණකයේ සිටයි. දෙවන එකේ ඉදල නම්.
Start--> Run --> (type) "\\computer_01" --> Enter
විය යුතුයි. කරල බලන්න. අව්ලක් වුනොත් කමෙන්ට් එකක් දාන්න. හරිගියොත් ඒකත් කියන්න. මීළග ලිපියෙන් නෙට්වර්ක් ක්ලිප් වයර් සමග අමුණන විධිය බලමු.
ෂහ් මේක great tip එකක්... බොහොම ස්තුතියි ඔබෙ කාලයත් ශ්‍රමයත් කැප කරල මේවාගේ දේවල් දානවට... දිගටම අපිව දැනුවත් කරන්න... එක දෙයක් tool එක "Clipping" ද...? "Crimping" ද...? පොඩ්ඩක් බලන්නකෝ...
ReplyDeleteClipping tool ලංකාවෙ නම් ගොඩක් දෙනෙක් කියන්නේ Network Tool එක කියලා එහි තේරුම, තේරුමක් නැති වුනත් ඒ කියන්නේ Clipping tool එකට කියල අපි දැන ගත යුතුයි. Thanks for u'r comment
ReplyDeleteNo It should be correct as crimping tool. If you are not sure pls do google image seach for both words. :-D
ReplyDeleteඔයා හරි. crimping tool එකට තමයි අපි Clipping tool ,Network Tool කියන්න පුරුදු වෙලා ඉන්නෙ.මම ඒ වරද හදන්නම්. ස්තුතියි ගොඩක් මේ වරද පෙන්වල දුන්නට.
ReplyDeleteබොහෝම ස්තූතියි.....මම ලින්ක් එක සේව් කරගත්තා.....
ReplyDeleteනියමයි බ්‍රෝ. නියම වැඩක්..
ReplyDeleteවින්ඩොව්ස් 7 වලදී නෙට්වර්ක් කරන විදිහ වෙනස්ද?????
ReplyDeletewindows 7 waladi network karana widiha wenasda?
ReplyDeletedddd
ReplyDelete