Wednesday, February 17, 2010

ඔබ දුම් බොනවාද? එහෙනම් වසර අග රු 73000/-ක බෝනස් එකක්

ඔබ දුම් බොනවාද? එහෙනම් කෙදිනකවත් ඔබට ඔබේ දරුවාව දුම් පානයෙන් මුදවා ගත නොහැකිය. දෙවරක් සිතන්න.
ඔබගේ දරුවා පමණක් නොවේ ඔබේ බිරිද හා අසල් වාසීන් පවා ඔබ නිසා අක්‍රීයව දුම් පානය කරනවා. ඔබ දවා ලන්නේ ඔබව පමණක් නොවේ මුළු රටේම අනාගතයයි. දිනකට සිගරැට් 10ක් බොන අයෙකු ඒ වෙනුවෙන් රු 200/- පමණ වැය කරනවා. එනම් වසරකට 200/- x 365 = 73000/-ක් වැය කරල නේද. ඔබ ඔබේ දරුවාට, බිරිදට අසල් වාසියාට තිළිණ කරන්නේ පිළිකාවක්ද?
වැරදි කා අතිනුත් වෙනවා. (වැරදි නැති කෙනෙක් මෙදියත උපදනේ නැත) කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් සිදුහත් කුමාරය, යශෝධරා දේවිය හා රාහුල පුතුව තනිකර දමා යාමත් වරදක් කියා. නමුත් අපිට වැරදි හදා ගන්න දවසක් එනවා. ඒ දවස අදයි. බුදුන් වහන්සේ පවා යශෝධරාවට සහ රාහුල කුමරුට නිවන් මග පෙන්වා දෙමින් තම වරද නිවැරදි කර ගත්තා. ඔබටත් පුළුවන් අදම තීරණය කරන්න වසර අග රු 73000/- බෝනස් මුදල අපහසුවකින් තොරව ලබා ගැනීම සදහා.

2 comments:

  1. අපි හරිම පුදුම සත්තු ටිකක්. හිතුවක්කාරකම්, අනතුරුදායක වැඩ, මොඩකම් මෙ හැම දෙයක්ම එකට කැටි වෙලා. හරිම ලස්සනයි. අරක්කු,සිගරට අහිතකරයි කියලා හැමොම දන්නවා. නමුත් බොනවා. එකයි තමුන්ගෙ අතින්ම තමුන්ගෙ බෙල්ල කපා ගැනිම

    ReplyDelete
  2. අනෙ බන්....

    ආපේ රටේ සිග‍්රට් එකක් බොන්නවත් නිදහසක් නෑනෙ...

    Tax අඩු කලා නම් හ‍්රි නෙ....

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.