Sunday, February 7, 2010

My SQL ගැන දන්න හැටියට සිංහලෙන්




මේ මෘදුකාංගය ඕපන් සෝස් වර්ගයේ නිසා අප කාටත් තහනමක් නැතිව නොමිලේ ලබාගෙන මෙය භාවිත කිරීමට පුළුවන්. මයික්‍රෝසො‍ෆ්ට් ඇක්සස් වගේ ඩේටා බේස් හදා ගන්න මේකෙනුත් පුළුවන්. මේ පිංතූරයේ ඉන්න මහත්තය තමා ‍මේ මාදුකාංගයේ නිර්මාතෘ. එතුමාගෙ නම Michael Widenius වුනත් ගොඩක් දෙනෙක් එයාව හදුන්ව‍න්නේ “Monty”කියල. ඉපදුනේ 1962 මාර්තු 03 දා පින්ලන්තයේ Helsinki ප්‍රදේශයේ.

මේ මහත්තය වැඩකලේ 1985 දී Allan Larsson මහත්තයා සමග‍ Swedish company TcX ආරම්භ කළා. මෙයා 1979 දී නිර්මානය කලා ඩේටාබේස් සිස්ටම් එකක් එහි නම UNIREG නමුත් මේ ඩේටාබේස් සිස්ටම් එක Structured Query Language (SQL) වලට සහයෝගය දැක්වූයේ නෑ. ඉතින් ටික කලයකින් මේ ඩේටාබේස් සිස්ටම් එක පරිහානියට ගියා. මේ අතර David Hughes මහත්මා විසිනුත් Structured Query Language (SQL) වලට සහයෝගය දක්වන ඩේටාබේස් සිස්ටම් එකක් නිර්මාණය කලා. එත් ඉතිං ඒක මිෂෙල් මහත්තයලට දෙන්නෙ නෑ‍නෙ.http://sumudublog.wordpress.com/wp-includes/js/tinymce/plugins/wordpress/img/trans.gif

ඉතිං අපේ මිෂෙල් මහත්තය තනියම වැඩේට බැස්ස. අලුත් ඩේටාබේස් සිස්ටම් එකක් හදන්න. මෙයා හොදින් වැඩේ කරගෙන යනවිට එයාගේ සහයට තවත් කෙනෙක් පැමිණියා. ඒ තමයි David Axmark. 1996 දී MySql හි පළමු සංස්කරණය එළි දැක්වීමට මේ දෙදෙනාට හැකි වුනා. අපේ මිෂෙල් මහත්තයාට 2002 හා 2003 වසර වල දී ෆින්ලන්තයේ හොදම මෘදුකාංග ව්‍යවසායකයාට හිමි සම්මානය පවා ලැබුනා. 2008 ජනවාරි මාසයේදී ඔහු විසින් ආරම්භ කළ මේ MySql AB ව්‍යාපෘතිය Sun Microsystems සමාගමට විකුණනු ලැබුවා. මෙයින් ඔහු ලැබූ ආදායම යූරෝ මිලියන 16.5 ක්. මේ නිසා ඔහු එම වසරේ පින්ලන්තයේ ප්‍රමුඛ ධනවතුන් දස දෙනා අතරට පවා පැමිනියා. එහෙත් ඔහු සන් සමාගමේම ප්‍රධාන MySql විධායක නිළධාරියා ලෙස කටයුතු කළා.

2009 පෙබරවාරි 05 වැනිදා ඔහුගේ බ්ලොග් සටහනක් මගින් කියා සිටියෙ Sun Microsystems සමාගම හැර යාමට කාලය පැමිණ ඇති බවයි. ඔහුට පළමු විවාහයෙන් මැක්ස් නැමති පුතක් හා දෙවැනි විවාහක බිරිද වන ඈන් හටද මිරා නැමති දියනියක්ද සිටිනවා.

කෙසේ වෙතත් දැන් මිෂෙල් මහත්තයා වැඩ කරන්නේ එයාගේ දියනියගේ නමින් පටනගත් නව සමාගමකයි. ඒ තමයි MariaDB.

3 comments:

  1. ‍මෙහි දෙවන කොටසින් My Sql භාවිතය පිළිබදව බලාපොරොත්තු වන්න.

    ReplyDelete
  2. එළ එළ.. Intro එකට ගොඩක් ස්තූතියි.. :)

    ReplyDelete
  3. http://thebusride.com/ride/sumudu-s-mysql-lesson

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.