Friday, February 12, 2010

ඔබේ පරිගණකයේ ඇති මෘදුකාංග වල අළුත්ම වෙළුම් හරියටම දැන ගන්න. තැන මෙන්න

මට ගොඩක් දවසක ඉදල වුවමනා වෙලා තිබුනා, මගේ ටී වී ප්ලේයර් ‍මෘදුකාග‍යේ අලුත්ම සංස්කරණය බා ගන්න. නිශ්පාදකයාගේ සයිබර් තැන්නටත් ගිහින් බැලුවා. වැඩේ ලේසි වුනේ නෑ. එහෙට මෙහෙට ගූගල් කලා. මෙන්න අලුත් ගැජට් කෑල්ලක් හම්බ වුනා. මට හම්බවුනේ පළවෙනි වරට වුනාට ඔයාල කලින් දන්නවත් ඇති. ඒ ගැජට් කෑල්ල මෙතැනින් ගියොත් ඔයාලටත් ගන්න පුළුවන්. කිලෝ බයිට් 727යි. මේක නිසා මට විනාඩි කීපයකින් මගේ ටී වී ප්ලේයර් ‍මෘදුකාග‍යේ අලුත්ම සංස්කරණය බා ගන්න හැකි වුනා.



මේ මෘදුකාංගය පරිගණකයට ස්ථාපනය කළාම එය ඔබේ පරිගණකයේ දැනට ස්ථාපනය කර ඇති මෘදුකාංගවල මොනවාදැයි සොයා බලා එහි නවතම සංස්කරණ ගැන විස්තරයක් ඊට ඉදිරියෙන් පෙන්වනවා. එතැනින් ක්ලික් කරල සයිබර් තැන්නට කෙලින්ම යන්නත් පුළුවන්. අළුත්ම මෘදුකාංග සංස්කරණය බා ගන්නත් පුළුවන්.
මේ සයිට් එකේ එකව්න්ට් එකක් හදා ගත්තොත් වැඩේ තවත් ලේසි වෙනවා හදල බලන්න. මොකද අපිට ඕන මෘදුකාංග ලිස්ට් එකක් වෙනම හදා ගන්න පුළුවන්නෙ. මේ මෘදුකාංගයෙනුත් අලුත් තොරතුරු එහෙම (Notification) ලැබෙනවා.
මේ අලුත් ගැජට් කෑල්ල නිසා ඔබට ඕන කරන අලුත් මෘදුකාංග වල අලුත්ම සංස්කරණ හොය හොය සයිබර් තැනි වල රස්තියාදු වෙන්න ඕන වෙන එකක් නෑ. මේ ගැන ඔබේ අදහසත් දෙන්න මැලි වෙන්න එපා.

සැ:යු මෙහි "සයිබර් තැන්න" ලෙස භාවිතා කලේ ‍web site යන්නටයි. මේක මටම හිතුන වචනයක්. හොදද මන්ද. මමනම් ආසයි.

2 comments:

  1. මම දාගෙන බලන්නයි යන්නේ. තියෙන ඔත්තුවෙ හැටිය​ට නමි පහරක් වගේ.

    ReplyDelete
  2. හෙ හේ මමත් හොය හොය හිටියෙ මේකනේ. තැන්කූ තැන්කූ අයියේ!

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.