Monday, February 15, 2010

My Sql සිංහලෙන් (4)

My Sql සංකීර්ණ වූ වෙබ් පාදක කොටගත් මෘදුකාංග සමඟ බෙහෙවින් භාවිතා කෙරේ. එමෙන්ම අඩු ආයෝජනය වැඩි ප්‍රතිලාභ, දත්ත වල ආරක්ෂාව , භාවිතා කිරීමේ පහසුව වැනි කාරණා නිසා My Sql විශාල වශයෙන් දත්ත පාදක කරගත් මෘදුකාංග සහා භාවිතා කරයි. සමාගමේ නිර්දේශය අනුව නිවෙස් භාවිතය කාර්යාල භාවිතය හා කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සහා මෙම නොමිලේ ලබා දෙන My Sql සංස්කරණය භාවිතා කළ හැකි බවයි. විශාල පරිමාණයේ ප්‍රසිද්ද ව්‍යාපාරිකයන් ව Motorola, Sony, NASA, HP, Xerox, Silicon Graphics යන ආයතන විසින් තම දත්ත පද්ධති ලෙස භාවිතා කරන්නේ My Sql ය.

My අතහැර SQL හි අරුත කුමක්ද? SEQUEL යනු එහි මුල් නමයි. ආධුනික බොහෝ දෙනෙක් මේ ගැන සොයති. SEQUEL 1970 දී නීතිමය හේතූන් මත SQL ලෙස නම් වෙනස් කරන ලදී. SQL හි තේරුම Structured Query Language යන්නයි. මුලින් එහි නම හැදුවේ පහත පරිදිය.

Structured English Query Language = SEQUEL

SQL යනු දත්ත ගබඩා වල ඇති දත්ත හැසිරවීම සහා භාවිතා කරන නීති මාළාවකි. දත්ත හැසිරවීමේ පරිගණක භාෂාවකි (මීට වඩා අර්ථකතනයක් දිය හැකි වුවත් මෙය හොටම ප්‍රමාණවත් වෙයි. මෙය ඉංග්‍රීසි භාෂාවෙන් භාවිතා කෙර්. SEQUEL යන්න සහා E අකුරක් පැමිණ ඇත්තේ මේ නිසාය. My Sql යනු RDBMS (Relational Database management System) වර්ගයේ එකකි. මෙහිද SQL භවිතා කෙරේ.

මා විසින් මුලින් ලිපියක සහන් කළ පරිදි WAMP Server එක ඔබේ පරිගණකයට පිහිටුවාගෙන ඇතැයි සිතමි. WAMP Server නිර්මාණය කර ඇත්තේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ භාවිතා කිරීමටයි. WAMP යන්නෙහි අරුත;

WAMP = Windows, Apache, MySQL, PHP

Windows - මෙහෙයුම් පද්ධතියකි

Apache - වෙබ් සර්වර් එකකි

MySQL - ඩේටා බේස් මෘදුකාංගයකි

PHP - ලියන භාෂාවක් (ස්ක්‍රප්ටින්)

ඔබේ පරිගණකයට WAMP සර්වරය පිහිටුවන විට ඉහත සඳහන් අනෙක් මෘදුකාංග හා අවශ්‍යතාද සැපිරෙන බව කිව යුතුය. දැන් ඔබට MySQL ගැන වැටහීමක් ලැබෙන්නට ඇති. දැන් අපි MySQL භාවිතයට පිවිසෙමු.

දැනට ඔබගේ පරිගණකයේ සිස්ටම් ට්‍රේ එකේ WAMP සර්වරයේ අයිකන් එක පෙනෙන්නට නැත්නම් start -> All programs ->Wamp Server-> Start Wamp Server මත ක්ලික් කරන්න. එවිට සිස්ටම් ට්‍රේ එකේ WAMP සර්වරයේ අයිකන් එක පෙනෙන්නට පටන් ගනි.

මෙහි අයිකනය මත left click කර Start All Service මත click කරන්න. දැන් දෙවන ලිපියේ පරිදි my Sql console එක ඕපන් කර ගන්න.

මෙහි \h හෝ \help ටයිප් කර එන්ටර් කරන්න.

මෙවන් දෙයක් ලැබුනාද my sql වල "\" සමඟ භාවිතා කරන උදව් විධාන කීපයක් දක්නට ලැබේ. කියවා තේරුම් ගන්නට උත්සාහ කරන්න.

දැන් පහත පරිදි කමාන්ඩ් කීපයක් ටයිප් කර එන්ටර් කර බලන්න.

mysql>select 25+5;

mysql>select 25-5;

mysql>select 25*5;

mysql>select 25/5;

mysql>\q කොන්සෝලයෙන් ඉවත් වීමට.

පිළිතුරු ලැබෙන විදිය බලන්න. අමුතුයි නේද? අදට ඇති වගේ ඊළඟ ලිපියෙන් ඉතිරි කොටස බලාපොරොත්තු වන්න.

7 comments:

  1. අර මොකාද එකා මොකද්ද එක පාවිච්චි කරන්න වගේ MySQL පාවිච්චි කලාට ඕකෙ අගක් මුලක් විධිමත් විදියට දැනං හිටියේ නෑ.

    මේක ගැන සවිස්තරව ලියන්න කියල ඉල්ලනවා.

    ReplyDelete
  2. හොදයි. තව ,මම පාඩමේ කෝඩින් කරද්දිත් ඕනම කෙනෙක්ට පැහැදිලි වෙන විදියට ලියන්නම්. මේ විස්තර පැහැදිලිද?

    ReplyDelete
  3. @සුමුදු: නෑ, මේකෙ අඩුවක් පාඩුවක් නෑ. ජය!

    ReplyDelete
  4. ඇත්තටම වැදගත් ලිපි පෙලක්.. ගොඩක් අයට මේ ලිපි පෙලෙන් ඉඟන ගන්න ගොඩක් දේවල් තියනව.. දිගටම ලියමු. සුභ පැතුම්!

    ReplyDelete
  5. හොඳ උත්සාහයක්, දිගටම ලියන්න.අතාරින්න එපා...

    ReplyDelete
  6. ඔබ සියළු දෙනාටම ස්තූතියි. කමෙන්ට්ස් කුඩා වුනත් එයින් ලැබෙන ධෛර්යය අපමණයි. මේ ලිපි පෙළ දිගටම ලියන්නයි අදහස. මම කැමතියි මේ ලිපි පෙළ වැඩි දෙනෙකුට ප්‍රයෝජනයක් වෙනවට.

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.