සුමුදුගෙ සයිබර් සටහන් අවකාශය
උපන් දා සිට අප හැම කෙනෙක්ම අධ්‍යපනය මෙන්ම අත්දැකීම්ද අත්පත් කර ගනු ලබනවා. එයින් බිදක් මේ. විශේෂයෙන් මෙහි තාක්ෂණික තොරතුරු ඇතුළත්ය.
Friday, September 23, 2011
Tuesday, December 21, 2010
කොන්දොස්තරලාගේ කොල්ල කෑම
බස් එකේ යන්න ටිකට් එකක් ගත්තම ඉතුරු සල්ලි නොදී රුපියල් දෙක තුනකට විදින කොන්දොස්තරලා ආසන්න වශයෙන් දිනකට රු 1200/- ක් හෝ ඊට වැඩියෙන් මහජන මුදල් කොල්ල කයි. මෙයට විරුද්ධ වන්න. එමෙන්ම හැකි සෑම විටම අවශ්‍යය මාරු කාසි ළග තබා ගන්න. එමෙන්ම කෙනෙකුගේ ආත්ම ගරුත්වයට හානි වන අයුරින් කොන්දොස්තර ක්‍රියා කරයි නම් එයට විරුද්ධ වීමට සැම දෙනාටම අයිතියක් ඇත.
මෙනුව:
දැන්වීමයි
| කෙටි ප්‍රතිචාර: |
Monday, December 20, 2010
ජීවිතයට වදනක් 47
ඕනෑම අයෙකු සමග සහයෝගයෙන් ජීවත් වීමේ හැකියාව ඉගෙනීමට ජලය ආදර්ශයට ගන්න. ජලය එය අඩංගු භාජනයේ හැඩය ගනී.
මෙනුව:
ජීවිතයට වදනක්
| කෙටි ප්‍රතිචාර: |
Sunday, December 19, 2010
ජීවිතයට වදනක් 46
“හැම පිරිමියම ඔහොමයි මට එපා වෙලා තියෙන්නෙ“ එහෙම හිතන්න වෙන්නෙ ඔබේම අඩුපාඩුවක් නිසා.
මෙනුව:
ජීවිතයට වදනක්
| කෙටි ප්‍රතිචාර: |
Sunday, December 5, 2010
ජීවිතයට වදනක් 45
ඔබ කරන හැම ක්‍රියාවකම ප්‍රථිඵලයක් ලැබෙනු ඇත. හොද ක්‍රියාවක්නම් හොද ප්‍රථිඵලද නරක ක්‍රියාවක් නම් නරක ප්‍රථිඵලද ලැබේ.
මෙනුව:
ජීවිතයට වදනක්
| කෙටි ප්‍රතිචාර: |
Friday, October 15, 2010
ජීවිතයට වදනක් 44
ඔබට අලුත් වන්නට නැකතක් අවශ්‍යය නැත. දැන් එයට හොදම වෙලාවයි.
මෙනුව:
ජීවිතයට වදනක්
| කෙටි ප්‍රතිචාර: |
ඔබේ වෙළද ව්‍යාපාරයට නියම මෘදුකාංයක්
ඔබ වෙළද ව්‍යාපාරයක සිල්ලර කඩයක ආදී හිමිකරුවෙකු වන්නට පුළුවන්. එදිනෙදා ගණන් තැබීම් බිල්පත් නිකුත් කිරිම්, කොටේෂන් නිකුත් කිරීම් ආදී කටයුතු අතින්ම කිරීම ඉතා අපහසු වෙහෙසකර කාර්යයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. සදහා පරිගණකය භාවිතා කරන්නට පුළුවන් වුනත් අපි හොයන විදියේ නිකන් දෙන Billing Software නෑනෙ. මේ මෘදුකාංගය එයට හොද විකල්පයක් වේවි. එදිනෙදා ලාභ අලාභ ආදී රිපෝට් ගණනාවක්ම මෙයින් ලබා ගත හැකි.
හැබැයි මේක නිකන් දෙන්නෙ නෑ. ඔබේ පහසුව තකා සුමුදු අය්යා Crack ෆයිල් එකත් එක්කම බා ගන්න පුළුවන් විදියට වැඩේ සෙට් කරන්නම්. Torrent Link එකක්.
හැබැයි මේක නිකන් දෙන්නෙ නෑ. ඔබේ පහසුව තකා සුමුදු අය්යා Crack ෆයිල් එකත් එක්කම බා ගන්න පුළුවන් විදියට වැඩේ සෙට් කරන්නම්. Torrent Link එකක්.
- මෙන්න කොටන්න ඕන තැන
- සයිස් එක = 12.1 MB
- 100% ක් වැඩ
- සයිට් ලින්ක් එක
- අලුත්ම සංස්කරණයයි මේ
- වින්ඩෝස් 7 එක්කත් වැඩනේ ඉතිං
* ඔබ Download කරගත් ෆෝල්ඩරය පහත අයුරින් පෙනේවි
* kbilling_istaller ඩබල් ක්ලික් කර මෘදුකාංගය ස්ථාපනය කරන්න
* අනතුරුව මෘදුකාංගය විවෘත කරන්න. එවිට පහත ආකාරයේ මෘදුකාංගය Register කරන මෙන් දන්වමින් තිරයක් ලැබේවි.
* මෙය වසා දමා Desktop එක මත ඇති kBilling අයිකනය මත Right Click කර Open file Location තෝරා Instalation පාත් එක සොයා ගන්න.
* දැන් ඔබ Download කරගත් ෆෝල්ඩරය තුල ඇති, crack ෆෝල්ඩරය තුල ඇති kbilling.exe ෆයිල් එක කොපි කර ගන්න. එය කලින් විවෘත කරගත් Instalation පාත් එකට පේස්ට් කරන්න. Replace කරන්න.
* දැන් මෘදුකාංගය හොදින් වැඩ කරාවි. පහත දක්වා ඇත්තේ එහි Screen Shot කීපයකි. අත්හදා බලන්න. ඇත්තටම හොදද කියල.
මෙනුව:
තාක්ෂණික
| කෙටි ප්‍රතිචාර: |
Tuesday, October 12, 2010
ජීවිතයට වදනක් 43
යුද්ධයක් නිර්මාණය කිරීමට තත්පර කීපයක් වුවද සෑහේ. එහෙත් සාමය ඇති කිරීමට විශාල කාලයක් ගත වෙයි.
මෙනුව:
ජීවිතයට වදනක්
| කෙටි ප්‍රතිචාර: |
Monday, September 20, 2010
ජීවිතයට වදනක් 42
‘‘පස කොතරම් සරු වුවත් වගාවක් නොකරන්නේනම් ඉන් ඵලක් නැත“
ඔබ සතුව කොතරම් දැනුම තිබුනද එය කට මැත දෙඩවීමට පමණක් සිමා වන්නේ නම් ඉන් ඵලක් නොමැත. ඔබේ දැනුම භාවිතා කර සමාජයටත් ඔබටත් ඵලදායී වැඩදායී යම් කාර්යයක් කරන්නේනම් එම දැනුම ප්‍රයෝජනයට ගත හැකිය. ‘‘මෝඩයාට දැනුම ආභරණයකි. නුවණැත්තාට එය අයුධයකි“
මෙනුව:
ජීවිතයට වදනක්
| කෙටි ප්‍රතිචාර: |
වෛද්‍ය වරුන්ගේ හිසට අකුණු සන්නායකයක්
බුද්ධ කාලයටත් එහා සිට වෛද්‍යවරුන් මිනිසාගේ, සතුන්ගේ හා ගස්වැල්හි යහපත් වූ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම අරඔයා අති මහත් සේවයක් කොට තිබේ. බුද්ධ කාලයේ බුදුන්ටත් වෙදකම් කළ ජීවක නැමති වෙදැදුරා ගැන කියැවෙයි. “ආරෝග්‍යා පරමා ලාබා“ ලෙස බුදුන් වදාලේද නිරෝගීව සිටීමේ වැදගත්කම හුදී ජනයාට අවබෝධ වනු පිණිසය.
ශ්‍රී ලංකාවේද අපිද අපටම ආවේණික වූ ඉතා ප්‍රබල වූ ආයුරුවේද වෛද්‍ය ක්‍රමයකට හිමිකම් කියන්නෙමු. අදටත් පාරම්පරික ආයුරුවේද වෛද්‍යවරුන් තම අමිල වූ සේවාව ජනතාව උදෙසා ලබා දෙන්නේ මිළ මුදල් සදහාම නොවේ. එහෙත් අද කාලයේ මිනිසුන් ආයුරුවේදය වෙත යොමු වන්නේ ඉංග්‍රීසි බෙහෙත් වලින් නිසි ප්‍රයෝජනයක් නොලැබුනු විටදීය.
මා කුඩා කාලයේ මගේ මල්ලීට සහ නංගීට බඩේ අමාරුවක් හෙම්බිරිස්සාවක් වැනි සාමාන්‍ය අසනීප තත්ත්වයකදී කරන විශාල අත් බෙහෙත් ප්‍රමාණයක් දැන සිටියහ. එහෙත් අද දෙමාපියෝ තම දරුවන් ඉතා කුඩා අසනීප අවස්ථාවකදී වුවත් විශේෂඥ වෛද්‍යවරුන් වෙත යන්නේ විලාසිතාවකට මෙනි. පසුව ඒ වෙනුවෙන් මෙපමණක් වියදම් වුනා යනුවෙන් තම මිතුරියන් සමග පවසන්නේ මහත් උජාරුවෙනි. මෙය අපේ රටේ දොස්තර කාක්කනට නම් ඉල්ලමකි. ඔවුන් මේ මෝඩ අම්මලාව නැවත ගෙන්වා ගැනීමට විවිධ අන්දමේ උපක්‍රම භාවිතා කරති. මෙවන් දොස්තරලා රජයේ රෝහලේදී මෙන් නොව පුද්ගලික රෝහලේදී ඉතාම කරුණාවන්තය. ඔහුව හමු වීමට කලින්ම මුදල් ගෙවා තුණ්ඩුවක් ගත යුතුය. මේ අය අතර දෙවි දේවතාවුන් වැනි දොස්තරලාද සිටී. ඔවුන්ට මා හිස නමා ආචාර කරමි.
එහෙත් මහජනයාගේ මුදල් වලින්ම ඉගෙන ගෙන දොස්තර වරුන් වී අසරණ මහජනයාවම සූරාගෙන කන මෙවන් පෙරේත කාපාළුවන්ට යන්නට වෙනම අපායක් තැනිය යුතුය. වෛද්‍යවරයෙකු වීමට යනු ඉතාම මහන්සි වී කැපවීමෙන් ලබා ගන්නා තත්ත්වයකි. එයිනුත් විශේෂඥ ලේබලය අලවා ගැනීම තවත් අපහසුය. ඔවුන් ඇත්තෙන්ම දක්ෂයන්ය. අසරණ රෝගීන් දින ගණන් රජයේ රෝහල් වල රස්තියාදු වි බැරිම තැන පුද්ගලික රෝහල් කරා යති. සමහර සායන වලට තුණ්ඩු දෙන්නේ සීමිත ගණනක් නිසා දුර බැහැර සිට එන ඇතැම් රෝගීන්ට මේ සීමිත තුණ්ඩු දීම නිසා කවදාවත්ම තුණ්ඩුවක් ගැනීමට නොහැකි වෙයි. එබැවින් ඔවුන්ට කරන්නට ඇති එකම විකල්පය පුද්ගලික රෝහල්ය. මේ අසරණ රෝගීන් ඇතැම්විට රටටම බත සපයන ගොවීන්ය. දොස්තරලාට පවා බත් පත සරි කරන්නේ ඔවුන්ය. ණයට සොයාගෙන එන මුදලින් රු 500/- ට එහා මුදලක් මේ මළ පෙරේතයන්ව චැනල් කිරීමට වැය කරන්නට සිදු වෙයි. ලෙඩාව පරීක්ෂා කරන දොස්තර තුණ්ඩුවක් ලියා දෙන්නේ අහවල් දින රජයේ රෝහලේ තමාගේ සායනයට සහභාගී වන ලෙස දන්වමිනි. එදාට සායනයට යන මේ ලෙඩාට තුණ්ඩු අවශ්‍යය නැත. රෝහල් තුණ්ඩු ගනමින් රස්තියාදු වන්නට සිදු නොවෙයි. කෙලින්ම දොස්තර ළගට යත හැකිය. මෙසේ අසරණ රෝගීන්ගේ රෝගයක් උකසට තබා මුදල් ගරා ගන්නා දොස්තරලාට ඒ හැම රෝගියෙක්ම හෙණ නොඉල්ලන්නේද? (මෙයින් ගැලවෙන්නට වෛද්‍යවරුන්ට ළගදීම හිසට අකුණු සන්නායකයක් සවි කර ගන්නට සිදු වේවි) ඇත්තටම මෙය මා විසින් අත් දැකිනු ලැබුවෙමි. මේ පෙරේතයින් ලෙඩාට බෙහෙත් දෙන්නේද රජයේ මුදලිනි.
මෙවැනි දොස්තරලා මාසයකට මිලියන ගණන් මුදල් උපයති. තට්ටු ගණන් උසට ගෙවල් හදති. ස්ථාවර තැන්පත් දමති. ආදායම් බදු වලින්ද බේරෙති. මේ ජීවත් වන ටික කාලයටත් පරිභෝජනය කොට හමාර කරන්නටත් බැරි තරම් උපයති. එහෙත් යන ලොවකට ගෙන යන්නට මොකුත්ම ඉතිරි කර ගන්නේ නැත. මේ භවයට පමණි. දොස්තරවරුනි ඔබලාද යම් දිනයක මැරෙති. ඒ මේ මොහොතේ හෝ තවත් කාලයකට පසුව හෝ වෙන්නට පුළුවන. යලි උපදින භවයකදී ඔබට ප්‍රෙයෝජනවත් වන්නේ කල පින් පමණි. ඔය පෙරේත භවයෙන් අත් මිදෙන්න. තෘෂ්ණාවේ වලාවෙන් වැසීගිය ඔබේ මිනිසත්කමේ සද එළිය විදින්නට ලෝකයාට විදින්නට ඉඩ දෙන්න. එදාට ඔබ මැරුණත් නම පවතීවි චිරාත් කාලයක් මේ ලොව තුළ. ඔබට පුළුවන් මළ පෙරේතයෙක් වන්නටත් ජීවමාන දෙවියෙකු වන්නටත් තීරණය ඔබගේය.
මෙනුව:
ඇසූ පිරූ තැන්
| කෙටි ප්‍රතිචාර: |
Subscribe to:
Posts (Atom)




