Tuesday, November 1, 2016

පරිගණක ජාලයක් යනු, 
ස්වාධින පරිගණක දෙකක් හෝ වැඩි ගණනක් පොදු මාධයක් හරහා ඒවා අතර දත්ත හුවමාරු කරගත හැකි සේ සැකසු පද්ධතියකි. සරලතම පරිගණකජාලය ලෙස පරිගණක  දෙකක් රැහැනක් මගින් සම්බන්ද කරන ලද අවස්ථාව ගත හැක.
Image result for simple peer to peer network 2 pc 












වාසි
පරිගණක ජාලයක් භාවිතා කිරීමේ වාසි ලෙස තොරතුරු වල ආරක්‍ෂාව, වැඩි වේගයකින් තොරතුරු හුවමාරු කරගැනීමට හැකිවීම මෙන්ම සම්පත් පොදුවේ භාවිතා කිරීමට හැකිවීම දක්වන්නට පුළුවනි.

අවාසි
ජාල පද්ධතියේ බිදවැටීම් නිසා සම්පත් භාවිතයට ඇති ඉඩකඩ අහිමි වීම, ඇතැම් පද්ධති වල කාර්යක්ෂමතාව අඩුවීම, ජාල පද්ධතියේ දෝශ නිසා තොරතුරැ හුවමාරැවට භාදා ඇතිවීම.

Network එකකට අවශ්‍ය මූලික උපාංග කොටස් 3 කට වෙන් කරන්න පුළුවන්.
  1. Devices
  2. Media
  3. Services
Devices, 
End Devices  
Intermediary Devices කියලා ආකාර 2 කින් දක්වන්න පුළුවන්.
End Devices කියන්නේ අපි භාවිතා කරන පරිගණක, ජංගම දුරකථන, Printers ඒ වගේම Security Camera, Laptop , Tab වගේ දේවල්.
Intermediary Devices කියන්නේNetwork Access Devices (switches, and wireless access-points), Internet-working Devices (routers) සහ Security Devices (firewalls) වලට.
Media
Network Mediaකොටස් 3 කට වෙන් කරන්න පුළුවන්.
  • Metallic wires within cables (Copper)

  • Glass or plastic fibers (fiber optic cable)

  • Wireless transmission

Network වර්ග
  •  Local Area Network (LAN)
  • Wide Area Network (WAN)
ඊට අමතරව පහත දැක්වෙන ඒවාද අපට ගන්නට පුළුවන්
  • Metropolitan Area Network (MAN)
  • Wireless LAN (WLAN)
  • Storage Area Network (SAN)
Image result for network types lan wan man

Local Area Network (LAN)
කුඩා ප්‍රදේශයක තියෙන, ඒ කියන්නේ ගෙදරක නැත්නම් Office එකක වගේ තියෙන Network එකක් මේ නමින් හඳුන්වයි.


Wide Area Network (WAN)
විවිධ ස්ථානවල ඇති LAN 2ක් හෝ ඊට වැඩි ගණනක් එකතු වී සෑදෙන ජාලයකට Wide Area Network (WAN) එකක් කියනු ලබයි.  




 Internet
Lan , Wan දෙකෙහි එකතවෙන් සෑදෙන සංකීර්ණ ජාලය internet නම් ේ.




Monday, October 12, 2015

CCNA - Cisco Certified Network Associate මුල සිට


CCNA කරන්න දැන් ගොඩක් දෙනා උනන්දු වන කාලයක් මේ ගැන ඉගෙන ගන්න වගේම නව දැනුම සොයා යන්නත් මටත් ආස හිතුන. මේ ලිපි වල යම් අඩුපාඩු තියෙනවනම් පෙන්වල දීල නිවැරදි කරන්න දන්න අයට ආරාධනා කරන්න කැමතියි. මේ ලිපි වලින් ගන්න දෙයක් තියෙන්වනම් ගන්නත් අවශ්‍ය අයටත් ආරාධනා කරන්න කැමතියි. මේ ගැන පොඩි හැදින්වීමක් පහත දාල තියෙනවා. උපුටා ගත්තේ  මෙතැනින්.

For Whom: IT Professionals, IT Executive, System Administrators, Systems Engineers, Network Administrators, Network Engineers, IT Managers.

Course Objectives:
Upon complete on of this course, you should be able to:

  • Describe how networks function, identifying major components, function of network components and the Open System Interconnection (OSI) reference model.
  • Using the host-to-host packet delivery process, describe issues related to increasing traffic on an Ethernet LAN and identify switched LAN technology solutions to Ethernet networking issues.
  • Describes the reasons for extending the reach of a LAN and the methods that can be used with a focus on RF wireless access.
  • Describes the reasons for connecting networks with routers and how routed networks transmit data through networks using TCP / IP.
  • Describe the function of Wide Area Networks (WANs), the major devices of WANs, and configure PPP encapsulation, static and dynamic routing, PAT and RIP routing. Use the command-line interface to discover neighbors on the network and managing the routers startup and configuration.

Outline
• Describe how a network works
• Configure, verify and troubleshoot a switch with VLANs and inters witch communications
• Implement an IP addressing scheme and IP Services to meet network requirements in a medium-size Enterprise
• branch office network.
• Configure, verify, and troubleshoot basic router operation and routing on Cisco devices
• Explain and select the appropriate administrative tasks required for a WLAN
• Identify security threats to a network and describe general methods to mitigate those threats
• Implement, verify, and troubleshoot NAT and ACLs in a medium-size Enterprise branch office network.
• Implement and verify WAN links

ඒ වගේම CCNA කරල ඉදිරියට යන්න පුළුවන් විධියත් දැක්වෙන පාත් එකත් බලන්න.  
මේ ලිපි වලින් අපි කතා කරන්නේ CCNA Routing and Switching - Required Exams: 200-120 (CCNA) or 100-101 (ICND1) and 200-101 (ICND2) පිළිබ‍්දවයි. 

Saturday, September 21, 2013

ඝන දෙවියන්ගේ තරම

       දෙවියන් වැඩ සිටින බව හා දෙවියන්ගේ හාස්කම් ගැන විශ්වාස කරන මිනිසුන් අප සමාජයේ අඩු නැතිය. මා බොහෝ කලක් උත්සාහ කළත් දෙවියෙකු හෝ පෙරේතයෙකු හෝ අඩුම තරමේ හොල්මනක්වත් දැකීමට තරම් මා වාසනාවන්ත නොවුනෙමි.  කිසිදා දෙවියන් දුටු පුද්ගයයෙකුද හමු නොවුනි. මා දෙවියන්ගෙන් කොතරම් දේ ඉල්ලුවත් එකක්වත් දුන්නේ නැත. එහෙත් අම්මා හා තාත්තා ඉල්ලන සියළු දේ ඔව්නට හැකි පමණින් මට ලබා දුනි. ඉතින් මව් පියන් දෙව් බඹුන් විය යුතුයැයි මම විශ්වාස කළෙමි.
      පොතින් පතින් හා ඇසූ පිරූ දෙයින් මට වැටහෙන්නේ ඝණ දෙවියන් සාමාන්‍යෙයන් පොඩි ඇට ගෙම්බෙකු තරම් විය යුතුය. නැත්නම් ඔහුගේ වාහනය වන මීයාගේ පිටේ යාමට නොහැකිය. කතරගම දෙවියෝ පූස් පැටියෙකු තරම් විය යුතුය. නැත්නම් ඔහුගේ වාහනය වන මොනරාගේ පිටේ යාමට නොහැකිය.
    දේව භක්තිය නිසා මේවා ගැන එලිපිට කව්රුත් කතා නොකරති. නමුත් මේ දේව පච මුලින්ම හැදූ අයට තිබූ නුවණ ගැනනම් මේ දෙවියන් හා ඔවුනගේ වාහන වල තරම අතර නොගැලපීමෙන්ම පැහැදිලිය. නිකං ඉදං බොරු පුද පූජා පවත්වමින් මෝඩ භක්තිකයින්ගෙන් මුදල් සූරාකන්නන් විසින් දෙවියන්ව තවත් උඩ තියනු ඇත.
     

බෙදා ගන්නට ඇති දේ බදා ගන්නට ගොස් නා ගැනීම

වයඹ පළාත් සභා මැතිවරණය අදයි. අපේක්ෂකයින් 3 දෙනෙකුට මනාපය ලබා දීම සදහා අපේ පව්ලේ හා අවට අපේ නෑදෑ හිතවතුන් 20ක් පමණ මාත් සමග සාකච්ඡා කොට ගෙන සිටියේ ඊයේ හවසය. එහෙත් උදේ බලන විට අපේ ගෙදර ගේට්ටු කණුවේ අප මනාප ලබා දීමට තීරණය කරගෙන සිටි අපේක්ෂිකාවකගේ පෝස්ටර් තොගයත් අළවා තිබිණි. මා ඉතාමත් අමාරුවෙන් ලේ දහදිය වගුරුවමින් ඉපයූ මුදල් වලින් තැනූ ගේට්ටු කණු දෙක දකින විට මා හට පිහියෙන් ඇන්නා වැනිය. ජනතා මුදල් රිසි සේ වියදම් කරන ඇයට මෙය සුළු දෙයක් වුද මා හට නම් මෙය විශාල පාඩුවකි. ඇයගේ දුරකථන අංකය සොයා ගැනීමට උත්සාහ කළත් එය සොයා ගැනීමට නොහැකි වූ බැවින් ඇයට මනාප දීමට තීරණය කර සිටි අප 20 දෙනාම ඇයට මනාප ලබා දීමෙන් වැළකී සිටියෙමු.

ජීවිතයට වදනක් 51

ඔබගේ පෙම්වතිය, බිරිය නිතරම තොර තෝංචියක් කියවනවද? ඉවසන් ඉන්න, වයසට ගියාම ඔබට එයත් මහත් අස්වැසිල්ලකි.

Thursday, September 5, 2013

ජීවිතයට වදනක් 50


නොනවත්වා යන්නේනම් ඔබ කොතරම් හෙමින් ගියත් කම් නැත.

Monday, June 11, 2012

ජීවිතයට වදනක් 49

නොපෙනෙන දෙවියන්ට වඩා දැනෙන මනස විශ්වාස කරන්න. ඔබේ මනස ඔබව ඔබ කැමති තැනට රැගෙන යනවාමයි.

Friday, September 23, 2011

ජීවිතයට වදනක් 48

ඉලක්කය හමුවනතුරු උත්සාහය අත් නොහරින්න.

Tuesday, December 21, 2010

කොන්දොස්තරලාගේ කොල්ල කෑම

බස් එකේ යන්න ටිකට් එකක් ගත්තම ඉතුරු සල්ලි නොදී රුපියල් දෙක තුනකට විදින කොන්දොස්තරලා ආසන්න වශයෙන් දිනකට රු 1200/- ක් හෝ ඊට වැඩියෙන් මහජන මුදල් කොල්ල කයි. මෙයට විරුද්ධ වන්න. එමෙන්ම හැකි සෑම විටම අවශ්‍යය මාරු කාසි ළග තබා ගන්න. එමෙන්ම කෙනෙකුගේ ආත්ම ගරුත්වයට හානි වන අයුරින් කොන්දොස්තර ක්‍රියා කරයි නම් එයට විරුද්ධ වීමට සැම දෙනාටම අයිතියක් ඇත.

Monday, December 20, 2010

ජීවිතයට වදනක් 47

ඕනෑම අයෙකු සමග සහයෝගයෙන් ජීවත් වීමේ හැකියාව ඉගෙනීමට ජලය ආදර්ශයට ගන්න. ජලය එය අඩංගු භාජනයේ හැඩය ගනී.