උපන් දා සිට අප හැම කෙනෙක්ම අධ්‍යපනය මෙන්ම අත්දැකීම්ද අත්පත් කර ගනු ලබනවා. එයින් බිදක් මේ. විශේෂයෙන් මෙහි තාක්ෂණික තොරතුරු ඇතුළත්ය.
Saturday, September 21, 2013
බෙදා ගන්නට ඇති දේ බදා ගන්නට ගොස් නා ගැනීම
වයඹ පළාත් සභා මැතිවරණය අදයි. අපේක්ෂකයින් 3 දෙනෙකුට මනාපය ලබා දීම සදහා අපේ පව්ලේ හා අවට අපේ නෑදෑ හිතවතුන් 20ක් පමණ මාත් සමග සාකච්ඡා කොට ගෙන සිටියේ ඊයේ හවසය. එහෙත් උදේ බලන විට අපේ ගෙදර ගේට්ටු කණුවේ අප මනාප ලබා දීමට තීරණය කරගෙන සිටි අපේක්ෂිකාවකගේ පෝස්ටර් තොගයත් අළවා තිබිණි. මා ඉතාමත් අමාරුවෙන් ලේ දහදිය වගුරුවමින් ඉපයූ මුදල් වලින් තැනූ ගේට්ටු කණු දෙක දකින විට මා හට පිහියෙන් ඇන්නා වැනිය. ජනතා මුදල් රිසි සේ වියදම් කරන ඇයට මෙය සුළු දෙයක් වුද මා හට නම් මෙය විශාල පාඩුවකි. ඇයගේ දුරකථන අංකය සොයා ගැනීමට උත්සාහ කළත් එය සොයා ගැනීමට නොහැකි වූ බැවින් ඇයට මනාප දීමට තීරණය කර සිටි අප 20 දෙනාම ඇයට මනාප ලබා දීමෙන් වැළකී සිටියෙමු.
මෙනුව:
දැන්වීමයි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.