Tuesday, November 1, 2016

පරිගණක ජාලයක් යනු, 
ස්වාධින පරිගණක දෙකක් හෝ වැඩි ගණනක් පොදු මාධයක් හරහා ඒවා අතර දත්ත හුවමාරු කරගත හැකි සේ සැකසු පද්ධතියකි. සරලතම පරිගණකජාලය ලෙස පරිගණක  දෙකක් රැහැනක් මගින් සම්බන්ද කරන ලද අවස්ථාව ගත හැක.
Image result for simple peer to peer network 2 pc 












වාසි
පරිගණක ජාලයක් භාවිතා කිරීමේ වාසි ලෙස තොරතුරු වල ආරක්‍ෂාව, වැඩි වේගයකින් තොරතුරු හුවමාරු කරගැනීමට හැකිවීම මෙන්ම සම්පත් පොදුවේ භාවිතා කිරීමට හැකිවීම දක්වන්නට පුළුවනි.

අවාසි
ජාල පද්ධතියේ බිදවැටීම් නිසා සම්පත් භාවිතයට ඇති ඉඩකඩ අහිමි වීම, ඇතැම් පද්ධති වල කාර්යක්ෂමතාව අඩුවීම, ජාල පද්ධතියේ දෝශ නිසා තොරතුරැ හුවමාරැවට භාදා ඇතිවීම.

Network එකකට අවශ්‍ය මූලික උපාංග කොටස් 3 කට වෙන් කරන්න පුළුවන්.
  1. Devices
  2. Media
  3. Services
Devices, 
End Devices  
Intermediary Devices කියලා ආකාර 2 කින් දක්වන්න පුළුවන්.
End Devices කියන්නේ අපි භාවිතා කරන පරිගණක, ජංගම දුරකථන, Printers ඒ වගේම Security Camera, Laptop , Tab වගේ දේවල්.
Intermediary Devices කියන්නේNetwork Access Devices (switches, and wireless access-points), Internet-working Devices (routers) සහ Security Devices (firewalls) වලට.
Media
Network Mediaකොටස් 3 කට වෙන් කරන්න පුළුවන්.
  • Metallic wires within cables (Copper)

  • Glass or plastic fibers (fiber optic cable)

  • Wireless transmission

Network වර්ග
  •  Local Area Network (LAN)
  • Wide Area Network (WAN)
ඊට අමතරව පහත දැක්වෙන ඒවාද අපට ගන්නට පුළුවන්
  • Metropolitan Area Network (MAN)
  • Wireless LAN (WLAN)
  • Storage Area Network (SAN)
Image result for network types lan wan man

Local Area Network (LAN)
කුඩා ප්‍රදේශයක තියෙන, ඒ කියන්නේ ගෙදරක නැත්නම් Office එකක වගේ තියෙන Network එකක් මේ නමින් හඳුන්වයි.


Wide Area Network (WAN)
විවිධ ස්ථානවල ඇති LAN 2ක් හෝ ඊට වැඩි ගණනක් එකතු වී සෑදෙන ජාලයකට Wide Area Network (WAN) එකක් කියනු ලබයි.  




 Internet
Lan , Wan දෙකෙහි එකතවෙන් සෑදෙන සංකීර්ණ ජාලය internet නම් ේ.




No comments:

Post a Comment

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.