Friday, February 12, 2010

My Sql සිංහලෙන් (3)

කළින් මා ලියූ My Sql සිංහල ලිපි දෙක කියෙව්වානම් ඔබ දැන් සරල ඩේටාබේස් එකක් හදාගෙන ඇති. ඒත් ඉතිං ඒකේ නිති රිති මොනවද ඇයි මෙහෙම කරන්නෙ. ඇයි අර විදිටය කරන්නේ. කියල ගොඩක් ප්‍රශ්ණත් ඇති. එහෙම ප්‍රශ්ණ තියෙනනම්, ඔබේ ප්‍රශ්ණය කමෙන්ට් එකක් විධියට දාන්න. මේ ලිපිවල අඩුපාඩුත් ඇති. එහෙම තියෙනවනම් ඒවත් මට කියන්න. මමත් කැමතියි දැනුම බෙදා ගන්න. මගේ දැනුමත්අලුත් කර ගන්න. ඒ වගේ මගේ අඩුපාඩුවක් පෙන්නල දුන්න මහත්තයෙක් තමයි තිස්ස දොඩම්ගොඩ මහත්තය. එතුමාට මා ස්තූති වන්ත වෙනවා.
ද සලකා බලන්නේ My Sql හි ඇති පහසුකම් මොනවාද? කියා.
  1. වේගය - සාපේක්ෂව ප්‍රසිද්ධ අනෙක් ඩේටාබේස් ‍මෘදුකාංග වලට වඩා දත්ත හැසිරවීම වෙගවත් වීම. උද්‍ර. Microsoft SQL Server 2000 , IBM DB2 වලටත් වඩා වෙගවත්.
  2. විශ්වාසනීය බව - සාපේක්ෂව බි‍ද වැටීම් අවම වීම. ඩේටා විනාශ වීමේ අවදානම අඩු වීම.
  3. ධාරිත හැකියාව - එකවර දත්ත විශාල ප්‍රමාණයක් සමග අවම අවදානමක් යටතේ කටයුතු කිරිමේ හැකියාව.
  4. භාවිතා කිරීමේ පහසුව - ආධුනිකයෙකුට වුවද ඉතා කෙටි ක‍ළෙකින් ඉගෙන ගැනීමට හැකි වීම. ඒ සදහා අන්තර්ජාලය තුළ වුවද පහසුකම් විශාල වහයෙන් ඇත.
  5. පිළිගත් ප්‍රමිති හා සම්තයන්ට යටත්වීම - ANSI (American National Standards Institute) SQL standard යන ප්‍රමිතීන්ට හා යුනිකස් , ලිනුක්ස් වින්ඩෝස් , සොලාරිස් යනාදී ඔපරේටින් සිස්ටම් සම්මුතීන්ට අනුව නිපදවා තිබීම.
  6. බහුවිධ භාවිතය - එකවර විශාල ප්‍රමාණයකට My Sql භාවිතා කළ හැකිය. Multiuser Support. එකම ඩේටා බේස් එක විවිධ ස්ථාන වලින් එක විට භාවිතා කිරීමේ හැකියාව.
  7. අන්තර්ජාතිකරණය - My Sql සම්පූර්ණ වශයෙන්ම යුනිකෝඩ් සහාය දක්වයි. එමෙන්ම විවිධ රටවල භවිතා කරන විවිධ අකුරු සෙට් සදහා ද සහය දක්වයි. එම නිසා My Sql ලොව පුරා මිලියන ගණනක් දෙනා භාවිතා කරයි.
  8. පුළුල් භාෂා සහයෝගය - My Sql විශාල ප්‍රමාණයක් පරිගණක භාෂා සදහා සහය දක්වයි. පරිගණක භාෂාව හා ඩේටා බේස් එක අතර සම්බන්ධය ගොඩ නැගීම සදහා JDBC, ODBC යන කනෙක්ටර්ස් භවිතා කෙරේ.
  9. ඕපන් සෝස් - My Sql විවෘත කේත නිසා (GNU - General Public License සාමාජික) එහි කේත ඕනෑම කෙනෙකුට තමාට අවශ්‍ය ය පරිදි වෙනස් කරගෙන භාවිතා කිරිමේ හැකියාව පවතී.

    4 comments:

    1. මල්ලී මම ඔයාගේ MY SQL ලිපි තුනම කියෙව්වා. බොහොම වැදගත්. ඊලඟ ලිපියත් එනකල් බලාගෙන ඉන්නේ හොඳේ.

      ReplyDelete
    2. දිගටම ලියන්න, හරිම වැදගත්

      ReplyDelete
    3. Thanks for respond to my "allow Anonymous comments" request

      Macho Is MySQL fully align with Codd's rules ?

      ReplyDelete

    මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.