Thursday, February 11, 2010

ආදරය කරන්න ගෑණු ළමයෙක් නැද්ද?

යොවුන් වියේ පසුවන හැම තරුණ තරුණියක්ම කැමතියි තමන්ටම ආදරය කරන කෙනෙක් තෝර ගන්න. ඒත් ගොඩක් වෙලාවට අපට දකින්න ලැබෙන දෙය නම් පිරිමි අය විසින් ගැහැණු ළමුන්ව රැවටීමයි. මේක අනෙක් පැත්තත් එහෙමයි. මමත් ඒ වගේ දේකට මුහුණ දීල තියෙනවා. අපි හැමෝටම මේ වගේ අඩු වැඩි වශයෙන් අත්දැකීම් තියෙනවා. ඇත්තටම ඒ හැම අත්දැකීමක්ම අපිට අපේ ජීවිත ජීවත් කරවන්න කොයි තරම් ප්‍රයෝජනවත්ද. ගොඩක් දෙනෙක් තවත් අයට උපදෙස් දෙන්නටත් තම ජීවිත අත්දැකීම් යොදා ගන්නවා.
ඔබට තාමත් ඇත්තටම ගෑණු ළමයෙක් නැත්නම් කෙනෙක් හොයා ගන්න එක එතරම් අමාරු වෙන එකක් නෑ මේ විධියත් කරල බලන්න. හැබැයි බොරු කරන්න නම් එපා. තව ආත්ම ගණනාවක් යන තුරු ඔබට හොද කෙනක් නොලැබේවි එහෙම උනොත්.
ඔබට හොද කෙනක් ලැබෙන්න ඔබත් හොද කෙනෙක්නම් පමණයි. මෙය තමයි මෙහි ඇති පරම සත්‍යය. අප දැක තිබෙනවා සමාජයේ ඕනෑ තරම් හොද අය‍ට නරක ලැබිල තියෙනවා. අපි සලකා බලන්නේ ඒ අවස්ථාව විතරයි. ඒත් ඒ හොද කෙනාග සත්‍ය අතීතය ඔහුගේ හෝ ඇයගේ ඇසින්ම අපට බලන්න පුළුවන්නම් අපට හැකි වේවි වරද හොයා ගන්න. හැබැයි අපට පෙර භවයන් පවා නිරීක්ෂණය කරන්නට වේවි. මේ විධිය සත්‍ය වෙන්නෙ කර්ම පළ දීමක් විදියට. එහෙම නොවෙන අවස්ථා තියෙනවා.
මෙහෙම ගියොත් විස්තරේ දිග වැඩි වෙනවා. කෙළින්ම කාරණයට බහිමු.

ඔබගේ හිතගත් යුවතියක් ඉන්නවනම්, ඇයට පෙම්වතෙක් නැත්නම් ඔබට අවස්ථාව තියෙනවා ඇයට ඔබගේ ආදරය ප්‍රකාශ කරන්න.
  1. ඇයට කරදර නොකරන්න.
  2. ඇය පසුපස නොයන්න.
  3. ඔබත් කාර්යය බහුල බව පෙන්වන්න.
  4. ඇයගේ යහළුවෙකු අත ඇයට පණිවිඩයක් යවන්න.
  5. ඔබගේ අදහස ඇයට කෙළින්ම කියන්න.
  6. ඇයගේ ‍පෞද්ගලික පංති අසල නොගැවසෙන්න.
  7. ඔබටත් ආත්ම ගරුත්වයක් ඇති බව පෙන්වන්න.
  8. නිතරම ඇයගෙන් මේ ගැන නොවිමසන්න.
  9. අදහස පැවසූ පසුව ඇයට පෙනෙන්නට නොයන්න.
  10. ඇයගේ නිදහසට ගරු කරන්න.
  11. ඔබගේ විශේෂත්වයක් ඇති බව ඇයට හැගේවි.
  12. ඔබට ඒ බව දැනෙනවානම් ඇයට පුංචි තෑග්ගක් යවන්න. ඇයට එය මහ මෙරක් වෙයි.
  13. ඉවසන්න

7 comments:

  1. උබ එතුමා නාට්ටියේ සුමුදු වගේ නෙ... ටෝක්ස් දෙන්නෙ!!! හි හි හි

    ReplyDelete
  2. ඇයට පෙම්වතෙක් ඉන්නවනම් මොකද කරන්නේ :/ ????

    ReplyDelete
  3. ඒකනෙ.... මොකද හැබැටම එත කොට ක‍රන්නෙ :P

    ReplyDelete
  4. ඇයට පෙම්වතෙක් ඉන්නවනම් ඉවසන්න'

    ReplyDelete
  5. පෙම්වතෙකුත් නැත්තං කැමතිත් නැත්තං

    ReplyDelete
  6. "ඔබත් කාර්යය බහුල බව පෙන්වන්න"
    මේක පෙන්නුවොත් දාලා යනවා ෂුවර්.....මේකට වෙන් පිළියමක් නැද්ද සුමුදු අයියේ???

    ReplyDelete
  7. රස්සාවට පෙර පරස්ථාවක් හිහිහි

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.