මම දැනුම ලබා ගන්නවා වගේම, මම දන්න ටික දේත් ඔයාලටත් ලබා දෙන්නයි මේ බ්ලොග් එක පටන් ගත්තේ. මම ලියන ලිපි වල ගොඩක් අඩුපාඩුත් ඇති. ඔයාල ඒ වගේ අඩුපාඩු දැක්කොත් මට comment එකක් දාන්න. මම වැරදි හදා ගන්නම්. මගේ සයිට් එකේ තියෙන Flag Counter එක මම add කළේ ඊයේ (2010-02-17) දවල් 2.00 විතර. අද වෙනකොට ගොඩක් අය සයිට් එක බලල තියෙනවා කියල ඒකෙන් පේනවා. ඒකත් මට ලොකු අහිංසක සතුටක්. ඔබ සියළු දනාටම ස්තූතියි.
උපන් දා සිට අප හැම කෙනෙක්ම අධ්‍යපනය මෙන්ම අත්දැකීම්ද අත්පත් කර ගනු ලබනවා. එයින් බිදක් මේ. විශේෂයෙන් මෙහි තාක්ෂණික තොරතුරු ඇතුළත්ය.
Thursday, February 18, 2010
සිංහල බ්ලොග් කරුවනි ඔබට තුති...
මම මගේ බ්ලොග් සයිට් එක පටන් ගත්තේ 2010-02-05 වැනිදා. මට බ්ලොග් එකක් පටන් ගන්න ආස හිතුනෙ සිංහල බ්ලොග් කරුවන්ගේ සයිට් එක දැකීමෙන්. මම මේ ටික දවසට ගොඩක් දෙනෙකුගේ බ්ලොග් කියවල තියෙනවා. නොදන්න දෙවල් ගොඩක් දැන ගන්න ලැබුනා, ඒ හැම ලිපියකින්ම. එවන් වටිනා දැනුම් සම්භාරයක් ලබා දෙමින් විශාල පිරිසක්ව දැනුවත් කරන ඔබ සියළු දෙනාටම මගේ අවංක ස්තූතිය පිරි නමනවා. මට හැම විටකදීම ඒ ලිපි වලට comment දාන්න ලැබෙන්නේ නෑ. ඒකට මට ඇත්තටම සමා වෙන්න. මේ ලිපිය ඔබ සියළු දෙනාටම comment එකක් වශයෙන් මම ලියන්නේ. තමන්ගෙ ලිපියකට ලැබෙන comment එකක තියෙන වටිනාකම මම හොදට දන්නවා. හැමදාම Google Reader එකට අප්ඩේට් වෙන ලිපි කියවනවා. ඒ වගේම සිංහල රීඩර් එකත් බලනවා.
මෙනුව:
දැන්වීමයි
Subscribe to:
Post Comments (Atom)
ඇත්තටම මට්ත් සතුට්යි අලුත් කෙනෙක් එකතු වෙච්ච එක ගැන .ඕන දෙයක් අහන්න .අපි දන්න දේවල්කියල දෙන්නම් ........ මගේ සුබ පැතුම්...!
ReplyDeleteමකර අධිරාජයාගෙන් උණුසුම් (ගින්දර ) සුභපැතුම්
ReplyDeleteඔහොම යං මල්ලි ඔහොම යං...
ReplyDeleteFlagCounterඑකේ background එකත්, බ්ලොග් එකේ පසුබිමේ පාටටම හදාගන්න.. ;)
ReplyDeleteනියමයි! මගෙනුත් සුභ පැතුම්..!!
ReplyDeleteමටත් ගොඩක් බ්ලොග් වල කමෙන්ට් දාන්න වෙන්නෙ නෑ වැඩ වැඩි නිසාම... ඒත් ඉස්සර නම් හොය හොය කමෙන්ට් දැම්මේ... :D
සුබ පැතුම් සහෝදරයා! :)
ReplyDeleteසාදරයෙන් පිලිගනවා
ReplyDelete