Tuesday, February 16, 2010

මෙහෙමත් රටක්

ඇසූ පිරූ තැන් යටතේ ලියන පළමු ලිපියයි මේ. මෙම සිද්ධිය 2010 ජනවාරි මස සිදු වූවකි. ස්ථානය ජාඇල පොළිස් හංදිය. මා රාජකාරී කටයුත්තක් සඳහා ගම්පහ සිට පැමිණ ජාඇල හංදියෙන් බැස පාර මාරු වීමට උත්සාහ කරන විට යාචකයෙකු පැමිණ ඔහුගේ දුක කියන්නට විය. ඔහු කියා සිටියේ තමාගේ අසනීපයක් සඳහා බෙහත්ගැනීමට මුදල් වුවමනා බවයි. කමක් නෑ අසනීපයක් නිසානෙ යයි සිතමින් පර්ස් එක ගත් විට එහි දහයේ විස්සේ කොළයක් නොතිබිණි. පනහේ කොළයක් තමයි දෙන්න සිදු වුනේ. ඒ මනුස්සයගෙන් ඉතුරු ඉල්ලන්නයෑ ඉතිං. ඒකත් කමක් නෑ කියල පනහ දීල මම පාර පැනල හලාවත පැත්තට යන බස් එකක් එනකම් බලන් ඉන්නවා. සෑහෙන වෙලාවක් ගියත් බස් එකක් නෑ.
වට පිට සිරි බල බල හිටපු මට පුරුදු මූණක් පෙණුනා. අර යාචකයා මෙන්න ටිකකින් එතැන තියෙන රා තැබෑරුමේ ඉඳල කට පිහ පිහ එළියට එනවා. මට මළ පැන්න. මොනව කරන්නද ඉතිං. මිනිහ නොපෙනී යනකම්ම ඒ දිහා බලාගෙන උන්න.
මෙවැනි මිනිසුන් කොතෙකුත් අපට හමු වෙනවා. අපට ඒඅයව හදන්නට බැරි වුනාට ඒ අය දිහා බලල අපිට හැදෙන්න පුළුවන්.

3 comments:

  1. මේ වගේ හොරු නිසා ඇත්තටම උදවු ඕන කෙනෙකුටවත් උදවු කරන්න කවුරුවත් නැතුව යනවා.

    ReplyDelete
  2. රා කිව්වාම මට කටට කෙළ ඉනුවා.
    අනේ එහෙමමත් හිතන්න එපා, ඒ දුප්පත් මනුස්සයා ගැන. අපිට වගේ ඒ මනුස්සයා කැමති දේවලුත් ඇතිනේ..

    ReplyDelete
  3. හිගා කාල රා බොන මිනිස්සු මමද දැක ඇත. මමත් කොළබට ගිය මුල් කාලයෙ සිගන්නන් හට යම් මුදලක් දුන්නෙමි. නමුත් ටික කාලයකට පසුව මට වැටහුනෙ මෙ මිනිසුන් දෙශපාලනයට සුදුසු බවයි. මොවුනට බැනිම වැරදිය 50 අරන් රා බිමට ගියට ස්තුති කල යුතුය.

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.