Thursday, February 25, 2010

ලොව හොඳම වයිරස් ගාඩ් එක මෙන්න


   අපට ක්ෂේත්‍රෙය්දී හමුවන පුද්ගලයින් විවිධ ආකාරයෙන් වයිරස් ගාඩ් ගැන අදහස් දක්වනවා. එහෙත් එම අදහස් දක්වන්නේ ඔවුන් ඒවා සියල්ලම අත්හදා බැලීමක් සිදු කර නොවෙයි. එහෙත් එවැනි පරීක්ෂණ පැවැත්වීමට බලපත්‍ර ලාභී ආයතන ලෝකයේ තියෙනවා. එවන් ආයතනයක් තමයි “TopTen REVIEWS“ ආයතනය. මෙම ආයතනයේ පරීක්ෂණ වලින් ලබාගත් ප්‍රතිඵල අනුව ලොව බහුලව භාවිතා වන වයිරස් ගාඩ් 22 ක් ඒවායේ ගුණ අගුණ අනුව පෙළ ගස්වා තිබෙනවා. (සැලකිය යුතු 2010 මුලදී)
        ෙමම පර්යේෂණය සඳහා ඔවුන් පහත මාතෘකා යටතේ නිර්නායක 93 ක් පමණ සලකා බලා තිබෙනවා. 
  • Ratings
  • Threat Detection
  • Additional Protection
  • Protection Technology
  • Scanning Capabilities
  • Additional Features
  • Updates
  • Certifications
  • Technical Support
  • Supported Configurations
  • Other Versions
      මේ වයිරස් ගාඩ් අතුරින් සෑම මිනිත්තු 5ත් 15 ත් අතරම යාවත්කාල කරන වයිරස් ගාඩ් එක වන්නේ හතර වන ස්ථානයේ සිටින Norton AntiVirus ගාඩ් එකයි. අනෙක්වා අවම වශයෙන් පැයක කාලයක සිට ඊට වඩා වැඩි වනවා. BitDefender Antivirus ගාඩ් එක පළමු ස්ථානයේ රැදී සිටින්නේ විශේෂයෙන්ම දෙවන ස්ථානයේ සිටින  Kaspersky Anti-Virus ගාඩ් එක වඩා සැලකිය යුතු ලෙස එහි මිළ අඩු (ඩොලර් 30) බැවිනි. එසේ නොවුනි නම් ඉහත නිර්නායක වලින් වැඩි ගණනක් සපුරා ඇත්තේ Kaspersky Anti-Virus ගාඩ් එකයි. නිතරම කතා බහ කරන AVG Anti-Virus හයවන ස්ථානයටත්  Avira AntiVirus නව වන ස්ථානයටත්  McAfee VirusScan 12 වන ස්ථානයටත් Panda Antivirus පහළොස් වන ස්ථානයටත් පත්ව තිබෙනවා. Kaspersky Anti-Virus ගාඩ් එක දැනට වෙළඳ පොලේ ඇති මිළ අධිකම වෛරස් ගාඩ් එකයි. එමෙන්ම මෙම ප්‍රතිඵල අනුව බලන කල ලොව ආරක්ෂාව අතින් ඉහළම වයිරස් ගාඩ් එකයි. 
  1.   BitDefender Antivirus
  2.   Kaspersky Anti-Virus
  3.   Webroot AntiVirus with SpySweeper
  4.   Norton AntiVirus
  5.   ESET Nod32 Antivirus
  6.   AVG Anti-Virus
  7.   F-Secure Anti-Virus
  8.   G DATA AntiVirus
  9.   Avira AntiVirus
  10. Trend Micro
  11. ViRobot esktop AVAST! Antivirus with Anti-Spyware
  12.  McAfee VirusScan
  13.  ZoneAlarm Antivirus
  14. CA Antivirus
  15. Panda Antivirus
  16. Vipre Antivirus + Antispyware
  17. CyberDefender Early Detection Center
  18. ParetoLogic Anti-Virus PLUS
  19. Norman Antivirus & Antispyware
  20. PC Tools AntiVirus
  21. ViRobot Desktop
  22. F-Prot
    ****පිළිවෙළින් 1,2 හා 3 ස්ථාන ලැබූ වෛරස් ගාඩ්****





****කරුණාකර ඔබේ අදහස දක්වන්න.

11 comments:

  1. කැස්පර් නම් හොදයි තමයි ඒත් ඉස්සර වගෙ හොර කරන්න බැහැ. අපි නම් සිකියුරිටි එසෙන්ෂල් තමයි ඉතින්. :]

    ReplyDelete
  2. මට නම් top-ten reviews ගැන එච්චර වශ්වාසයක් නෑ. මම දන්න කාලෙ ඉඳලම ඕකේ virus guards වල positions වෙනස් වෙන්නේ නෑ. හැමදාම එකම විදිහට

    ReplyDelete
  3. මමත් ටෙලිකොම් එකේ තොරතුරු තාක්ෂණ පර්ෂදයේ සේවය කරපු කාලයේ මෙතන දක්වලා තියෙන වයිරස් ගාර්ඩ් වලින් Kaspersky, Norton, Nod32, AVG, Avira, Trend Micro, McAfee, CA කියන ඒවා පරිගණකයේ ස්ථාපිත කරගෙන විවිධ අත් හදා බැලීම් කරලා තියෙනවා. එත් කරදරයක් නැතුව අද වෙනකල් භාවිතා කරන්නේ Norton විතරයි. දැනට මම භාවිතා කරන්නේ Symantec (Norton) End Point Protection 11 එක.

    ReplyDelete
  4. ඔය ලැයිස්තුවට microsoft security essentials ඇතුලත් වෙලා නෑනෙ. මම දන්න ආකාරයට සහ පලපුරුද්ද මත, Kaspersky කියන්නෙ පරිගනකයට ලොකු හිසරදයක් වෙන වයිරස් ගාර්ඩ් එකක්. මෙහි updating database එකේ දාරිතාව ඉතා ඉහලයි. ඒ වගේම මේ අප්ඩේට් එකක් හරි ස්කෑන් ප්‍රොසස් එකක් හරි වෙලාවට පරිගනකයේ තියන සියලුම සම්පත් එයට යොදාගන පරිගනකයේ සෑහෙන අඩපන වීමක් වෙනවා. අනිත් කාරනය තමයි Kaspersky පරිගනකය පිලිබඳව අලිප දැනුමක් තියෙන කෙනෙකුට බාවිත කිරීමේදී හිස රදය සෑදෙන තරමට pop-up ඒම. කාර්යාලයකදී මෙය මහත් හිසරදයක් වෙනවා. (මමත් දැනට අප කාර්යාලයේ Kaspersky බාවිත කරන නිසා මේ පිලිබඳව හොඳ හැටි දනී.) කරනු ලැබූ අත්හදා බැලීම් වල ප්‍රතිපලයක් විදියට තමයි අප ආයතනය තීරනය කලෙ මෙතුවක් කල් බාවිත කරපු Kaspersky වෙනුවට Avast බාවිත කරන්න. එය ඉතා හොඳින් දැන් අප කාර්යාලය තුල බාවිත වේ. නමුත් Avast එකත් මේ ලැයිස්තුව තුල නැත.

    ReplyDelete
  5. ඔය ලැයිස්තුවට microsoft security essentials ඇතුලත් වෙලා නෑනෙ. මම දන්න ආකාරයට සහ පලපුරුද්ද මත, Kaspersky කියන්නෙ පරිගනකයට ලොකු හිසරදයක් වෙන වයිරස් ගාර්ඩ් එකක්. මෙහි updating database එකේ දාරිතාව ඉතා ඉහලයි. ඒ වගේම මේ අප්ඩේට් එකක් හරි ස්කෑන් ප්‍රොසස් එකක් හරි වෙලාවට පරිගනකයේ තියන සියලුම සම්පත් එයට යොදාගන පරිගනකයේ සෑහෙන අඩපන වීමක් වෙනවා. අනිත් කාරනය තමයි Kaspersky පරිගනකය පිලිබඳව අලිප දැනුමක් තියෙන කෙනෙකුට බාවිත කිරීමේදී හිස රදය සෑදෙන තරමට pop-up ඒම. කාර්යාලයකදී මෙය මහත් හිසරදයක් වෙනවා. (මමත් දැනට අප කාර්යාලයේ Kaspersky බාවිත කරන නිසා මේ පිලිබඳව හොඳ හැටි දනී.) කරනු ලැබූ අත්හදා බැලීම් වල ප්‍රතිපලයක් විදියට තමයි අප ආයතනය තීරනය කලෙ මෙතුවක් කල් බාවිත කරපු Kaspersky වෙනුවට Avast බාවිත කරන්න. එය ඉතා හොඳින් දැන් අප කාර්යාලය තුල බාවිත වේ. නමුත් Avast එකත් මේ ලැයිස්තුව තුල නැත.

    ReplyDelete
  6. මමනම් හිතන විදිහට මේ ඔක්කොටම ලොකු තරගයක් දෙයි බිල් මාමගේ සෙකියුරිටි එසෙන්ෂල් එක.

    ReplyDelete
  7. රොකියගෙ කතාව හරි.කැස්ප භාවිතා කරන්න වෙනම
    කෝස් එකක් කරන්න වෙනව. ජෙනුයින් වින්ඩෝස් භාවිතා කරන අයට සිකියුරිටි එසෙන්ෂල් තමයි හොදම විසදුම.රියල් ටයිම් ප්‍රොටෙක්ෂන් නැතත් තරමක් දැනුම තියෙන කෙනෙක්ට කැල්වින් එකත් හොදයි.

    ReplyDelete
  8. ඒත් ඔය අඩවිය ගැන මට එච්චර විශ්වාස නෑ. මම නිතරම බලන්නේ http://www.av-comparatives.org/

    ඒකේ reviews හුඟක් යාථාර්ථවාදියි.

    ReplyDelete
  9. ඔබ සියළු දෙනාගේම ප්‍රතිඩාර මම අගය කරනවා. මෙම වෙබ් අබවියේ මෙවන් වර්ගීකරණයන් විශාල ප්‍රමාණයක් තිබෙනවා. මෘදුකාංග,වෙබ් සර්වර් ,පුද්ගලික පරිගනක. කැමරා, ප්‍රින්ටර්, චිත්‍රපට, ගේම් ආදි ව‍ශයෙන් ඒවායේ යම් නිර්නායක ප්‍රමාණයක් යටතේ මෙවන් වෙබ් අඩවියකින් අපට ලෝයේ භාවිතා කරන මෙවන් මෙවලම් ගැන දළ අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

    මම මෙයින් උපුටා දක්වා ඇත්නේ ජනප්‍රිය මාතෘකාවක් වන වයිරස් ගාඩ් ගැන පමණයි. කෙනෙකුට රස තව කෙනෙකුට වස වෙන්න පුළුවන්. මෙහි දැක්වෙන ලිපිය මගේ අදහසක් නොව එම වෙබ් අඩවියේ දැක්වෙන අදහසයි.

    මම දැනට භාවිතා කරන්නේ කැස්පර් තමයි. ඒත් පරිගණකයේ සම්පත් ඛාදනය ඉහළයි. එමෙන්ම මා තෘප්තිමත් වන ආකාරයේ සේවයක් එමඟින් වසර හතරක කාලයක සිට මට ලබා දෙනවා. එමෙන්ම ලංකාවේ එම නියෝජිතයින්ගේ තෘප්තිමත් සේවයක් ලබා දෙනවා.
    මා සේවය කරන ආයතනයේ ශාඛා 82ක් පමණ වනවා එම සෑම ශාඛාවකම පරිගණක 10කට නොඅඩු ගණනක් තිබෙනවා. එයින් ශාඛා 16 ක පමණ(අවමය පරිගණක 160ක් පමණ) මාගේ නිරීක්ෂණය යටතේ පවතිනවා. මෙහි භාවිතා කරන පරිගණක වල ආරක්ෂකයා වන්නේ කැස්පර්.
    මේ වසර හතර තුළදී අවස්ථා කීපයකදී හැරෙන්නට අපව තෘප්තිමත් කරන සේවයක් කැස්පර් මගින් ලබා දුන්නා. මීට කලින් අප එවකට ජනප්‍රියව තිබූ Panda, Nortan, McAfee වැනි ගාඩ් 7ක් මාස 3ක් තිස්සේ අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි කැස්පර් මිළදී ගැනිමට තිරණය කළේ. ඒ අප පරීක්ෂා කළ අනෙකුත් ගාඩ් වලට වඩා කැස්පර් ඉදිරියෙන් සිටි නිසායි. විශේෂයෙන්ම අපට එක් දින පුහුණු වැඩමුළුවක් කැස්පර් ලංකාවේ නියෝජිතයින් විසින් නොමිලේ ලබා දුන්නා. මා දන්නා තරමින්(මා වැරදි නම් නිවැරදි කරන්න) ලංකාවේදි හොඳ පාරිභෝගික සේවයක් ලබා දෙන්නේද කැස්පර් විසිනුයි.
    එහෙත් ඇතැම් අවස්ථා වල Nortan Virus Removing Tools වල පිහිට පතන්නටද අපට සිදු වුනා. හොඳම ගාඩ් එකක් වුවත් හැමවිටම හැම වෛරස් එකකටම එක වගේ සාර්ථක වෙන්නේ නෑ. ඇතැම් විට මේ මොන ගාඩ් තිබුණත් වෛරස් මැනුවෙල් ඉවත් කරන්නට පවා සිදු වෙනවා.

    වෛරස් ගාඩ් ගැන තවත් මා නොදන්නා ඔබ දන්නා බොහෝ දේ ඇති. එවන් දෙයක් ඇතොත් කමෙන්ට් එකක් දාන්න.

    ReplyDelete
  10. Your post has been copied
    http://www.amilaprasad.co.cc/2010/08/blog-post_17.html

    ReplyDelete
  11. බිඩ් ඩිෆෙන්ඩර් ගැන මොකද හිතන්නේ

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.