එනම් ඊයේ දිනයේ(2010-02-18) සිට ග්‍රාමීන් මයික්‍රෝ ක්‍රෙඩිට් සමාගමට මූල්‍ය සමාගමක් ලෙස, ශ්‍රීලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි වූ පුවතයි. මෙය දැනුම් දෙන විට සේවක මණ්ඩලය නොකඩවා අත්පොළොසන් දෙමින් තම සතුට ප්‍රකාශ කළා. ඡායාරූපයේ දැක්වෙන්නේ එම සමාගමේ වත්මන් සභාපති ගීතලාල් වික්ටර් රත්නායක මැතිතුමායි.
උපන් දා සිට අප හැම කෙනෙක්ම අධ්‍යපනය මෙන්ම අත්දැකීම්ද අත්පත් කර ගනු ලබනවා. එයින් බිදක් මේ. විශේෂයෙන් මෙහි තාක්ෂණික තොරතුරු ඇතුළත්ය.
Friday, February 19, 2010
ග්‍රාමීන් මයික්‍රෝ ක්‍රෙඩිට් සමාගමට මහ බැංකු අනුමැතිය.
ලක්ස 3 කට අධික ගණුදෙණුකාර සාමාජිකාවන් පිරිසක් සිටින ග්‍රාමීන් මයික්‍රෝ ක්‍රෙඩිට් සමාගම(කලින් සෙලින්කෝ ග්‍රාමීන් ක්‍රෙඩිට් සමාගම) සතියකට වරක් තම සියළුම සාමාජිකාන් මුහුණට මුහුණ හමුවන ලංකාවේ පිහිටි එකම ණය දෙන මූල්‍ය සමාගමයි. ලංකාවෙන් දුගී දුප්පත් කම මුලිණුපුටා දැමීම තම තේමා පාඨය කරගත් එම සමාගම වර්ෂ 2000 මැයි 08 වැනිදා ආරම්භ කරන ලදී. එහි වත්මන් සභාපතිවරයා වන්නේ, කලින් එම සමාගමේ උප සභාපතිව සිටි ගීතලාල් වික්ටර් රත්නායක මැතිතුමායි. අද උදෑසන මොරටුවේ සර්වෝදය රැස්වීම් ශාළාවේ එම සමාගම විශේෂ රැස්වීමක් පැවැත්වූවා, සියළුම සේවක මහතුන් සඳහා. ඒ විශේෂ පණිවිඩයක් දැනුම් දීම සඳහායි.
මෙනුව:
පුවත්
Subscribe to:
Post Comments (Atom)
meya mudal gewaa/nogewa prachaaraya kiriimakda?
ReplyDeleteනෑ නෑ මුදල් නොගෙවා. මම හිතන විදියට මේක මුලින්ම ලංකාවට ප්‍රවෘත්තියක් විධියට කීවෙ මම.හෙට ඉඳල පත්තර වල දායි.
ReplyDeleteඅපේ ගමෙත් මේ වගේ මූල්‍ය සමාගම් බිහිවුණා. ඒත් දැන් මිනිස්සුන්ට සල්ලි නැහැ. මොකද ග්‍රාමීන් වගේ මූල්‍ය සමාගම් වලින් ණය දෙන කොට ඒක ගෙවන්නේ කොහොමද කියලා බලන්නේ නැතිව මිනිස්සු ණය ගන්නවා. දැන් පොලිය ගෙවන කොට අතේ පිච්චියක් ඉතිරිවෙන්නේ නැහැ.
ReplyDeleteමේ පුවතින් ලොකු දෙයක් පේනවා. ඒ කියන්නේ මෙච්චර කාලයක් ග්‍රාමීන් සමාගම මහ බැංකුව පිළිනොගත් ඒ කියන්නේ ලංකාවේ තිබුණු නීති විරෝධී මූල්‍ය සමාගමක් බව. දඩුව්ම මුදලාලිලාට විතරයක් නෙවෙයි. මේ සමාගම් කරපු අයටත් දඩුවම් දිය යුතුයි කියලයි මටනම් හිතෙන්නේ