Sunday, February 14, 2010

වින්ඩෝස් 7 තේ සිංහල ටයිප් කිරීම ප්‍රශ්ණයක්ද?

මම වින්ඩෝස් 7 ට මාරු.... වුනා හැබැයි ජරමර ගොඩයි.

සිංහල ටයිප් කිරීම ලොකුම ප්‍රශ්ණය වුනා. වින්ඩෝස් සෙවන් වල "සිංහල කී බෝඩ් වින්‍යස ධාවක" (Sinhala key board drives) උපතින්ම තියෙනවා. ඒත් ඒවා මඤ්ඤං. කේස් ගොඩයි. ඉස්පිලි, ඇලපිලි, කොම්බු අහුලන්න වීල් බැරෝවක් අරන් පස්සෙන් යන්න වෙනවා.

විසඳුම - සරලවම ලියන්නම් ඔබ දන්න වුනත් නොදන්න අයත් ඉන්න පුළුවන් නිසා.

  • Start -> Control Panel යන්න.
  • එහි පහත පරිදි Change keyboards or other input methods හි කොටන්න.
  • ඊලග වින්ඩෝවේ Change Keyboards මත කොටන්න.

  • මෙම වින්ඩෝවේ දැනට ඇත්තේ US නම ඇති keyboard driver එකයි. (වින් 7 ස්ථාපනය කරන විට තෝරපු එක) Add බට්න් එක මත නකාටන්න.


  • ඊළඟ වින්ඩෝවේ Sinhala (Sri Lanka) යටතේ ඇති Keyboard යටතේත් ඇති Sinhala යන්න තෝරන්න.


  • පසුව Ok බට්න් එක මත කොටන්න. අනෙක් වින්ඩෝද OK කරන්න.
  • දැන් මෙතැනට කොටලා Vista Quick Fix.exe එක බා ගන්න.
  • පසුව ඒ Quick Fix එක ස්ථාපනය කර ගන්න.
  • දැන් පරණ විදියටම සිංහල ටයිප් කරන්න ඇහැකියි නොවැ.

මේ විදියට language bar එක පෙන්නාවි. මෙහි සිංහල සහ ඉංග්‍රීසි දෙක අතර මාරු වෙන්න මව්ස් භාවිතා කරන්න ඕන නෑ Alt+Shift භාවිතා කරන්න. මම මේ ලිපිය ලියන්න හිතුවේ වින් 7ට අළුත් අය වෙනුවෙන් පරණ අය හිතන්න එපා මේවා මොන්ටිසෝරි වැඩනේ කියල. ලිපිය ගැන ප්‍රතිචාරයක් දෙන්.



සංස්කරණය කරණ ලදී. 2010-02-15


සිංහල දෙමල අලුත් IME එක මෙතැන කොටල මේ අලුත් IME එක බා ගන්න පුළුවන්. මේ IME එකේ ලෝගෝ එක තමයි මේ. අපි සිංහල ටයිප් කරන්න alt+shift භාවිතා කරන වෙලාවට දෙමළ අකරු වදිනවනම් ඒක අයින් කරන්නේ මෙහෙමයි. ටස්ක් බාර් එකේ language bar එක මත කෙටුවාම මෙහෙමද පේන්නේ.


මෙහි සිංහල, දෙමල සහ ඉංග්‍රීසි යන තුනම තියෙනවා. අපි දෙමල දන්නෙ නැති නිසා දෙමල ටයිප් කරන්නෙ නෑනේ. ඒ නිසා දෙමල ඉවත් කරන්නේ මෙහෙමයි.


language bar එක මත right click කරන්න. settings... මත කොටන්න.


ලැබෙන dialog box එකේ Tamil(india) තෝරා දකුණු පස ඇති Remove Button එක මත කොටන්න. ok මත ඊට පසුව කොටන්න.



දැන් language bar එක මේ වගේන. දැන් alt+shift භාවිතා කරන වෙලාවට කරදරයක් නෑ. මේ අලුත් IME එකේ ලින්ක් එක දුන්නේ දසුන් සමීර මල්ලි.

10 comments:

  1. මොන්ටිසෝරි ළමයින්ටත් තේරෙන්න කියල තියෙනව :D :D

    ReplyDelete
  2. "පරණ අය හිතන්න එපා මේවා මොන්ටිසෝරි වැඩනේ කියල."

    එහෙම හිතන අය ඉන්න එක ගැන කරන්න දෙයක් නෑ, කවුරුත් ලොකු ලොකු දේවල්ම බ්ලොග්වල ලියන්න ගියොත් නවකයො මොනවද කියවන්නෙ? මේ ලියන හැම දෙයක්ම කාට හරි ගොඩක් වැදගත් වෙනව මචං. ස්තුතියි!

    ReplyDelete
  3. http://www.siyabas.lk/files/SinhalaTamil_IME_Setup.exe

    මෙම වැඩසටහන ස්ථාපනය කළානම් වඩා පහසුයි.

    ReplyDelete
  4. ලිව්වට තුති ... මන්ද චුට් චුට් ඒව්ව තමයි අපිට කරගන්න බැරි ...

    @දසුන් සමීර
    මං දන්න විදිහට ඔයික වින් 7 වලට වැඩ නැහැ. අනික වින් 7 වල සිංහල තියනවා

    ReplyDelete
  5. දසුන් කියන ලින්ක් එකත් වින් 7ට වැඩ අව්ලක් නෑ.මම ලිව්වේ VistaQuickFix (2.31mb) එකෙන් වින් 7 සිංහල ටයිප් කරන විදිය. දසුන් කියන්නෙ SinhalaTamil_IME_Setup (16 mb) එක. අලුත් වර්ෂන් එක. ඒක වින් හතට වැඩ. මම දසුන්ගෙ ලින්ක් එකත් දාල ලිපිය සංස්කරණය කරන්නම්

    ReplyDelete
  6. ව්ස්තරය ඉතාම පැහැදිලියි. ඒ සඳහා ගත් මහන්සියට ස්තුතියි.

    ReplyDelete
  7. ඔබේ ප්‍රතිවාරයට මගේ ප්‍රණාමය

    ReplyDelete
  8. බොහෝම ස්තූතියි.....මම ලින්ක් එක සේව් කරගත්තා.....

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.