Monday, September 20, 2010

වෛද්‍ය වරුන්ගේ හිසට අකුණු සන්නායකයක්

  බුද්ධ කාලයටත් එහා සිට වෛද්‍යවරුන් මිනිසාගේ, සතුන්ගේ හා ගස්වැල්හි යහපත් වූ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම අරඔයා අති මහත් සේවයක් කොට තිබේ. බුද්ධ කාලයේ බුදුන්ටත් වෙදකම් කළ ජීවක නැමති වෙදැදුරා ගැන කියැවෙයි. “ආරෝග්‍යා පරමා ලාබා“  ලෙස බුදුන් වදාලේද නිරෝගීව සිටීමේ වැදගත්කම හුදී ජනයාට අවබෝධ වනු පිණිසය. 
     ශ්‍රී ලංකාවේද අපිද අපටම ආවේණික වූ ඉතා ප්‍රබල වූ ආයුරුවේද වෛද්‍ය ක්‍රමයකට හිමිකම් කියන්නෙමු. අදටත් පාරම්පරික ආයුරුවේද වෛද්‍යවරුන් තම අමිල වූ සේවාව ජනතාව උදෙසා ලබා දෙන්නේ මිළ මුදල් ස‍දහාම නොවේ. එහෙත් අද කාලයේ මිනිසුන් ආයුරුවේදය වෙත යොමු වන්නේ ඉංග්‍රීසි බෙහෙත් වලින් නිසි ප්‍රයෝජනයක් නොලැබුනු විටදීය. 
   මා කුඩා කාලයේ මගේ මල්ලීට සහ නංගීට බඩේ අමාරුවක් හෙම්බිරිස්සාවක් වැනි සාමාන්‍ය අසනීප තත්ත්වයකදී කරන විශාල අත් බෙහෙත් ප්‍රමාණයක් දැන සිටියහ. එහෙත් අද දෙමාපියෝ තම දරුවන් ඉතා කුඩා අසනීප අවස්ථාවකදී වුවත් විශේෂඥ වෛද්‍යවරුන් වෙත යන්නේ විලාසිතාවකට මෙනි. පසුව ඒ වෙනුවෙන් මෙපමණක් වියදම් වුනා යනුවෙන් තම මිතුරියන් සමග පවසන්නේ මහත් උජාරුවෙනි. මෙය අපේ රටේ දොස්තර කාක්කනට නම් ඉල්ලමකි. ඔවුන් මේ මෝඩ අම්මලාව නැවත ගෙන්වා ගැනීමට විවිධ අන්දමේ උපක්‍රම භාවිතා කරති. මෙවන් දොස්තරලා රජයේ රෝහලේදී මෙන් නොව පුද්ගලික රෝහලේදී ඉතාම කරුණාවන්තය. ඔහුව හමු වීමට කලින්ම මුදල් ගෙවා තුණ්ඩුවක් ගත යුතුය. මේ අය අතර දෙවි දේවතාවුන් වැනි දොස්තරලාද සිටී. ඔවුන්ට මා හිස නමා ආචාර කරමි. 
     එහෙත් මහජනයාගේ මුදල් වලින්ම ඉගෙන ගෙන දොස්තර වරුන් වී අසරණ මහජනයාවම සූරාගෙන කන මෙවන් පෙරේත කාපාළුවන්ට යන්නට වෙනම අපායක් තැනිය යුතුය. වෛද්‍යවරයෙකු වීමට යනු ඉතාම මහන්සි වී කැපවීමෙන් ලබා ගන්නා තත්ත්වයකි. එයිනුත් විශේෂඥ ලේබලය අලවා ගැනීම තවත් අපහසුය. ඔවුන් ඇත්තෙන්ම දක්ෂයන්ය. අසරණ රෝගීන් දින ගණන් රජයේ රෝහල් වල රස්තියාදු වි බැරිම තැන පුද්ගලික රෝහල් කරා යති. සමහර සායන වලට තුණ්ඩු දෙන්නේ සීමිත ගණනක් නිසා දුර බැහැර සිට එන ඇතැම් රෝගීන්ට මේ සීමිත තුණ්ඩු දීම නිසා කවදාවත්ම තුණ්ඩුවක් ගැනීමට නොහැකි වෙයි. එබැවින් ඔවුන්ට කරන්නට ඇති එකම විකල්පය පුද්ගලික රෝහල්ය. මේ අසරණ රෝගීන් ඇතැම්විට රටටම බත සපයන ගොවීන්ය. දොස්තරලාට පවා බත් පත සරි කරන්නේ ඔවුන්ය. ණයට සොයාගෙන එන මුදලින් රු 500/- ට එහා මුදලක් මේ මළ පෙරේතයන්ව චැනල් කිරීමට වැය කරන්නට සිදු වෙයි. ලෙඩාව පරීක්ෂා කරන දොස්තර තුණ්ඩුවක් ලියා දෙන්නේ අහවල් දින රජයේ රෝහලේ තමාගේ සායනයට සහභාගී වන ලෙස දන්වමිනි. එදාට සායනයට යන මේ ලෙඩාට තුණ්ඩු අවශ්‍යය නැත. රෝහල් තුණ්ඩු ගනමින් රස්තියාදු වන්නට සිදු නොවෙයි. කෙලින්ම දොස්තර ළගට යත හැකිය. මෙසේ අසරණ රෝගීන්ගේ  රෝගයක් උකසට තබා මුදල් ගරා ගන්නා දොස්තරලාට ඒ හැම රෝගියෙක්ම හෙණ නොඉල්ලන්නේද? (මෙයින් ගැලවෙන්නට වෛද්‍යවරුන්ට ළගදීම හිසට අකුණු සන්නායකයක් සවි කර ගන්නට සිදු වේවි) ඇත්තටම මෙය මා විසින් අත් දැකිනු ලැබුවෙමි. මේ පෙරේතයින් ලෙඩාට බෙහෙත් දෙන්නේද රජයේ මුදලිනි. 
     මෙවැනි දොස්තරලා මාසයකට මිලියන ගණන් මුදල් උපයති. තට්ටු ගණන් උසට ගෙවල් හදති. ස්ථාවර තැන්පත් දමති. ආදායම් බදු වලින්ද බේරෙති. මේ ජීවත් වන ටික කාලයටත් පරිභෝජනය කොට හමාර කරන්නටත් බැරි තරම් උපයති. එහෙත් යන ලොවකට ගෙන යන්නට මොකුත්ම ඉතිරි කර ගන්නේ නැත. මේ භවයට පමණි. දොස්තරවරුනි ඔබලාද යම් දිනයක මැරෙති. ඒ මේ මොහොතේ හෝ තවත් කාලයකට පසුව හෝ වෙන්නට පුළුවන. යලි උපදින භවයකදී ඔබට ප්‍රෙයෝජනවත් වන්නේ කල පින් පමණි. ඔය පෙරේත භවයෙන් අත් මිදෙන්න. තෘෂ්ණාවේ වලාවෙන් වැසීගිය ඔබේ මිනිසත්කමේ සද එළිය විදින්නට ලෝකයාට විදින්නට ඉඩ දෙන්න. එදාට ඔබ මැරුණත් නම පවතීවි චිරාත් කාලයක් මේ ලොව තුළ. ඔබට පුළුවන් මළ පෙරේතයෙක් වන්නටත් ජීවමාන දෙවියෙකු වන්නටත් තීරණය ඔබගේය.

2 comments:

  1. මම නම් මේ වෛද්‍යවරුන්ගේ මගෝඩි වැඩ ගැන වැඩිය දන්නේ නෑ.

    ගිය නිවාඩුවේදී ඊ.එන්.ටී. වෛද්‍යවරියක් මුනගැහෙන්න චැනල් කරලා පස්සේ ලබා දුන්නු වෙලාවට වඩා පයක් විතර පරක්කු වෙලා ආපු ඇය ලෙඩ්ඩු බලාගෙන බලාගෙන ගියේ මට හිතුනු විදිහට නම් වින්ඩෝ ශොපින් කරනවා වගේ . .

    මටත් විස්තර අහන්න ලබුනේ නෑ වැඩිය . .

    මම ගෙනියපු රිපොර්ට් (ඩුබායි වලදී ගත්තු) බලන්නේ නැද්ද ඇහුවාම කිව්වේ ඒ ඔක්කෙම බලන්න බෑ අර පෝලිමට ඉන්න ලෙඩ්ඩු මට බනීවි කියලා . . .

    එහෙම බලන්න බැරි තරම් ලෙඩ්ඩුන්ට අංක දෙන්නේ ඇයි කියලා අහන්න මගේ ඒ වෙලාවේ කොන්ද පන නැති වුනු එක ගැන පස්සේ මම මටම බැන ගත්තා විතරයි

    ReplyDelete
  2. Kathawe 50% k hari.....Eth Minissunge weradi jeewana ratawa nisa(Murandu ahara ratawa) illagena kana leda walata...Oita wediya loku dadayak gahala thawath tikak rasthiyaadu karannath watinawa.....Boruda mang kiwwe...paw thamai ithing....

    Diwa palanaya karagenemai......Agata oonawata wediya sepa denna gaththahama thamai oya godak leda warga hedene...!!

    ReplyDelete

මගේ ලිපිය ගැන ඔබේ වටිනා අදහස මා හට ලබා දෙන්නට කාරුණික වන්න. ඒක මට ගොඩක් වටිනවා.