පුංචි බණ්ඩාටත් (චූලෝදර) බඩු බාහිරාදිය මිළදී ගැනීම සදහා ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිතා කිරීමේ ආශාව ඇති විය. ඉතිං මිනිහ කෙළින්ම ගියේ ලංකාවෙ ලොකුම සුහද හදක් ඇති බැංකුවටයි. ඊට අදාල අයදුම්පත් පිරවීමෙන් පසු ක්‍රෙඩිට් කාඩ් එක ලබා ගැනීමට පුංචි බණ්ඩාට හැකි විය. බැංකුවේ ඇත්තෝ හදවත ගලවා අතට දෙන තරමට කාරුණිකය. පුංචි බණ්ඩා මේ අලුත් කාඩ් එක භාවිතා කර කීප විටක් බඩු භාණ්ඩ මිළට ගත්තා. කලට වෙලාවට අදාල මාසික වාරිකය ගෙව්වා. එහෙත් එක් මාසයක වාරිකය ගෙවීමට අදාල දිනය බැංකුව නිවාඩු බැවින් ඊට පසු දින වාරිකය ගෙව්වා. පසු මාසයේ ක්‍රෙඩිට් කාඩ් එකහි විස්තර ප්‍රකාශණයේ මෙසේ අමතර පෙළක්ද සටහන්ව තිබුනා. Late Payment Fee LKR 350.00 පුංචි බණ්ඩාගෙන් වාරිකය දිනක් පරක්කු වීමේ වරදට රු 350.00 ක් අයකර තිබුනා. ඉතිං පුංචි බණ්ඩා එවේලේම තීරණයක් ගත්තා. කාඩ් පතෙහි මුළු වටිනාකමම ගෙවා අදාල ගිණුම අවසන් කිරීමට. එතැනින් පුංචි බණ්ඩා තේරුම් ගත්ත, ලොකු සුහද හදවත් එක්ක ගණුදෙනු නොකර පොඩි එකක් එක්ක ගණුදෙණු කරන්න.
ඕක මොකක්ද බං...... ඔක්කොම සල්ලි ගෙවල මගෙ ක්‍රෙඩිට් කාඩ් එක කැන්සොල් කරන්න කියල කට කැඩෙනකම් කියලත්, ලියුම් ලියලත්, රුපියල් අටක් ගෙවන්න තිබෙනවාය කියල ගහල, Late Payment Fee එකයි annual fee එකයි, පොලියයි ඔක්කොම එකතු කොරල රුපියල් දෙදාස් පන්සිය ගානක බිලක් ඇවිත් මම කලින් වැඩ කරපු ඔෆීසියට. ඒක දැනගත්තෙ යාලුවෙකුගෙ මාර්ගයෙන්. මම වෙන රටක නිසා මොනව කරන්නද ඉතින්.......
ReplyDelete