ධර්මය අධර්මය වී ඇත බැලු බැලු හැම අත
කර්මය පල දිදී දරුවන් පා වෙයි ගඟ මත
ගොඩක් දෙනාගේ තවමත් මතට තමයි හිත
මර්වින් මහත්තය තිබ්බා කැළණියේ මතට තිත
හරි උනත් වැරදි වුනත් තීරණය මරු. ජනාධිපතිතුමා වුනත් යුද්දේ කරන කාලේ කොයි තරම් අය හරස් කැපුවද. නමුත් යුද්ධය නැවැත්වූයේ නැත. ඒත් එයින් රටටම හොඳක් වුනා. මර්වින් මහත්තයත් මේ කරපු වැඩේට අපි අකැමැති නෑ. මේ වැඩේ නීත්‍යානුකූල වුනානම් තවත් හොඳයි. නීතියෙන් කරන්න බැරිකම් ඇති. කෙක්කෙන් හරි කොක්කෙන් හරි කරපු වැඩේ නරක නෑ. බුදුන් වදාලැ ධර්මයෙහි එනැ නරක වෙළඳාම් වලින් එකක් වූ මත් ද්‍රව්‍ය වලට තිත තැබීමේ පළමු වෙඩි මුරයට ජය වේවා.
ඇතැම් දේශපාලකයින් මිනිසුන්ට මත්වතුර දී ඡන්දය ලබා ගන්නා යුගයක තමාට අරක්කු කාරයින්ගේ ඡන්ද අවශ්‍ය නැතිව දිනිය හැකිය යන මතයේ සිට, ගෙන යන මේ වැඩ පිළිවෙළ ප්‍රසංසා කටයුතුය. මෙහි වෙනත් යටි අරමුණක් නැතිව පිරිසිදුව කරගෙන යන වැඩක් නම් හොඳයි.
උපන් දා සිට අප හැම කෙනෙක්ම අධ්‍යපනය මෙන්ම අත්දැකීම්ද අත්පත් කර ගනු ලබනවා. එයින් බිදක් මේ. විශේෂයෙන් මෙහි තාක්ෂණික තොරතුරු ඇතුළත්ය.
Monday, April 19, 2010
Monday, April 12, 2010
ජීවිතයට වදනක් 30-35
31. සාර්ථකත්වයේ රහස අනෙක් අය නොදන්නා දෙයක් ඔබ දැන සිටීමයි.
32. විනාඩියේ අගය දන්නා කෙනාට පැය හිඟ නැත.
33. අම්මා දරුවන්ට ආදරය පෙන්වයි. තාත්තා ආදරය හදවතේ ඉතිරි කරයි. ඒ මවට හා දරුවන්ට හැමදාටමය.
34. පරාජය යනු ජයග්‍රහණයේ පළමු පියවරයි.
35. හැම උපන් දිනයකම ඔබ මරණයට වසරකින් කිට්ටු වෙයි.

Sunday, April 4, 2010
යාපනේ ගිහින් පොලිසියේ පිරිත් අහපු හැටි
මම පසුගිය මාර්තු 27 වෙනිදා යාපනේ යන බව පෝස්ට් එකක් දැම්ම මතක ඇති. කියපු විධියටම යාපනේ ගියා.
පළමු දිනයේ අනුරාධපුරයත් දෙවන දිනයේ නාගදීපයත් බැලුවා. තුන්වන දිනයේ ත්‍රිකුණාමළයට ආව. එහිදී උණු දිය ළිං බැලුවා. හතරවන දිනයේ කෝනේෂ්වරම් කෝවිල, නිලාවේලි මුහුදු වෙරළ හා සේරුවාවිල පන්සල බලන්න ගියා.
අපි සේරරුවාවිලෙන් අපසු එන්නට පිටත් වුනේ හවස 6.00ට විතර. එන අතර මගදී අලි බබාලත් දකින්නත් පුළුවන් වුනා. අපි රෑ 9.30 ට විතර කන්තලේට ආව. ඩ්‍රර්වර් මහත්තයා කොයි තරම් හොදද කියනවනම් මේ දවස් 4ටම එක වාහනයක්වත් පහුකරල බස් එක එලෙව්වේ නෑ. පයින් යන අයවයි බයිසිකල් කාරයන්වයි හැරෙන්නට. මිනිහා කිව්වේ බස් එකේ දුනු කොළ හය්ය නෑ කියලයි. කන්තලේ නවත්තල රෑ තේ බිව්වා. නඩේ ගුරයි ඩ්‍රර්වරුයි දෙන්න ඒ ළග තිබුන බාර් එකකින් දෙකක් ඇන ගත්ත. දැන් බස් එක එලවනවා නහුතෙටම. ඒ හරියෙනුත් අලි බබාල හම්බ වුනා. හබරණ හංදිය පහු කරල කිලෝ මීටර් 2 ක් විතර යනකොට පොලීසියෙන් අපිව නැවැත්තුවා. ඩ්‍රර්වර් බීල ඉන්න බව මාට්ටු වුනා. අපිව බස් එකත් එක්කම පොලීසියට අරන් ගියා. එදා පොලීසියේ ලොකු පිරිතක්. දැන් රෑ 11ට විතර ඇති. අපිට වාඩි වෙලා පිරිත් අහන්න කිව්වා. අපි වාඩිවෙලා පිරිත් ඇහැව්වා. පොලීසියේ මහත්තුරු අපිට කන්න දේවල් දුන්නා තේ දුන්නා. එයාල හරිම හොදයි. ඩ්‍රර්වර්ව කූඩුවට දැම්මා. අපිත් එක්ක ගිය තව කෙනෙක් හිටියා CTB ඩ්‍රර්වර් කෙනෙක්. ඊට පැය 3 කට පස්සේ බස් එක CTB ඩ්‍රර්වර්ට භාර දුන්නා. අර ඩ්‍රර්වර්ට නඩු දැම්මා. එයාට බීමත්ව රිය පැදවීමේ වරදට පෙරේදා දිනයේදී රු 15000/- ක දඩයක් ගෙවන්න නියම වුනා. පොලීසියෙන් ඇල්ලූ නිසාම අපි එදා නොමැරී බේරුණා. අපි පාන්දර 2.00 ට විතර පොලීසියෙන් එළියට ආව. ගෙදර එනකොට පාන්දර 6.00 යි.
ඔබත් මෙවැනි ගමනක් යනවානම් ඔබේ රියදුරා ගැන දෙවරක් සිතන්න. ඔබද බීමත්ව රිය පැදවීමෙන් වලකින්න. අපේ ගමනේ photo මගේ මුහුණ පොතේ දාලයි තියෙන්නේ.

Friday, March 26, 2010
මම යාපනේ යනවා.. ඔයාලට මොනවද ඕන
මට දින හතරක යාපනේ ට්‍රිප් එකක් යන්න සෙට් වුනා. අපේ ගමේ කට්ටියක් එක්ක. හෙට උදේ 4.00ට තමයි යන්නෙ. අද රෑ වෙඩින් එකකුත් තියෙනවා කොළඹ ඔෆිස් එකේ යාළුවෙකුගේ. වෙලාවට හලාවතට එන්න ලැබුනොත් හොඳයි. හලාවත කිව්වට ඩොටේට යන්නත් ඕනනේ හලාවත ඉඳලත් බයික් එකේ පට්ට රෑ. අමාරුවෙන් කැමරා කට්ටකුත් හොයා ගත්ත. හොඳින් ගිහින් එන්න ලැබුනොත් ෆොටෝ එක්කම පෝස්ට් එකක් දාන්නම්. මගේ බ්ලොග් මිතුරු මිතුරියනි. ඔබලා සමඟ දුක සැප බෙදා ගන්න ලැබීම ඇත්තටම සතුටක්. ඒ යාළු ෆිට් එකටයි මේ ගැන ඔයාලට කිව්වේ. ගිහින් එන්නම්.
Thursday, March 25, 2010
ජීවිතයට වදනක් 26-30
26. ඔබට දහස් වරක් වරදින්නට පුළුවන්. එක් දහස් එක් වැනි වතාවේදී හරි යයි. උත්සාහය අත් හරින්න එපා.
27. දෙමාපියෝ දරුවන්ට පණ මෙන් ආදරය කරති. දරුවෝ වෙනත් අයට පණ මෙන් ආදරය කරති.
28. හොඳම යාළුවා කාන්තාවක් නම් ඔබට වැරදී ඇත.
29. මිනිස් සිරුර මළ මුත්‍ර වලින් පිරී ඇත. ලස්සනයි සිතා උඩගු වන්නෝ මළ මුත්‍ර ගොඩේ නිළ මැස්සනට සමානය.
30. සාමාන්‍ය වැසියාට ඒ දණ්ඩේ යා හැකිය.

Tuesday, March 23, 2010
කරදර අඩුම වෛරස් ගාඩ් එක ඡන්ද ප්‍රතිඵල මෙන්න
දින 20ක ඡන්ද විමසීමට ලැබුන ප්‍රතිඵලයයි මේ. මී ළඟ ඡන්ද විමසුම ඔබේ බ්ලොග් පොස්ට් එකකට ලැබෙන කමෙන්ට්ස් ගැනයි
ඔබව දියුණුව කරා ගෙන යන එස් පහ (3 කොටස)
එමෙන්ම අදාල දේවල් වල ලේබල් ඇලවීම මගින් ඒවා ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබේ. ලේබල් විවිධ වර්ණ වලින් භාවිතා කිරීමෙන් මෙම හඳුනා ගැනීම තවත් පසසු වෙයි. මුළුතැන්ගෙය සඳහා වෙනම පාටක්ද සාලයේ උපකරණ සඳහා තවත් පාටක්ද කාමර වල ඇති භාණ්ඩ සඳහා තවත් වරණයන්ගෙන්ද ලේබල් භාවිතා කළ හැකිය. එවිට දුටු සැනින්ම අදාල භාණ්ඩ කුමන ස්ථානයකට අයත් දැයි තීරණය කළ හැකිය. මුළුතැන් ගෙයි තුනපහ දමන බෝතල් වල ලේබල් සඳහා නම සමඟ අංක යෙදීමෙන් එහි සුපිළිවෙල තවත් පහසු වනු ඇත.
අප අඳින ඇදුම් අවශ්‍යය වන අනුපිළිවෙල අනුව අයන් කිරීමෙන් අනතුරුව රෙදි එල්ලන රැක් වල එල්ලා තැබීම කළ හැකිය. ඔබ කාර්යාලයක සේවකයෙක් නම්. දින පහට ඇඳුම් පහක් තිබෙන්නට පුළුවන්. එම ඇඳුම් සෙට් පහ ඉරිදා දිනයේ සෝදා අයන් කර රැක් එකේ සදුදා දින අඳින ඇඳුම පළමුවත් අඟහරැවාදා අඳින ඇඳුම දෙවනුවත් ලෙස එල්ලා තැබිය හැකියි. මෙමගින් කාලය ශ්‍රමය මෙන්ම නොයෙක් වර අයන් එක රත් කිරීම වෙනුවෙන් වැය වන විදුලියද ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම යම් දිනයකදී විදුලිය ඇණ හිටීමක් සිදු වුවත් පොඩි වූ ඇඳුම් ඇඳීමට ඔබට සිදු නොවනු ඇත.
Seisō (清掃) Sweeping or Shining or Cleanliness (Systematic Cleaning): සෙයිසෝ(පිරිසිදු කිරීම)
ඉහත සඳහන් පියවර දෙක අනුගමනය කළ විට නිවසේ හෝ කාර්යාලයේ උපකරණ පිළිවෙලට අසුරා ලේබල් කර ගත හැකිය. දැන් මෙහි ඇත්තේ අපට භාවිතයට අවශ්‍යය වන උපකරණ පමණි. මෙසේ මෙම පියවර දෙක අනුගමනය කිරීමෙන් අනතුරුව අවට පරිසරය ඉතා හොඳින් පිරිසුදුව පවත්වාගෙන යාම කළ යුතුය. දිනකට විනාඩි කීපයක් හෝ මේ වෙනුවෙන් වෙන් කළ යුතුය. මෙවැනි පරිසරයක් අප අවට පවත්වාගෙන යාමෙන් ඉතා ප්‍රසන්නව ජීවත් විමේ හැකියාව අපට හිමි වෙයි.
- නිතරම පිරිසිදු කළ යුතු දෙවල් (පිඟන් කෝප්ප)
- දිනපතා පිරිසිදු කළ යුතු දේවල්(මිදුල අතුගෑම, වැසිකිළිය සේදීම)
- දින කීපයකට වරක් පිරිසිදු කළ යුතු දේවල්(මල් පැළ වල අනවශ්‍ය කොළ ඉවත් කිරීම)
- සතියකට වරක් පිරිසිදු කළ යුතු දේවල් (මිදුලට පිටින් ඇති ඉඩම පිරිසිදු කිරීම)
- සති දෙකකට වරක් පිරිසිදු කළ යුතු දේවල් (ඉඩම පිරිසිදු කිරීම)
- මාසයකටරක් පිරිසිදු කළ යුතු දේවල් (නිවසේ මකුළු දැල් ඉවත් කිරීම)
Wednesday, March 17, 2010
My Sql සිංහලෙන් (10 වන ලිපිය)
පසුගිය සතියේ අප සාකච්චා කිරීම ආරම්භ කළේ My Sql හිදී දත්ත සමඟ කටයුතු කරන ආකාරයයි. අප කළින් සතියේ වැඩ කරමින් සිටි දත්ත වගුව විවෘත කර ගනිමු.
1) දත්ත ගොණුව වෙත යාම
mysql> use sumudu;
Database changed
2) එම දත්ත ගොණුවේ ඇති දත්ත වගු දර්ශණය කිරීම
mysql> show tables;
+------------------+
| Tables_in_sumudu |
+------------------+
| employee |
| employee1 |
+------------------+
2 rows in set (0.01 sec)
3) employee දත්ත වගුවේ වත්කම් දර්ශනය කිරීම.
mysql> describe employee;
+-----------+--------------+------+-----+---------+-------+
| Field | Type | Null | Key | Default | Extra |

| id | int(4) | NO | | 0 | |
| full_name | tinytext | YES | | NULL | |
| address | varchar(120) | YES | | NULL | |
| salary | int(6) | YES | | NULL | |

4 rows in set (0.05 sec)
4) වගුව තුළ ඇති දත්ත දර්ශනය කිරීම.
mysql> select * from employee;
+-----+-------------------+----------+--------+
| id | full_name | address | salary |

| 100 | Asela Madanayaka | Chilw | 24500 |

| 101 | Ranuka Bandra | Puttam | 18500 |
| 102 | Pubudu Aruna | Chilaw | 14500 |
| 103 | Nalaa Silva | Chilaw | 20000 |
| 104 | Nalika Priyanthi | Gampaha | 16000 |
| 105 | Maduranga Jaypala | Galewela | 16000 |
| 106 | Anupama herah | Dubara | 12500 |

8 rows in set (0.00 sec)

- දත්ත ගොණුවක්(Database) නිර්මාණය කිරීම
- ඒ තුළ දත්ත වගු(Tables) නිර්මාණය කිරීම
- ෆීල්ඩ් නම් වෙනස් කිරීම
- දත්ත ගොණු හා දත්ත වගු වල නම් වෙනස් කිරීම
- දත්ත ගොණු හා දත්ත වගු ඩිලීට් කිරීම
- දත්ත වගු වලට දත්ත ඇතුළත් කිරිම
දත්ත වෙනස් කිරීම හා දත්ත ඉවත් කිරීම
1) දත්ත ඉවත් කිරීම
mysql> select * from employee;
+-----+-------------------+----------+--------+
| id | full_name | address | salary |
+-----+-------------------+----------+--------+
| 100 | Asela Madanayaka | Chilw | 24500 |
| 100 | Asela Madanayaka | Chilw | 24500 |
| 101 | Ranuka Bandra | Puttam | 18500 |
| 102 | Pubudu Aruna | Chilaw | 14500 |
| 103 | Nalaa Silva | Chilaw | 20000 |
| 104 | Nalika Priyanthi | Gampaha | 16000 |
| 105 | Maduranga Jaypala | Galewela | 16000 |
| 106 | Anupama herah | Dubara | 12500 |
+-----+-------------------+----------+--------+
8 rows in set (0.00 sec)
දත්ත වගුවේ id එක 105 වූ දත්ත පේළිය මකා දමන්න.
mysql> DELETE from employee WHERE id=105;
Query OK, 1 row affected (0.03 sec)
mysql> select * from employee;
+-----+------------------+---------+--------+
| id | full_name | address | salary |
+-----+------------------+---------+--------+
| 100 | Asela Madanayaka | Chilw | 24500 |
| 100 | Asela Madanayaka | Chilw | 24500 |
| 101 | Ranuka Bandra | Puttam | 18500 |
| 102 | Pubudu Aruna | Chilaw | 14500 |
| 103 | Nalaa Silva | Chilaw | 20000 |
| 104 | Nalika Priyanthi | Gampaha | 16000 |
| 106 | Anupama herah | Dubara | 12500 |
+-----+------------------+---------+--------+
7 rows in set (0.00 sec)
ඉහත කමාන්ඩ් එකේ mysql> DELETE from employee WHERE id=105; හි = ලකුණ වෙනුවට id <= 105 ලෙස වෙනස් කළොත් id එක 105 ට අඩු සියළුම දත්ත මැකී යාවි. එය
id >= 105 ලෙස වෙනස් කළොත්
id එක
105 ට වැඩි සියළුම දත්ත මැකී යාවි.
2) දත්ත වෙනස් කිරීම
mysql> UPDATE employee SET id=105 where id=106;
Query OK, 1 row affected (0.02 sec)
Rows matched: 1 Changed: 1 Warnings: 0
mysql> select * from employee;
+-----+------------------+---------+--------+
| id | full_name | address | salary |
+-----+------------------+---------+--------+
| 100 | Asela Madanayaka | Chilw | 24500 |
| 100 | Asela Madanayaka | Chilw | 24500 |
| 101 | Ranuka Bandra | Puttam | 18500 |
| 102 | Pubudu Aruna | Chilaw | 14500 |
| 103 | Nalaa Silva | Chilaw | 20000 |
| 104 | Nalika Priyanthi | Gampaha | 16000 |
| 105 | Anupama herah | Dubara | 12500 |
+-----+------------------+---------+--------+
7 rows in set (0.00 sec)
මෙම කමාන්ඩ් එකේ
SET id=105 යනු id එක වෙනුවට 105 යොදන්න යන්නයි. එහෙත් කුමන id එක වෙනුවටද? එය එම කමාන්ඩ් පෙළෙහිම දෙවනුවට පෙන්වා දී ඇත.
where id=106. id එක 106 වෙනුවට 105 යොදන්න. මෙම කෝඩින් පෙළ මගින් බබෙකුට කතාන්දරයක් තේරුම් කරනවා සේ My SQL වලට තේරෙන්නට කෝඩින් ලිවිය යුතුය. නැත්තම්
My SQL බබාට මෙමගින් නිවැරදි ප්‍රතිඵලයක් අපට ලබා දෙන්නට නොහැකි වන ඇති. ඉතින් මේ බබාව තේරුම් ගැනීම අපට එතරම් කජ්ජක් නොවේ.
id එක 103 වූ දත්ත පේළියේ Nalaa Silva යන නම Nalaka Udara හා Gampaha
යන Address එක Colombo ලෙසත් වෙනස් කරමු.
mysql> select * from employee;
+-----+------------------+---------+--------+
| id | full_name | address | salary |
+-----+------------------+---------+--------+
| 100 | Asela Madanayaka | Chilw | 24500 |
| 100 | Asela Madanayaka | Chilw | 24500 |
| 101 | Ranuka Bandra | Puttam | 18500 |
| 102 | Pubudu Aruna | Chilaw | 14500 |
| 103 | Nalaa Silva | Chilaw | 20000 |
| 104 | Nalika Priyanthi | Gampaha | 16000 |
| 105 | Anupama herah | Dubara | 12500 |
+-----+------------------+---------+--------+
7 rows in set (0.00 sec)
mysql> UPDATE employee SET full_name='Nalaka Udara',address='Colombo' where id=1
03;
Query OK, 1 row affected (0.02 sec)
Rows matched: 1 Changed: 1 Warnings: 0
mysql> select * from employee;
+-----+------------------+---------+--------+
| id | full_name | address | salary |
+-----+------------------+---------+--------+
| 100 | Asela Madanayaka | Chilw | 24500 |
| 100 | Asela Madanayaka | Chilw | 24500 |
| 101 | Ranuka Bandra | Puttam | 18500 |
| 102 | Pubudu Aruna | Chilaw | 14500 |
| 103 | Nalaka Udara | Colombo | 20000 |
| 104 | Nalika Priyanthi | Gampaha | 16000 |
| 105 | Anupama herah | Dubara | 12500 |
+-----+------------------+---------+--------+
7 rows in set (0.00 sec)
ලබන සතියට
![[logo-mysql-110x57.png]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEinK3Dpx7VVEBunwaueDWPDANljy5EwzUYZE-z5Va0P89A-Jnrez_yV5m-bkmSwyrhOhlepIVysQ_MWqRq_lCXj_kD35utq1S_BnMPltqdER-QxDjmkg1th7xW_M-m03daFA-bjhhnrWfYG/s1600/logo-mysql-110x57.png)
Sunday, March 14, 2010
ඔබව දියුණුව කරා ගෙන යන එස් පහ (2 කොටස)
එස් පහ ක්‍රමය නිසා ආයතනයක කාර්යක්ෂමතාව, නිවසක අලංකාරය, වගා බිමක සරු අස්වැන්න සියළු තැන්හි සුපිරිසිදු බව ඇති වෙයි. පළමු ලිපිය කියවූ නැති අය එම ලිපියත් කියවන්න. අපි පළමු කරුණ සළකා බලමු.
1 - Seiri (整理) Sorting - සෙයිරි (අනවශ්‍ය දේ ඉවත් කිරීම)
අප ජීවත් වන වැඩ කරන අවට පරිසරයේ අපට නිතර අවශ්‍යය වන දේ මෙන්ම නිතර අවශ්‍යය නොවන දේවල්ද තිබෙනවා. එමෙන්ම කවදාවත්ම අපි ප්‍රයෝජනයට නොගන්නා දේවල්ද තිබෙනවා. අපේ නිවෙස් වලට බිස්කට් පෙට්ටියක් කිරිපිටි පෙට්ටියක් ගෙනාවොත් එහි ඇසුරුම එකවර ඉවත දමන්නේ නැත. එය ටික දිනක් නිවස තුළ තබාගෙන සිට එය ටිකක් පරණ වූ විට ඉවත දමයි. අනවශ්‍යය දේ ඉවත් කිරිම මෙහි පළමු පියවරයි. අප අවට ඇති බඩු බාහිරාදිය පහත පරිදි වෙන් වෙන්ව වර්ග කළ හැකිය. 1,2,3
අනවශ්‍යය දේවල් ඉවත් කළ හැකි ආකාරයන්
2 - Seiton (整頓) Straighten or Set in Order - සෙයිතෝන්(අවශ්‍යය දේවල් විධිමත්ව ඇසිරීම)
අනවශ්‍යය දේවල් ඉවත් කළ පසුව ඉතිරි වන්නේ අවශ්‍යය දේවල් පමණි. ඒවා නිසි පරිදි පිළිවෙළකට අසුරා තැබීමෙන් නැවත භාවිතයට ගැනීමේදී එය ඉතාමත් පහසුවක් වනු ඇති. 1,2,3,4,5
අවශ්‍යය දෙවල් විධිමත්ව අසුරා තැබීම

- මූල්‍යමය වටිනාකමක් නැති අනවශ්‍යය දේවල්(පරණ ඇඳුම්, ඇසුරුම්) - පරිසරයට හානියක් නොවන පරිදි වහාම ඉවත් කරන්න. මේවා කොම්පෝස්ට් පොහොර සාදන ක්‍රමවේදයක් වෙත යොමු කළ හැක.
- මූල්‍යමය වටිනාකමක් ඇති අනවශ්‍යය දේවල්(පත්තර, බෝතල්) - විකිණීමට කටයුතු කරන්න.
- මූල්‍යමය වටිනාකමක් නැති භාවිතා කළ හැකි නමුත් අපට අනවශ්‍යය දේවල්(කුඩා වූ හොඳ ඇඳුම්, කුඩා වූ පාවහන්) - භාවිතයට ගත හැකි අයෙකුට පරිත්‍යාග කරන්න.
2 - Seiton (整頓) Straighten or Set in Order - සෙයිතෝන්(අවශ්‍යය දේවල් විධිමත්ව ඇසිරීම)
අනවශ්‍යය දේවල් ඉවත් කළ පසුව ඉතිරි වන්නේ අවශ්‍යය දේවල් පමණි. ඒවා නිසි පරිදි පිළිවෙළකට අසුරා තැබීමෙන් නැවත භාවිතයට ගැනීමේදී එය ඉතාමත් පහසුවක් වනු ඇති. 1,2,3,4,5
අවශ්‍යය දෙවල් විධිමත්ව අසුරා තැබීම
- නිතර අවශ්‍යය වන දේවල් (කාමරයක පනාව,පරිගණකය, දුරකථනය, පර්ස් එක, ටී.වී රිමෝට් එක) ඉතා පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක තබන්න.
- ඉදහිට අවශ්‍යය වන දේවල් (පැරණි පොත්, සඟරා, කැමරාව) පහසුවෙන් ළගා විය හැකි ස්ථානයක තබන්න.
- ඉතා කළාතුරකින් අවශ්‍යය වන දේවල් (විශාල හැළි වළං, පිත්තල පහණ) වෙනම ස්ථානයක අසුරා තබන්න.
- අවශ්‍යය නොවන මුත් වටිනා දේවල්(සිහිවටන, ඇන්ටික් භාණ්ඩ) සුදුසු ස්ථාන වල අනෙකුත් වැඩ කටයුතු වලට භාධා නොවන පරිදි අසුරන්න.
Thursday, March 11, 2010
කරුණාකර ආපසු එන්න. මිත්‍රත්වයත් අරන් (සුමුදු අයියා)
මගේ මිත්‍රෙයක් සිටිනවා ඔහු කුඩා කාලයේ සිටම මම හඳුනනවා. හරිම හොඳට හිටි කෙනෙක්. මට වඩා වසර 3කින් පමණ ඔහු බාලයි. ඔහු මා සමඟ වඩාත් මිත්‍ර වූයේ මා විසින් දේශණ පැවත්වූ පරිගණක පන්තියකට ඔහුත් පැමිණීම නිසායි. ඔහු ඉතාම දක්ෂ සිසුවෙක්. ඉන් කළකට පසුව මා හට බැංකු ක්ෂේත්‍රයේ තොරතුරැ තාක්ෂණ රැකියාවක් කිරීමට අවකාශය සැලසුනා(දැනට කරන රැකියාව). ඔහු හා තිබූ මිත්‍රත්වය නිසාම මා සේවය කළ ආයතනයේම ඔහුටත් රැකියාවක් සඳහා අවස්ථාවක් උදා කර දෙන්නට මට හැකි වුනා.
වසර එක හමාරක් පමණ ඔහු ඉතා හොඳින් රැකියාව කළා. ඒ අතරතුර ඔහු ආදරය කළ යුවතිය සමඟ විවාහ වීමට ඔහුට හැකි වුනා. ඇයගේ දෙමාපියන් ජීවතුන් අතර නැති අතර ඇය කුඩා කළ සිට හැදී වැඩී තිබුනේ වෙනත් කාන්තාවක් යටතේයි. ඔහුගේ හා ඇයගේ ප්‍රේමයට අකැමැති වූ පෙර කී කාන්තාව ඇයට තම නිවසින් පිටවන ලෙස ඇයට කියා සිටියා. ඒ අනුවයි ඔවුන් දෙදෙනා විවාහ වූයේ. විවාහ වීමෙන් පසුව ඔහු රැකියාවෙන් ඉවත් වුනා. වෙනත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට. රැකියාවෙන් ඉවත් නොවන ලෙස ඔහුට මා තරයේ අවවාද කළත් ඔහු රැකියාවට වඩා ව්‍යාපාරය ගැන විශ්වාසය තැබුවා. එහෙත් ටික කළකින් ව්‍යාපාරය අසාර්ථක වුනා. ඔහු හා ඇය යන දෙදෙනාම මා හට දැක්වූයේ ඉමහත් ගෞරවයක්. මාගේ දරුවන් දෙදෙනෙකුට මෙන් ඔවුන්ට මා ආදරය කළා. ටික කළකින් ඔවුන්ට දරු සුරතල් බැලීමට පුළුවන් වුනා. දැන් ඒ දරුවාට වයස අව්රුදු එක හමාරක් පමණ වනවා.
සතියකට දෙකකට වරක් ඔවුන් මාගේ නිවසට දරුවාත් සමඟ පැමිණෙනවා. රාත්‍රියට ආහාර පිළියෙල කොට සතුටු සාමීචියේ යෙදෙමින් රාත්‍රී කෑම ගෙන ඔවුන් සමහරදාට පිටව යන්නේ මධ්‍යම රාත්‍රයටත් ආසන්නයේ. දරුවා හරිම හුරතල් මම ඔවුන්ට මෙන්ම ඔවුන්ගේ දරුවාටත් ගොඩක් ආදරය කරනවා. ඔවුන් හා මා අතර පැවතියේ ඉතාමත් කුළුපග මිත්‍රත්වයක්.
ආර්ථික අපහසු කම් නිසා ඔහු .....පිටිය ප්‍රදේශයේ පරිගණක ආයතනයක සේල්ස් රැකියාවක් කරන්නට පටන් ගත්තා. දිනපතා යාම් ඒම් අධික වියදම් නිසා ඔහු එම ප්‍රදේශයේම නතර වී රැකියාව කළා. මාස හතරක් පහක් රැකියාව හොඳින් කරගෙන ගියා. ඒ අතරතුර පවා පෙර සේ ඔවුන් විටින් විට මාගේ නිවසට පැමිණියා.
එහෙත් ටික කළකින් ආරංචි වූයේ ඔහු ඇයව හැර දමා ඔහුටත් වඩා වසර පහක් පමණ වැඩිමල් වෙනත් කාන්තාවක් සමඟ හාද වී ඇති බවය. එය කන වැකුන මොහොතේම දුරකථනයෙන් ඔහුව සම්බන්ධ කර ගන්නට උත්සා කළත් ඔහු දුරකථනයට උත්තර දෙන්නේ නැත. ඔහුගේ නිවසට ගොස් බිරිඳගෙන් මා විස්තර අසා දැනගත්තා. ඔහු දැන් ගෙදර නොඑන බවත් අලුත් කාන්තාව සමඟ ඇති සම්බන්ධය නැවැත්විය නොහැකි බව ඔහු කියන බවත් ඇය කියා සිටියා. ඇය ඉතාම අසරණ තත්ත්වයකයි දැන් සිටින්නේ. ඇයට ආදායම් මාර්ගයක් පවා නොමැත. මගේ නැගෙණියක් මෙන් සිටින ඇය සිටින තත්ත්වය ඉතාම දු:ඛිතය. ඇයට උදව් කිරීම මා හට කර ඇරිය නොහැකක්කි. නමුත් එවන් තනි වූ කාන්තාවකට උදව් කිරීමට යාම අනාගතයෙදී මටම පාරා වලල්ලක් වන්නට ඉඩ ඇත.
එබැවින් ආදරනීය මිතුර මා හමු වන්නට එන්න. ඔබට බනින්නට තලා පෙළන්නට නොව. ඕනෑම ප්‍රශ්ණයකට විසඳුමක් ඇත. වැරදි නැති කෙනෙක් මේ ලොව නැත. මට ඇමතුමක්වත් දෙන්න. ඔබගේ පව්ල නැවත එකතු කරන්නට මා හැකි සෑම දෙයක්ම කරන්නට සූදානම්. තාවකාලික සැපතට ලොල් නොවන්න. මෙම ලිපිය ඔහුට දකින්නට ලැබේවා. ඔහුගේ අන්‍යතාව හෙළි කළොත් ඔහුව සොයා ගැනීම පහසු වන නමුත් එවැනි දෙයකින් ඔබව අපහසුතාවයට පත් නොකරමි. කරුණාකර මා හමුවන්නට එන්න. ඔබගේ බිරිඳ ඔබ වෙනුවෙන් හඬා වැළපෙමින් සිටී.
කරුණාකර ආපසු එන්න. මිත්‍රත්වයත් අරන්
වරදට ලොකුම දඬුවම, සමාව දෙන
සුමුදු අයියා....

Subscribe to:
Posts (Atom)