උපන් දා සිට අප හැම කෙනෙක්ම අධ්‍යපනය මෙන්ම අත්දැකීම්ද අත්පත් කර ගනු ලබනවා. එයින් බිදක් මේ. විශේෂයෙන් මෙහි තාක්ෂණික තොරතුරු ඇතුළත්ය.
Saturday, February 20, 2010
තුන්හෙලේ වීඩියෝව
Friday, February 19, 2010
කම්පියුරයට කසල ශෝධකයෙක්.
- Windows Vista - 32 bit
- Windows XP - 32 bit
- Windows 7.0 - 32/64 bit
- Windows Server 2003 - 32 bit
වචන ශක්තිමත් නෑ
ග්‍රාමීන් මයික්‍රෝ ක්‍රෙඩිට් සමාගමට මහ බැංකු අනුමැතිය.
Thursday, February 18, 2010
සිංහල බ්ලොග් කරුවනි ඔබට තුති...
පූසා වතුර වලේ... අපි දන්නේ නෑ.
Wednesday, February 17, 2010
ඔබ දුම් බොනවාද? එහෙනම් වසර අග රු 73000/-ක බෝනස් එකක්
ජීවිතයට වදනක්
My Sql සිංහලෙන් (5 වන ලිපිය)
අප දැන් කමාන්ඩ් හැසිරීම දක්වා පැමිණ ඇත්තෙමු. (හතරවන ලිපිය හා සම්බන්ධයි). අද එතැන් සිට....
මොනවද මේ sql කමාන්ඩ්. ඒ කියන්නේ sql ලැන්ග්වේජ් එකේදි භාවිතා කරන, පරිගණයට තේරෙන, ඉංග්‍රීසි භාෂාවෙන් sql වල සම්මුතීන්ට අනුව ලියනු ලබන විශේෂිත වූ වචන ටිකක්. මෙහි එක් කමාන්ඩ් එකක් තමයි select. ඉහතදී කළ අභ්‍යාස වලදී අපි භාවිතා කලේ මේ කමාන්ඩ් එකයි. Select කමාන්ඩ් එක සර්වර් එක මත ක්‍රියාත්මක වී එහි ඇති නිශ්චිත දත්තයක් හෝ දත්ත වැඩි ප්‍රමානයක් යම්කිසි ගණිතමය කාර්යයකට භාජනය කොට එය, සේවාදායකය(client) වෙත ලබා දෙයි. මෙසේ ගණිතමය ක්‍රියාවකට බඳුන් වූ දත්තයන් සේවාදායකය (client) වෙත ලබා දීමට පෙර සර්වර් එක මගින් පේලි(row) සහ තීර (colomn) ලෙස ඇති වගුවක් තුළ රඳවනු ලබයි.
දත්ත වගුවක් හදමු.
mysql>create database myshop; (එන්ටර් කී එක ඔබන්න)
Ø පොඩි ඔත්තුවක් - ඔබ MySql භාවිතා කරන විට හැම කමාන්ඩ් එකක් අවසානයේදීම සෙමිකෝලන්ඩ් (;) යෙදිය යුතුය. ඒ වෙනුවට \g යොදා බලන්න.
මේ කමාන්ඩ් පෙළ මගින් myshop නමින් ඔබේ පරිගණකයේ වෑම්ප් සර්වර් එක ස්ථාපනය වන විට එමගින් තනා ගත් C:\wamp\bin\mysql\mysql5.1.36\data\ ෆෝල්ඩරය තුළ myshop නමින් නව ෆෝල්ඩරයක් තනයි. mysql වලදී ඩේටාබෙස් සේව් වන්නේ ෆෝල්ඩර් ලෙසටයි. නැවත පහත පරිදි තවත් ඩේටාබෙස් එකක් තනන්න.
mysql>create database sumudu; (එන්ටර් කී එක ඔබන්න)
දැන් C:\wamp\bin\mysql\mysql5.1.36\data\ පාත් එකෙහි sumudu නමින් ෆෝල්ඩරයක් තැනී ඇත. නැවත එම කමාන්ඩ් එකම ලබා දෙන්න. එනම් sumudu නමින්ම තවත් ඩේටාබෙස් එකක් තනන්න උත්සාහ කරන්න. සිදු වන්නේ කුමක්ද?
mysql> create database sumudu;
ERROR 1007 (HY000): Can't create database 'sumudu'; database exists
මෙන්න එරර් එකක්. එම නමින් ඩේටාබෙස් එකක් සර්වර් එකේ තියෙනවලු. ඉතිං ඒක හරිනේ. අපි කලිනුත් එකක් හැදුවනේ. එකම තැන එකම නමින් ෆෝල්ඩර් දෙකක් හදන්න බෑනේ ඒකයි කේස් එක. එහෙනම් නීති විරෝධී වැඩක් කරමු. අවශ්‍යතාවයට නීතියක් තියෙනවයෑ ඉතිං. (පස්සෙනෙ කෙලවෙන්නෙ) C:\wamp\bin\mysql\mysql5.1.36\data\ පාත් එකට යන්න. ගිහින් එතැන තියෙන sumudu ෆෝල්ඩර් එක drop කරන්න. (ඒ කිව්වෙ delete කරන්න කියල). දැන් ආයෙමත් MySql කන්සෝල් එකේ අර කමාන්ඩ් එකම දෙන්න.
mysql> create database sumudu;
Query OK, 1 row affected (0.01 sec)
ඔන්න දැන් ආයෙත් අපූරුවට ඩේටාබෙස් එක හැදුනා.
ü අද මම ඔබට හෝම් වර්ක් එකක් දෙනවා.
බලන්න ආයෙත් ඒ C:\wamp\bin\mysql\mysql5.1.36\data\ පාත් එකේ sumudu ෆෝල්ඩර් එක තුළට යන්න. ඒක ඇතුලෙ මොනවද තියෙන්නේ. db.opt කියල ෆයිල් එකක්. මොනවද ඒක ඇතුලෙ ඇත්තේ. රයිට් ක්ලික් කරල open with -> Notepad දීල ඕපන් කරන්න. හැබැයි නිතරම මේකෙන්ම ඕපන්වෙයන් කියන චෙක් බොක්ස් එක හිස්ව තියන්න. ඒක ඇතුලෙ තියෙන්නේ මේ වගේ අන්ඩර දෙමළයක් නේද? හැබැයි එක පෙළට.
default-character-set=latin1
default-collation=latin1_swedish_ci
මෙහි ඔබට පෙනෙනවා character-set ලෙස වදනක් සහ collation ලෙස වදනක් තිබෙනවා. මොනවද මේවා. ඉහත වදන් පේලි වලින් කියැවෙන දේ කුමක්ද?
මේ ගැන හොයල මට කමෙන්ට් එකක් දාන්න. එහෙම වුනාම හැමෝටම තේරෙන්න මේ වැඩේ කරන්න පුළුවන්. වුවමනාවක් වුනොත් sumuduclass@gmail.com ඊ-මේල් ලිපිනයත් මතක තියා ගන්න. ඉදිරියේ දි ඔයාලගෙ පැවරුම්(Assignment) මේ ලිපිනයට එවන්න. මේවා හැමෝටම වැදගත් නොවුනත් වැදගත් වෙන අයත් ඉන්න පුළුවන්. ඒ ටික දෙනා හරි වැඩේ හරියට කරන්න. අනිවාර්යය නෑ.






