CCNA කරන්න දැන් ගොඩක් දෙනා උනන්දු වන කාලයක් මේ ගැන ඉගෙන ගන්න වගේම නව දැනුම සොයා යන්නත් මටත් ආස හිතුන. මේ ලිපි වල යම් අඩුපාඩු තියෙනවනම් පෙන්වල දීල නිවැරදි කරන්න දන්න අයට ආරාධනා කරන්න කැමතියි. මේ ලිපි වලින් ගන්න දෙයක් තියෙන්වනම් ගන්නත් අවශ්‍ය අයටත් ආරාධනා කරන්න කැමතියි. මේ ගැන පොඩි හැදින්වීමක් පහත දාල තියෙනවා. උපුටා ගත්තේ මෙතැනින්.
For Whom: IT Professionals, IT Executive, System Administrators, Systems Engineers, Network Administrators, Network Engineers, IT Managers.
Course Objectives:
Upon complete on of this course, you should be able to:
Outline
• Describe how a network works
• Configure, verify and troubleshoot a switch with VLANs and inters witch communications
• Implement an IP addressing scheme and IP Services to meet network requirements in a medium-size Enterprise
• branch office network.
• Configure, verify, and troubleshoot basic router operation and routing on Cisco devices
• Explain and select the appropriate administrative tasks required for a WLAN
• Identify security threats to a network and describe general methods to mitigate those threats
• Implement, verify, and troubleshoot NAT and ACLs in a medium-size Enterprise branch office network.
• Implement and verify WAN links
ඒ වගේම CCNA කරල ඉදිරියට යන්න පුළුවන් විධියත් දැක්වෙන පාත් එකත් බලන්න.
මේ ලිපි වලින් අපි කතා කරන්නේ CCNA Routing and Switching - Required Exams: 200-120 (CCNA) or 100-101 (ICND1) and 200-101 (ICND2) පිළිබ‍්දවයි.
|
උපන් දා සිට අප හැම කෙනෙක්ම අධ්‍යපනය මෙන්ම අත්දැකීම්ද අත්පත් කර ගනු ලබනවා. එයින් බිදක් මේ. විශේෂයෙන් මෙහි තාක්ෂණික තොරතුරු ඇතුළත්ය.
Monday, October 12, 2015
CCNA - Cisco Certified Network Associate මුල සිට
Saturday, September 21, 2013
ඝන දෙවියන්ගේ තරම
දෙවියන් වැඩ සිටින බව හා දෙවියන්ගේ හාස්කම් ගැන විශ්වාස කරන මිනිසුන් අප සමාජයේ අඩු නැතිය. මා බොහෝ කලක් උත්සාහ කළත් දෙවියෙකු හෝ පෙරේතයෙකු හෝ අඩුම තරමේ හොල්මනක්වත් දැකීමට තරම් මා වාසනාවන්ත නොවුනෙමි. කිසිදා දෙවියන් දුටු පුද්ගයයෙකුද හමු නොවුනි. මා දෙවියන්ගෙන් කොතරම් දේ ඉල්ලුවත් එකක්වත් දුන්නේ නැත. එහෙත් අම්මා හා තාත්තා ඉල්ලන සියළු දේ ඔව්නට හැකි පමණින් මට ලබා දුනි. ඉතින් මව් පියන් දෙව් බඹුන් විය යුතුයැයි මම විශ්වාස කළෙමි.
පොතින් පතින් හා ඇසූ පිරූ දෙයින් මට වැටහෙන්නේ ඝණ දෙවියන් සාමාන්‍යෙයන් පොඩි ඇට ගෙම්බෙකු තරම් විය යුතුය. නැත්නම් ඔහුගේ වාහනය වන මීයාගේ පිටේ යාමට නොහැකිය. කතරගම දෙවියෝ පූස් පැටියෙකු තරම් විය යුතුය. නැත්නම් ඔහුගේ වාහනය වන මොනරාගේ පිටේ යාමට නොහැකිය.
දේව භක්තිය නිසා මේවා ගැන එලිපිට කව්රුත් කතා නොකරති. නමුත් මේ දේව පච මුලින්ම හැදූ අයට තිබූ නුවණ ගැනනම් මේ දෙවියන් හා ඔවුනගේ වාහන වල තරම අතර නොගැලපීමෙන්ම පැහැදිලිය. නිකං ඉදං බොරු පුද පූජා පවත්වමින් මෝඩ භක්තිකයින්ගෙන් මුදල් සූරාකන්නන් විසින් දෙවියන්ව තවත් උඩ තියනු ඇත.
බෙදා ගන්නට ඇති දේ බදා ගන්නට ගොස් නා ගැනීම
වයඹ පළාත් සභා මැතිවරණය අදයි. අපේක්ෂකයින් 3 දෙනෙකුට මනාපය ලබා දීම සදහා අපේ පව්ලේ හා අවට අපේ නෑදෑ හිතවතුන් 20ක් පමණ මාත් සමග සාකච්ඡා කොට ගෙන සිටියේ ඊයේ හවසය. එහෙත් උදේ බලන විට අපේ ගෙදර ගේට්ටු කණුවේ අප මනාප ලබා දීමට තීරණය කරගෙන සිටි අපේක්ෂිකාවකගේ පෝස්ටර් තොගයත් අළවා තිබිණි. මා ඉතාමත් අමාරුවෙන් ලේ දහදිය වගුරුවමින් ඉපයූ මුදල් වලින් තැනූ ගේට්ටු කණු දෙක දකින විට මා හට පිහියෙන් ඇන්නා වැනිය. ජනතා මුදල් රිසි සේ වියදම් කරන ඇයට මෙය සුළු දෙයක් වුද මා හට නම් මෙය විශාල පාඩුවකි. ඇයගේ දුරකථන අංකය සොයා ගැනීමට උත්සාහ කළත් එය සොයා ගැනීමට නොහැකි වූ බැවින් ඇයට මනාප දීමට තීරණය කර සිටි අප 20 දෙනාම ඇයට මනාප ලබා දීමෙන් වැළකී සිටියෙමු.
ජීවිතයට වදනක් 51
ඔබගේ පෙම්වතිය, බිරිය නිතරම තොර තෝංචියක් කියවනවද? ඉවසන් ඉන්න, වයසට ගියාම ඔබට එයත් මහත් අස්වැසිල්ලකි.
Thursday, September 5, 2013
ජීවිතයට වදනක් 50
නොනවත්වා යන්නේනම් ඔබ කොතරම් හෙමින් ගියත් කම් නැත.
Monday, June 11, 2012
ජීවිතයට වදනක් 49
නොපෙනෙන දෙවියන්ට වඩා දැනෙන මනස විශ්වාස කරන්න. ඔබේ මනස ඔබව ඔබ කැමති තැනට රැගෙන යනවාමයි.
Friday, September 23, 2011
ජීවිතයට වදනක් 48
ඉලක්කය හමුවනතුරු උත්සාහය අත් නොහරින්න.
Tuesday, December 21, 2010
කොන්දොස්තරලාගේ කොල්ල කෑම
බස් එකේ යන්න ටිකට් එකක් ගත්තම ඉතුරු සල්ලි නොදී රුපියල් දෙක තුනකට විදින කොන්දොස්තරලා ආසන්න වශයෙන් දිනකට රු 1200/- ක් හෝ ඊට වැඩියෙන් මහජන මුදල් කොල්ල කයි. මෙයට විරුද්ධ වන්න. එමෙන්ම හැකි සෑම විටම අවශ්‍යය මාරු කාසි ළග තබා ගන්න. එමෙන්ම කෙනෙකුගේ ආත්ම ගරුත්වයට හානි වන අයුරින් කොන්දොස්තර ක්‍රියා කරයි නම් එයට විරුද්ධ වීමට සැම දෙනාටම අයිතියක් ඇත.
Monday, December 20, 2010
ජීවිතයට වදනක් 47
ඕනෑම අයෙකු සමග සහයෝගයෙන් ජීවත් වීමේ හැකියාව ඉගෙනීමට ජලය ආදර්ශයට ගන්න. ජලය එය අඩංගු භාජනයේ හැඩය ගනී.
Sunday, December 19, 2010
ජීවිතයට වදනක් 46
“හැම පිරිමියම ඔහොමයි මට එපා වෙලා තියෙන්නෙ“ එහෙම හිතන්න වෙන්නෙ ඔබේම අඩුපාඩුවක් නිසා.
Subscribe to:
Posts (Atom)