Saturday, September 21, 2013

ඝන දෙවියන්ගේ තරම

       දෙවියන් වැඩ සිටින බව හා දෙවියන්ගේ හාස්කම් ගැන විශ්වාස කරන මිනිසුන් අප සමාජයේ අඩු නැතිය. මා බොහෝ කලක් උත්සාහ කළත් දෙවියෙකු හෝ පෙරේතයෙකු හෝ අඩුම තරමේ හොල්මනක්වත් දැකීමට තරම් මා වාසනාවන්ත නොවුනෙමි.  කිසිදා දෙවියන් දුටු පුද්ගයයෙකුද හමු නොවුනි. මා දෙවියන්ගෙන් කොතරම් දේ ඉල්ලුවත් එකක්වත් දුන්නේ නැත. එහෙත් අම්මා හා තාත්තා ඉල්ලන සියළු දේ ඔව්නට හැකි පමණින් මට ලබා දුනි. ඉතින් මව් පියන් දෙව් බඹුන් විය යුතුයැයි මම විශ්වාස කළෙමි.
      පොතින් පතින් හා ඇසූ පිරූ දෙයින් මට වැටහෙන්නේ ඝණ දෙවියන් සාමාන්‍යෙයන් පොඩි ඇට ගෙම්බෙකු තරම් විය යුතුය. නැත්නම් ඔහුගේ වාහනය වන මීයාගේ පිටේ යාමට නොහැකිය. කතරගම දෙවියෝ පූස් පැටියෙකු තරම් විය යුතුය. නැත්නම් ඔහුගේ වාහනය වන මොනරාගේ පිටේ යාමට නොහැකිය.
    දේව භක්තිය නිසා මේවා ගැන එලිපිට කව්රුත් කතා නොකරති. නමුත් මේ දේව පච මුලින්ම හැදූ අයට තිබූ නුවණ ගැනනම් මේ දෙවියන් හා ඔවුනගේ වාහන වල තරම අතර නොගැලපීමෙන්ම පැහැදිලිය. නිකං ඉදං බොරු පුද පූජා පවත්වමින් මෝඩ භක්තිකයින්ගෙන් මුදල් සූරාකන්නන් විසින් දෙවියන්ව තවත් උඩ තියනු ඇත.
     

බෙදා ගන්නට ඇති දේ බදා ගන්නට ගොස් නා ගැනීම

වයඹ පළාත් සභා මැතිවරණය අදයි. අපේක්ෂකයින් 3 දෙනෙකුට මනාපය ලබා දීම සදහා අපේ පව්ලේ හා අවට අපේ නෑදෑ හිතවතුන් 20ක් පමණ මාත් සමග සාකච්ඡා කොට ගෙන සිටියේ ඊයේ හවසය. එහෙත් උදේ බලන විට අපේ ගෙදර ගේට්ටු කණුවේ අප මනාප ලබා දීමට තීරණය කරගෙන සිටි අපේක්ෂිකාවකගේ පෝස්ටර් තොගයත් අළවා තිබිණි. මා ඉතාමත් අමාරුවෙන් ලේ දහදිය වගුරුවමින් ඉපයූ මුදල් වලින් තැනූ ගේට්ටු කණු දෙක දකින විට මා හට පිහියෙන් ඇන්නා වැනිය. ජනතා මුදල් රිසි සේ වියදම් කරන ඇයට මෙය සුළු දෙයක් වුද මා හට නම් මෙය විශාල පාඩුවකි. ඇයගේ දුරකථන අංකය සොයා ගැනීමට උත්සාහ කළත් එය සොයා ගැනීමට නොහැකි වූ බැවින් ඇයට මනාප දීමට තීරණය කර සිටි අප 20 දෙනාම ඇයට මනාප ලබා දීමෙන් වැළකී සිටියෙමු.

ජීවිතයට වදනක් 51

ඔබගේ පෙම්වතිය, බිරිය නිතරම තොර තෝංචියක් කියවනවද? ඉවසන් ඉන්න, වයසට ගියාම ඔබට එයත් මහත් අස්වැසිල්ලකි.

Thursday, September 5, 2013

ජීවිතයට වදනක් 50


නොනවත්වා යන්නේනම් ඔබ කොතරම් හෙමින් ගියත් කම් නැත.

Monday, June 11, 2012

ජීවිතයට වදනක් 49

නොපෙනෙන දෙවියන්ට වඩා දැනෙන මනස විශ්වාස කරන්න. ඔබේ මනස ඔබව ඔබ කැමති තැනට රැගෙන යනවාමයි.

Friday, September 23, 2011

ජීවිතයට වදනක් 48

ඉලක්කය හමුවනතුරු උත්සාහය අත් නොහරින්න.

Tuesday, December 21, 2010

කොන්දොස්තරලාගේ කොල්ල කෑම

බස් එකේ යන්න ටිකට් එකක් ගත්තම ඉතුරු සල්ලි නොදී රුපියල් දෙක තුනකට විදින කොන්දොස්තරලා ආසන්න වශයෙන් දිනකට රු 1200/- ක් හෝ ඊට වැඩියෙන් මහජන මුදල් කොල්ල කයි. මෙයට විරුද්ධ වන්න. එමෙන්ම හැකි සෑම විටම අවශ්‍යය මාරු කාසි ළග තබා ගන්න. එමෙන්ම කෙනෙකුගේ ආත්ම ගරුත්වයට හානි වන අයුරින් කොන්දොස්තර ක්‍රියා කරයි නම් එයට විරුද්ධ වීමට සැම දෙනාටම අයිතියක් ඇත.

Monday, December 20, 2010

ජීවිතයට වදනක් 47

ඕනෑම අයෙකු සමග සහයෝගයෙන් ජීවත් වීමේ හැකියාව ඉගෙනීමට ජලය ආදර්ශයට ගන්න. ජලය එය අඩංගු භාජනයේ හැඩය ගනී.

Sunday, December 19, 2010

ජීවිතයට වදනක් 46

“හැම පිරිමියම ඔහොමයි මට එපා වෙලා තියෙන්නෙ“ එහෙම හිතන්න වෙන්නෙ ඔබේම අඩුපාඩුවක් නිසා.

Sunday, December 5, 2010

ජීවිතයට වදනක් 45

ඔබ කරන හැම ක්‍රියාවකම ප්‍රථිඵලයක් ලැබෙනු ඇත. හොද ක්‍රියාවක්නම් හොද ප්‍රථිඵලද නරක ක්‍රියාවක් නම් නරක ප්‍රථිඵලද ලැබේ.