Friday, October 15, 2010

ඔබේ වෙළද ව්‍යාපාරයට නියම මෘදුකාංයක්

   ඔබ වෙළද ව්‍යාපාරයක සිල්ලර කඩයක ආදී හිමිකරුවෙකු වන්නට පුළුවන්. එදිනෙදා ගණන් තැබීම් බිල්පත් නිකුත් කිරිම්, කොටේෂන් නිකුත් කිරීම් ආදී කටයුතු අතින්ම කිරීම ඉතා අපහසු වෙහෙසකර කාර්යයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. සදහා පරිගණකය භාවිතා කරන්නට පුළුවන් වුනත් අපි හොයන විදියේ නිකන් දෙන Billing Software නෑනෙ. මේ මෘදුකාංගය එයට හොද විකල්පයක් වේවි. එදිනෙදා ලාභ අලාභ ආදී රිපෝට් ගණනාවක්ම මෙයින් ලබා ගත හැකි.
    හැබැයි මේක නිකන් දෙන්නෙ නෑ. ඔබේ පහසුව තකා සුමුදු අය්යා Crack ෆයිල් එකත් එක්කම බා ගන්න පුළුවන් විදියට වැඩේ සෙට් කරන්නම්. Torrent Link එකක්.


  • මෙන්න කොටන්න ඕන තැන 
  • සයිස් එක = 12.1 MB
  • 100% ක් වැඩ
  • සයිට් ලින්ක් එක
  • අලුත්ම සංස්කරණයයි මේ
  • වින්ඩෝස් 7 එක්කත් වැඩනේ ඉතිං
* ඔබ Download කරගත් ෆෝල්ඩරය පහත අයුරින් පෙනේවි

* kbilling_istaller ඩබල් ක්ලික් කර මෘදුකාංගය ස්ථාපනය කරන්න

* අනතුරුව මෘදුකාංගය විවෘත කරන්න. එවිට පහත ආකාරයේ මෘදුකාංගය Register කරන මෙන් දන්වමින් තිරයක් ලැබේවි. 


* මෙය වසා දමා Desktop එක මත ඇති kBilling අයිකනය මත Right Click කර Open file Location තෝරා Instalation පාත් එක සොයා ගන්න.

* දැන්  ඔබ Download කරගත් ෆෝල්ඩරය තුල ඇති, crack ෆෝල්ඩරය තුල ඇති kbilling.exe ෆයිල් එක කොපි කර ගන්න. එය කලින් විවෘත කරගත් Instalation පාත් එකට පේස්ට් කරන්න. Replace කරන්න.

* දැන් මෘදුකාංගය හොදින් වැඩ කරාවි. පහත දක්වා ඇත්තේ එහි Screen Shot කීපයකි. අත්හදා බලන්න. ඇත්තටම හොදද කියල. 




Tuesday, October 12, 2010

ජීවිතයට වදනක් 43

යුද්ධයක් නිර්මාණය කිරීමට තත්පර කීපයක් වුවද සෑහේ. එහෙත් සාමය ඇති කිරීමට විශාල කාලයක් ගත වෙයි.

Monday, September 20, 2010

ජීවිතයට වදනක් 42

‘‘පස කොතරම් සරු වුවත් වගාවක් නොකරන්නේනම් ඉන් ඵලක් නැත“
     ඔබ සතුව කොතරම් දැනුම තිබුනද එය කට මැත දෙඩවීමට පමණක් සිමා වන්නේ නම් ඉන් ඵලක් නොමැත. ඔබේ දැනුම භාවිතා කර සමාජයටත් ඔබටත් ඵලදායී  වැඩදායී යම් කාර්යයක් කරන්නේනම් එම දැනුම ප්‍රයෝජනයට ගත හැකිය. ‘‘මෝඩයාට දැනුම ආභරණයකි. නුවණැත්තාට එය අයුධයකි“

වෛද්‍ය වරුන්ගේ හිසට අකුණු සන්නායකයක්

  බුද්ධ කාලයටත් එහා සිට වෛද්‍යවරුන් මිනිසාගේ, සතුන්ගේ හා ගස්වැල්හි යහපත් වූ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම අරඔයා අති මහත් සේවයක් කොට තිබේ. බුද්ධ කාලයේ බුදුන්ටත් වෙදකම් කළ ජීවක නැමති වෙදැදුරා ගැන කියැවෙයි. “ආරෝග්‍යා පරමා ලාබා“  ලෙස බුදුන් වදාලේද නිරෝගීව සිටීමේ වැදගත්කම හුදී ජනයාට අවබෝධ වනු පිණිසය. 
     ශ්‍රී ලංකාවේද අපිද අපටම ආවේණික වූ ඉතා ප්‍රබල වූ ආයුරුවේද වෛද්‍ය ක්‍රමයකට හිමිකම් කියන්නෙමු. අදටත් පාරම්පරික ආයුරුවේද වෛද්‍යවරුන් තම අමිල වූ සේවාව ජනතාව උදෙසා ලබා දෙන්නේ මිළ මුදල් ස‍දහාම නොවේ. එහෙත් අද කාලයේ මිනිසුන් ආයුරුවේදය වෙත යොමු වන්නේ ඉංග්‍රීසි බෙහෙත් වලින් නිසි ප්‍රයෝජනයක් නොලැබුනු විටදීය. 
   මා කුඩා කාලයේ මගේ මල්ලීට සහ නංගීට බඩේ අමාරුවක් හෙම්බිරිස්සාවක් වැනි සාමාන්‍ය අසනීප තත්ත්වයකදී කරන විශාල අත් බෙහෙත් ප්‍රමාණයක් දැන සිටියහ. එහෙත් අද දෙමාපියෝ තම දරුවන් ඉතා කුඩා අසනීප අවස්ථාවකදී වුවත් විශේෂඥ වෛද්‍යවරුන් වෙත යන්නේ විලාසිතාවකට මෙනි. පසුව ඒ වෙනුවෙන් මෙපමණක් වියදම් වුනා යනුවෙන් තම මිතුරියන් සමග පවසන්නේ මහත් උජාරුවෙනි. මෙය අපේ රටේ දොස්තර කාක්කනට නම් ඉල්ලමකි. ඔවුන් මේ මෝඩ අම්මලාව නැවත ගෙන්වා ගැනීමට විවිධ අන්දමේ උපක්‍රම භාවිතා කරති. මෙවන් දොස්තරලා රජයේ රෝහලේදී මෙන් නොව පුද්ගලික රෝහලේදී ඉතාම කරුණාවන්තය. ඔහුව හමු වීමට කලින්ම මුදල් ගෙවා තුණ්ඩුවක් ගත යුතුය. මේ අය අතර දෙවි දේවතාවුන් වැනි දොස්තරලාද සිටී. ඔවුන්ට මා හිස නමා ආචාර කරමි. 
     එහෙත් මහජනයාගේ මුදල් වලින්ම ඉගෙන ගෙන දොස්තර වරුන් වී අසරණ මහජනයාවම සූරාගෙන කන මෙවන් පෙරේත කාපාළුවන්ට යන්නට වෙනම අපායක් තැනිය යුතුය. වෛද්‍යවරයෙකු වීමට යනු ඉතාම මහන්සි වී කැපවීමෙන් ලබා ගන්නා තත්ත්වයකි. එයිනුත් විශේෂඥ ලේබලය අලවා ගැනීම තවත් අපහසුය. ඔවුන් ඇත්තෙන්ම දක්ෂයන්ය. අසරණ රෝගීන් දින ගණන් රජයේ රෝහල් වල රස්තියාදු වි බැරිම තැන පුද්ගලික රෝහල් කරා යති. සමහර සායන වලට තුණ්ඩු දෙන්නේ සීමිත ගණනක් නිසා දුර බැහැර සිට එන ඇතැම් රෝගීන්ට මේ සීමිත තුණ්ඩු දීම නිසා කවදාවත්ම තුණ්ඩුවක් ගැනීමට නොහැකි වෙයි. එබැවින් ඔවුන්ට කරන්නට ඇති එකම විකල්පය පුද්ගලික රෝහල්ය. මේ අසරණ රෝගීන් ඇතැම්විට රටටම බත සපයන ගොවීන්ය. දොස්තරලාට පවා බත් පත සරි කරන්නේ ඔවුන්ය. ණයට සොයාගෙන එන මුදලින් රු 500/- ට එහා මුදලක් මේ මළ පෙරේතයන්ව චැනල් කිරීමට වැය කරන්නට සිදු වෙයි. ලෙඩාව පරීක්ෂා කරන දොස්තර තුණ්ඩුවක් ලියා දෙන්නේ අහවල් දින රජයේ රෝහලේ තමාගේ සායනයට සහභාගී වන ලෙස දන්වමිනි. එදාට සායනයට යන මේ ලෙඩාට තුණ්ඩු අවශ්‍යය නැත. රෝහල් තුණ්ඩු ගනමින් රස්තියාදු වන්නට සිදු නොවෙයි. කෙලින්ම දොස්තර ළගට යත හැකිය. මෙසේ අසරණ රෝගීන්ගේ  රෝගයක් උකසට තබා මුදල් ගරා ගන්නා දොස්තරලාට ඒ හැම රෝගියෙක්ම හෙණ නොඉල්ලන්නේද? (මෙයින් ගැලවෙන්නට වෛද්‍යවරුන්ට ළගදීම හිසට අකුණු සන්නායකයක් සවි කර ගන්නට සිදු වේවි) ඇත්තටම මෙය මා විසින් අත් දැකිනු ලැබුවෙමි. මේ පෙරේතයින් ලෙඩාට බෙහෙත් දෙන්නේද රජයේ මුදලිනි. 
     මෙවැනි දොස්තරලා මාසයකට මිලියන ගණන් මුදල් උපයති. තට්ටු ගණන් උසට ගෙවල් හදති. ස්ථාවර තැන්පත් දමති. ආදායම් බදු වලින්ද බේරෙති. මේ ජීවත් වන ටික කාලයටත් පරිභෝජනය කොට හමාර කරන්නටත් බැරි තරම් උපයති. එහෙත් යන ලොවකට ගෙන යන්නට මොකුත්ම ඉතිරි කර ගන්නේ නැත. මේ භවයට පමණි. දොස්තරවරුනි ඔබලාද යම් දිනයක මැරෙති. ඒ මේ මොහොතේ හෝ තවත් කාලයකට පසුව හෝ වෙන්නට පුළුවන. යලි උපදින භවයකදී ඔබට ප්‍රෙයෝජනවත් වන්නේ කල පින් පමණි. ඔය පෙරේත භවයෙන් අත් මිදෙන්න. තෘෂ්ණාවේ වලාවෙන් වැසීගිය ඔබේ මිනිසත්කමේ සද එළිය විදින්නට ලෝකයාට විදින්නට ඉඩ දෙන්න. එදාට ඔබ මැරුණත් නම පවතීවි චිරාත් කාලයක් මේ ලොව තුළ. ඔබට පුළුවන් මළ පෙරේතයෙක් වන්නටත් ජීවමාන දෙවියෙකු වන්නටත් තීරණය ඔබගේය.

Friday, September 17, 2010

ජීවිතයට වදනක් 41

ඔබව කෝප ගැන්වීමට යමෙකුට හැකිද? එසේනම් ඔහු ඔබ පරාජය කරනු ඇත.

කවි සිතුවිලි 06

දෑස රිදෙයි ඔබ ඒදැයි මග බලලා...
හීන බිදෙයි නුඔ නාවොත් සිත සනසා...
අරන් එන්න ඔය සෙනෙහස මා සනසා...
ඔබට ආදරෙයි නංගියෙ මා සැමදා...

මුන්නේෂ්වර්ම් දෙවියෝ බංකොළොත්ද?

පසුගිය දිනවල හලාවත මුන්නේෂ්වරම් දේවාලයේ මංගල්‍යය නම් වූ වෙළද ව්‍යාපාරය ජයටම කෙරින. මා හටද හතර වරක්ම එහි යාමට සිදු විය.
     ලංකාවේ මිනිසුන් විවිධ ආගම් අදහති. ඒ අතරේ සමහරුන් බෞද්ධ දර්ශනයද අදහති. මුන්නේශවරම් ගිය ගමනේදී දක්නට ලැබූ දේවල්නම් නොලියාම බැරිය. වාහනයකින් එහි යන විට රථ ගාල් හිමියෝ පාරට පැන තමන්ගේ රථ ගාලට වාහනය ඇතුල් කර ගැනීම සදහා නොකියනා බොරුවක් නොමැත. මෝටර් සයිකලයක හො පයින් යන විට “ඉස්සරහින් දේවාලෙ වහල තියෙන්නේ මේ පැත්තෙන් යන්න‘‘ යයි කියති. දේවාලය වසා නැත. ඔවුන්ගේ කඩ පෙළවල් ඉදිරියෙන් මිනිසුන්ව යැවීමට එසේ කරති. පූජා වට්ටියක් ගන්නට යන විට රු 100/- සිට ඉහළට මිළ ගණන් යටතේ ඒවා ඇත. වට්ටියටත් සමගම මුදල් අය කළත් වට්ටිය නැවත ඔව්න්ට ගෙනැවිත් දිය යුතුය. තමන්ගේ පූජා වට්ටි විකිනීමට ඔවුන් පොර කන්නේ කාක්කන් මෙනි. ඔව්න්ගෙන් බේරී යාමනම් පහසු දෙයක් නොවේය. දේවාලයේ ඉදිරිපිට කසල ගොඩවල් දුටු මට සිතුනේ දෙවියන් නාසය වාසාගෙන දේවාලයේ වැඩ ඉන්නවා ඇත කියාය. දේවාලය ඉදිරියේ සෙරෙප්පු ගලවා තබන්නටම බැරිය. එහි සිටින සෙරෙප්පු රකින බහිරවයන් එවා තමන්ගේ ගොඩට බලෙන්ම දමා ගනී. එසේ නොවුනහොත් ආපසු එන විට සෙරෙප්පු රහත් වන්නේය.
  දේවාලය තුල පූජා වට්ටි රැගත් බැතිමතුන් පැය ගානක් පෝලිමේ ඇත. පත්තිනි දේවිය ළගට යන්නට රු 50/- ටිකට් එකක් ගත යුතුය. අප දෙවියන් වෙත යන්නේ දෙවියන්ගෙන් යමක් ඉල්ලීමටය. මෙසේ යන අපට සිදු වන්නේ දෙවියන්ට කීයක් හරි දී එන්නටය. දෙවියන් බංකොළොත් වී සිගමනට වැටි ඇත. මෙය ඉතාම කණගාටුවට කරුණකි. අප දන්නා තරමින්නම් මෙසේ මුදල් අය කරන කාන්තාවට කියන නම වෙන එකකි. පත්තිනි දේවියව මේ තත්වයට පත්කර ඇත්තේ මෙහි පාලකයන්ය. මැතිමතෙකුට කෙලින්ම දෙවියන් යැදීමට අවසර නැත. ඒ සදහා බඩ ලොකු උඩුකය නිරුවත් කපුවෙක් ඇත. අප වෙනුවෙන් දෙවියන් යදින්නේ ඔහුය. ඒ ගාථාව මට ඇසුනේ නම් මෙසේය. ‘‘ත්‍රාං තූර්ර්ං පත්තියං පත්තියං“. මං හිතන්නේ දිග ගාථාව ෂෝට් කරලා වෙන්න ඇතිය. බැතිමතුන්ට කරන්නට ඇත්තේ මේ දේව තැරැව්කරැවා කරන දේ බලා සිටීම පමණය.
   ලංකාවේ ඇති බොහෝ දේවාල වල තත්ත්වය මෙයට දෙවැනි නොවන බව ඔබ හොදින්ම දන්නවා ඇත. සමහර විට මේ ලොකයේ හෝ විශ්වයේ යම් තැනක දෙවියන් යයි අප සංකල්පමය ලෙස විශ්වාස කරන අය සිටිය හැකිය. ඒ ගැන හරියටම කියන්නට කරම් සාධක අපට නැත. ගෙදරම දෙමාපිය දෙවියන් සිටින විට වෙනත් දෙවියන් සොයා යන අප කොයි තරම් මේ දේව සංකල්ප වලින් මුළා වී ඇත්දැයි පසක් වනු ඇත. මේවා දේවාල මුදලාලිලාගේ හොද ආදායම් මාර්ග වන්නේය. දෙවියන් යනු පින් රැස් කිරීමේ හැකියාවක් නැති අසරණයින් පිරිසකි. එබැවින් මිනිසුන් යම් පිනක් සිදුකළ විටක දෙවියන්ට පින් අනුමොදන් කරති. දෙවියන් මිනිසුන්ගෙන් පින් ඉල්ලා හිගමනේ එන විට මිනිසුන් දෙවියන්ගේම පිහිට පතති. එවැනි මිනිසුන්ට නම් දෙවියන්ගේම පිහිට තමයි.
   කතරගම දෙවියන්ද මේ ප්‍රධාන දේවාලයට පසෙකින් වූ අට්ටාලයක වැඩ හිදී. උන් වහන්සේ ළගට යන්නටනම් මෝර්ටීන් ස්ප්‍රේ එකක් රැගෙන යා යුතුය. ඒ තරම්ම අපිරිසිදුය මැස්සන් පිරී ඇත. එතැන සිටින තැරැව් කරුවාද පෙරේතයෙකු මෙනි. එතැනටද අනිවාර්යයෙන්ම පූජා වට්ටියට පඩුරු අවශ්‍යයම වෙයි. කතරගම දෙවියන් තබා පෙරේතයෙක්වක් එතැනනම් වැඩ ඉන්නේ නැත. මේ දේවාලයේ පාලකයන්ගේ එකම පරමාර්ථය මුදල් ඉපයීම පමණි. දේවාලය හෝ ඒ අවට පිරිසිදුව පවත්වා ගැනීම ගැන නම් කිසිම අවධානයක් නැති සේය.
    මේ අතර තවත් අපූරු වූ දේවාලයක් ඇත. එහි වැඩ හිදින දෙවියාට නම් බැලු බැල්මටම කෙළවී ඇති සෙයක් පෙනේ. දිව එලියට පැන ඇත. ඇස් එලියට පැනීමට ඔන්න මෙන්න වාගේය. කව්ද මේ? බැලින්නම් කාලි අම්මාය. තමන්ගේ තරහ කරුවන්ට කෙලවන්නට කාලි අම්මාට භාර බදින පිරිසනම් අති විශාලය. සිංහල හමුදාව ප්‍රභාකරන්ව මරා දැමීමට මේ තරම් වෙර දැරුවේ බොරුවටය. යුද්ධයට මේ තරම් මුදල් හා ජීවිත පුද කලේද බොරුවටය. මුන්නේශ්වරම් පුද බිමට පැමිණ කාලිට කීවානම් ප්‍රශ්ණය ඉවරය. මෙතරම් අන්ධ භක්තිකයින් සිටින රටක් තවත් තිබේද යන්න සැක සහිතය.
   මෙවර ඒ මග දෙපස ඉදිකර තිබූ කඩ සදහා එක් අඩියකට රු 3000/-ක මුදලක් ඒ වෙළදුන්ගෙන් අය කර කිබුනි. මේ එකතු වන විශාල මුදල් කන්දරාවෙන් හලාවත නගරය සිංගප්පූරුවක් කිරිමට එතරම් අපහසු නොවනු ඇත. කලින්නම් මේ මුදල් ගැලුවේ කොටින්ටය. දැන් මේ මුදල් ගලන්නේ කොහාටද?
   දෙවියන් හෝ දේව සංකල්පය ගැන මා විවාද නොකරමි. මේ ලිපිය නිසා යම් අයෙකුගේ හිත රිදුනේ නම් හෝ අපහසුතාවයකට පත් වුනි නම් අවංකවම මා සමාව අයදිමි. මහජනයාගේ මුදල් සොරකමක් ලෙස නොහැගෙන පරිදි මෙසේ සොරකම් කිරීමට දේවාල මුදලාලිලාට ඉඩ දී බලා සිටින්නට නොහැක. දේව ප්‍රතිමාවක් පෙන්වමින් මහජනයාගේ අකලංක වූ දේව භක්තිය ගණිකා වෘතියේ යොදවන්නට මේ අයට ඉඩ දීම සාධාරණද?

Monday, August 23, 2010

ජීවිතයට වදනක් 40

බාධක වලට භය නොවන්න. ජයග්‍රහණය නැමති සරුංගලය ඉහළටම යන්නේ බාධකය නැමති සුළගට ප්‍රතිවිරුද්ධව මිස සුළග සමග නොවේ.

Saturday, August 21, 2010

කවි සිතුවිලි 5

හිරු කුමරුන් අවරට යනු නෙත ගැටුනී
ඔබ එන මග බලා ඉදිරියටම පිය නැගුනී
ඔබෙ මුව කමල තුරු අතරින් මට පෙණුනී
රැවටී ඇත්තෙ මා පුර හදටයි ළදුනී

Sunday, August 15, 2010

ලොකු සුහද හද පුංචිබණ්ඩාට කළ හදියක්

පුංචි බණ්ඩාටත් (චූලෝදර) බඩු බාහිරාදිය මිළදී ගැනීම සදහා ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිතා කිරීමේ ආශාව ඇති විය. ඉතිං මිනිහ කෙළින්ම ගියේ ලංකාවෙ ලොකුම සුහද හදක් ඇති බැංකුවටයි. ඊට අදාල අයදුම්පත් පිරවීමෙන් පසු ක්‍රෙඩිට් කාඩ් එක ලබා ගැනීමට පුංචි බණ්ඩාට හැකි විය. බැංකුවේ ඇත්තෝ හදවත ගලවා අතට දෙන තරමට කාරුණිකය. පුංචි බණ්ඩා මේ අලුත් කාඩ් එක භාවිතා කර කීප විටක් බඩු භාණ්ඩ මිළට ගත්තා. කලට වෙලාවට අදාල මාසික වාරිකය ගෙව්වා. එහෙත් එක් මාසයක වාරිකය ගෙවීමට අදාල දිනය බැංකුව නිවාඩු බැවින් ඊට පසු දින වාරිකය ගෙව්වා. පසු මාසයේ ක්‍රෙඩිට් කාඩ් එකහි විස්තර ප්‍රකාශණයේ මෙසේ අමතර පෙළක්ද සටහන්ව තිබුනා. Late Payment Fee     LKR  350.00 පුංචි බණ්ඩාගෙන් වාරිකය දිනක් පරක්කු වීමේ වරදට රු 350.00 ක් අයකර තිබුනා. ඉතිං පුංචි බණ්ඩා එවේලේම තීරණයක් ගත්තා. කාඩ් පතෙහි මුළු වටිනාකමම ගෙවා අදාල ගිණුම අවසන් කිරීමට. එතැනින් පුංචි බණ්ඩා තේරුම් ගත්ත, ලොකු සුහද හදවත් එක්ක ගණුදෙනු නොකර පොඩි එකක් එක්ක ගණුදෙණු කරන්න.