පසුගිය දිනවල හලාවත මුන්නේෂ්වරම් දේවාලයේ මංගල්‍යය නම් වූ වෙළද ව්‍යාපාරය ජයටම කෙරින. මා හටද හතර වරක්ම එහි යාමට සිදු විය.
ලංකාවේ මිනිසුන් විවිධ ආගම් අදහති. ඒ අතරේ සමහරුන් බෞද්ධ දර්ශනයද අදහති. මුන්නේශවරම් ගිය ගමනේදී දක්නට ලැබූ දේවල්නම් නොලියාම බැරිය. වාහනයකින් එහි යන විට රථ ගාල් හිමියෝ පාරට පැන තමන්ගේ රථ ගාලට වාහනය ඇතුල් කර ගැනීම සදහා නොකියනා බොරුවක් නොමැත. මෝටර් සයිකලයක හො පයින් යන විට “ඉස්සරහින් දේවාලෙ වහල තියෙන්නේ මේ පැත්තෙන් යන්න‘‘ යයි කියති. දේවාලය වසා නැත. ඔවුන්ගේ කඩ පෙළවල් ඉදිරියෙන් මිනිසුන්ව යැවීමට එසේ කරති. පූජා වට්ටියක් ගන්නට යන විට රු 100/- සිට ඉහළට මිළ ගණන් යටතේ ඒවා ඇත. වට්ටියටත් සමගම මුදල් අය කළත් වට්ටිය නැවත ඔව්න්ට ගෙනැවිත් දිය යුතුය. තමන්ගේ පූජා වට්ටි විකිනීමට ඔවුන් පොර කන්නේ කාක්කන් මෙනි. ඔව්න්ගෙන් බේරී යාමනම් පහසු දෙයක් නොවේය. දේවාලයේ ඉදිරිපිට කසල ගොඩවල් දුටු මට සිතුනේ දෙවියන් නාසය වාසාගෙන දේවාලයේ වැඩ ඉන්නවා ඇත කියාය. දේවාලය ඉදිරියේ සෙරෙප්පු ගලවා තබන්නටම බැරිය. එහි සිටින සෙරෙප්පු රකින බහිරවයන් එවා තමන්ගේ ගොඩට බලෙන්ම දමා ගනී. එසේ නොවුනහොත් ආපසු එන විට සෙරෙප්පු රහත් වන්නේය.
දේවාලය තුල පූජා වට්ටි රැගත් බැතිමතුන් පැය ගානක් පෝලිමේ ඇත. පත්තිනි දේවිය ළගට යන්නට රු 50/- ටිකට් එකක් ගත යුතුය. අප දෙවියන් වෙත යන්නේ දෙවියන්ගෙන් යමක් ඉල්ලීමටය. මෙසේ යන අපට සිදු වන්නේ දෙවියන්ට කීයක් හරි දී එන්නටය. දෙවියන් බංකොළොත් වී සිගමනට වැටි ඇත. මෙය ඉතාම කණගාටුවට කරුණකි. අප දන්නා තරමින්නම් මෙසේ මුදල් අය කරන කාන්තාවට කියන නම වෙන එකකි. පත්තිනි දේවියව මේ තත්වයට පත්කර ඇත්තේ මෙහි පාලකයන්ය. මැතිමතෙකුට කෙලින්ම දෙවියන් යැදීමට අවසර නැත. ඒ සදහා බඩ ලොකු උඩුකය නිරුවත් කපුවෙක් ඇත. අප වෙනුවෙන් දෙවියන් යදින්නේ ඔහුය. ඒ ගාථාව මට ඇසුනේ නම් මෙසේය. ‘‘ත්‍රාං තූර්ර්ං පත්තියං පත්තියං“. මං හිතන්නේ දිග ගාථාව ෂෝට් කරලා වෙන්න ඇතිය. බැතිමතුන්ට කරන්නට ඇත්තේ මේ දේව තැරැව්කරැවා කරන දේ බලා සිටීම පමණය.
ලංකාවේ ඇති බොහෝ දේවාල වල තත්ත්වය මෙයට දෙවැනි නොවන බව ඔබ හොදින්ම දන්නවා ඇත. සමහර විට මේ ලොකයේ හෝ විශ්වයේ යම් තැනක දෙවියන් යයි අප සංකල්පමය ලෙස විශ්වාස කරන අය සිටිය හැකිය. ඒ ගැන හරියටම කියන්නට කරම් සාධක අපට නැත. ගෙදරම දෙමාපිය දෙවියන් සිටින විට වෙනත් දෙවියන් සොයා යන අප කොයි තරම් මේ දේව සංකල්ප වලින් මුළා වී ඇත්දැයි පසක් වනු ඇත. මේවා දේවාල මුදලාලිලාගේ හොද ආදායම් මාර්ග වන්නේය. දෙවියන් යනු පින් රැස් කිරීමේ හැකියාවක් නැති අසරණයින් පිරිසකි. එබැවින් මිනිසුන් යම් පිනක් සිදුකළ විටක දෙවියන්ට පින් අනුමොදන් කරති. දෙවියන් මිනිසුන්ගෙන් පින් ඉල්ලා හිගමනේ එන විට මිනිසුන් දෙවියන්ගේම පිහිට පතති. එවැනි මිනිසුන්ට නම් දෙවියන්ගේම පිහිට තමයි.
කතරගම දෙවියන්ද මේ ප්‍රධාන දේවාලයට පසෙකින් වූ අට්ටාලයක වැඩ හිදී. උන් වහන්සේ ළගට යන්නටනම් මෝර්ටීන් ස්ප්‍රේ එකක් රැගෙන යා යුතුය. ඒ තරම්ම අපිරිසිදුය මැස්සන් පිරී ඇත. එතැන සිටින තැරැව් කරුවාද පෙරේතයෙකු මෙනි. එතැනටද අනිවාර්යයෙන්ම පූජා වට්ටියට පඩුරු අවශ්‍යයම වෙයි. කතරගම දෙවියන් තබා පෙරේතයෙක්වක් එතැනනම් වැඩ ඉන්නේ නැත. මේ දේවාලයේ පාලකයන්ගේ එකම පරමාර්ථය මුදල් ඉපයීම පමණි. දේවාලය හෝ ඒ අවට පිරිසිදුව පවත්වා ගැනීම ගැන නම් කිසිම අවධානයක් නැති සේය.
මේ අතර තවත් අපූරු වූ දේවාලයක් ඇත. එහි වැඩ හිදින දෙවියාට නම් බැලු බැල්මටම කෙළවී ඇති සෙයක් පෙනේ. දිව එලියට පැන ඇත. ඇස් එලියට පැනීමට ඔන්න මෙන්න වාගේය. කව්ද මේ? බැලින්නම් කාලි අම්මාය. තමන්ගේ තරහ කරුවන්ට කෙලවන්නට කාලි අම්මාට භාර බදින පිරිසනම් අති විශාලය. සිංහල හමුදාව ප්‍රභාකරන්ව මරා දැමීමට මේ තරම් වෙර දැරුවේ බොරුවටය. යුද්ධයට මේ තරම් මුදල් හා ජීවිත පුද කලේද බොරුවටය. මුන්නේශ්වරම් පුද බිමට පැමිණ කාලිට කීවානම් ප්‍රශ්ණය ඉවරය. මෙතරම් අන්ධ භක්තිකයින් සිටින රටක් තවත් තිබේද යන්න සැක සහිතය.
මෙවර ඒ මග දෙපස ඉදිකර තිබූ කඩ සදහා එක් අඩියකට රු 3000/-ක මුදලක් ඒ වෙළදුන්ගෙන් අය කර කිබුනි. මේ එකතු වන විශාල මුදල් කන්දරාවෙන් හලාවත නගරය සිංගප්පූරුවක් කිරිමට එතරම් අපහසු නොවනු ඇත. කලින්නම් මේ මුදල් ගැලුවේ කොටින්ටය. දැන් මේ මුදල් ගලන්නේ කොහාටද?
දෙවියන් හෝ දේව සංකල්පය ගැන මා විවාද නොකරමි. මේ ලිපිය නිසා යම් අයෙකුගේ හිත රිදුනේ නම් හෝ අපහසුතාවයකට පත් වුනි නම් අවංකවම මා සමාව අයදිමි. මහජනයාගේ මුදල් සොරකමක් ලෙස නොහැගෙන පරිදි මෙසේ සොරකම් කිරීමට දේවාල මුදලාලිලාට ඉඩ දී බලා සිටින්නට නොහැක. දේව ප්‍රතිමාවක් පෙන්වමින් මහජනයාගේ අකලංක වූ දේව භක්තිය ගණිකා වෘතියේ යොදවන්නට මේ අයට ඉඩ දීම සාධාරණද?
උපන් දා සිට අප හැම කෙනෙක්ම අධ්‍යපනය මෙන්ම අත්දැකීම්ද අත්පත් කර ගනු ලබනවා. එයින් බිදක් මේ. විශේෂයෙන් මෙහි තාක්ෂණික තොරතුරු ඇතුළත්ය.
Friday, September 17, 2010
Monday, August 23, 2010
ජීවිතයට වදනක් 40
බාධක වලට භය නොවන්න. ජයග්‍රහණය නැමති සරුංගලය ඉහළටම යන්නේ බාධකය නැමති සුළගට ප්‍රතිවිරුද්ධව මිස සුළග සමග නොවේ.
Saturday, August 21, 2010
කවි සිතුවිලි 5
හිරු කුමරුන් අවරට යනු නෙත ගැටුනී
ඔබ එන මග බලා ඉදිරියටම පිය නැගුනී
ඔබෙ මුව කමල තුරු අතරින් මට පෙණුනී
රැවටී ඇත්තෙ මා පුර හදටයි ළදුනී
Sunday, August 15, 2010
ලොකු සුහද හද පුංචිබණ්ඩාට කළ හදියක්
පුංචි බණ්ඩාටත් (චූලෝදර) බඩු බාහිරාදිය මිළදී ගැනීම සදහා ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිතා කිරීමේ ආශාව ඇති විය. ඉතිං මිනිහ කෙළින්ම ගියේ ලංකාවෙ ලොකුම සුහද හදක් ඇති බැංකුවටයි. ඊට අදාල අයදුම්පත් පිරවීමෙන් පසු ක්‍රෙඩිට් කාඩ් එක ලබා ගැනීමට පුංචි බණ්ඩාට හැකි විය. බැංකුවේ ඇත්තෝ හදවත ගලවා අතට දෙන තරමට කාරුණිකය. පුංචි බණ්ඩා මේ අලුත් කාඩ් එක භාවිතා කර කීප විටක් බඩු භාණ්ඩ මිළට ගත්තා. කලට වෙලාවට අදාල මාසික වාරිකය ගෙව්වා. එහෙත් එක් මාසයක වාරිකය ගෙවීමට අදාල දිනය බැංකුව නිවාඩු බැවින් ඊට පසු දින වාරිකය ගෙව්වා. පසු මාසයේ ක්‍රෙඩිට් කාඩ් එකහි විස්තර ප්‍රකාශණයේ මෙසේ අමතර පෙළක්ද සටහන්ව තිබුනා. Late Payment Fee LKR 350.00 පුංචි බණ්ඩාගෙන් වාරිකය දිනක් පරක්කු වීමේ වරදට රු 350.00 ක් අයකර තිබුනා. ඉතිං පුංචි බණ්ඩා එවේලේම තීරණයක් ගත්තා. කාඩ් පතෙහි මුළු වටිනාකමම ගෙවා අදාල ගිණුම අවසන් කිරීමට. එතැනින් පුංචි බණ්ඩා තේරුම් ගත්ත, ලොකු සුහද හදවත් එක්ක ගණුදෙනු නොකර පොඩි එකක් එක්ක ගණුදෙණු කරන්න.
Thursday, July 29, 2010
කවි සිතුවිලි 4
මිතුරු සුළග ඇවිදින් තනි රකින විට..
කුරුළු ගීත සිහි කරවයි ඔබගෙ හඩ..
සතුරු මිතුරු කොයි කාටත් බෙදන මෙත..
නැතිව ඔයා පාළුයි මගෙ හදවතම.
කුරුළු ගීත සිහි කරවයි ඔබගෙ හඩ..
සතුරු මිතුරු කොයි කාටත් බෙදන මෙත..
නැතිව ඔයා පාළුයි මගෙ හදවතම.
කවි සිතුවිලි 3
සාගර රැල්ල ඇවිදින් පා දොවන විට..
අදර වදන් තෙපලූ ඔබ කොහිද අද..
මාගේ සිතට කවදාවත් නොදුන් දුක..
ඔබ ඇයි ගියේ මා හැරදා දුර රටක..
අදර වදන් තෙපලූ ඔබ කොහිද අද..
මාගේ සිතට කවදාවත් නොදුන් දුක..
ඔබ ඇයි ගියේ මා හැරදා දුර රටක..
Wednesday, July 28, 2010
කවි සිතුවිලි
අතුරු මිතුරු කී කාලය මතක තියේනම්.
අතුරු සිදුරු නැත හද වෙත ඔබ එනවානම්.
මල් පලසක් වෙන්නම් මුළු දිවිය පුරා මං.
බොදුනු කිතුණු වෙනසක් නෑ ආලෙට කිසි කල්.
කවි සිතුවිලි
පෙර භවයක අප හමු වී ඉන්න ඇතී.
ආදරයෙන් බැදී පෙම් සුව වළදන්න ඇතී.
අපේ පැටව් අප වටකර ඉන්න ඇතී.
මේ භවයේ තාමත් හමු වෙලා නැතී
ආදරයෙන් බැදී පෙම් සුව වළදන්න ඇතී.
අපේ පැටව් අප වටකර ඉන්න ඇතී.
මේ භවයේ තාමත් හමු වෙලා නැතී
Friday, July 23, 2010
ජීවිතයට වදනක් 39
පෙම්වතියක් සැනසීමට විශාල මුදලකට ගත් තෑග්ගකට වඩා, නළලට දෙන හාදුවකට හැකිය.
Thursday, July 22, 2010
ජීවිතයට වදනක් 38
ඔබ ආදරය කරනවා යනු යම් විටක තනි වීමේ අවදානමක් ඇති බවයි.
Subscribe to:
Posts (Atom)
