ස්වාධින පරිගණක දෙකක් හෝ වැඩි ගණනක් පොදු මාධයක් හරහා ඒවා අතර දත්ත හුවමාරු කරගත හැකි සේ සැකසු පද්ධතියකි. සරලතම පරිගණකජාලය ලෙස පරිගණක දෙකක් රැහැනක් මගින් සම්බන්ද කරන ලද අවස්ථාව ගත හැක.
වාසි
පරිගණක ජාලයක් භාවිතා කිරීමේ වාසි ලෙස තොරතුරු වල ආරක්‍ෂාව, වැඩි වේගයකින් තොරතුරු හුවමාරු කරගැනීමට හැකිවීම මෙන්ම සම්පත් පොදුවේ භාවිතා කිරීමට හැකිවීම දක්වන්නට පුළුවනි.
අවාසි
ජාල පද්ධතියේ බිදවැටීම් නිසා සම්පත් භාවිතයට ඇති ඉඩකඩ අහිමි වීම, ඇතැම් පද්ධති වල කාර්යක්ෂමතාව අඩුවීම, ජාල පද්ධතියේ දෝශ නිසා තොරතුරැ හුවමාරැවට භාදා ඇතිවීම.
Network එකකට අවශ්‍ය මූලික උපාංග කොටස් 3 කට වෙන් කරන්න පුළුවන්.
- Devices
- Media
- Services
Devices,
End Devices
Intermediary Devices කියලා ආකාර 2 කින් දක්වන්න පුළුවන්.
End Devices කියන්නේ අපි භාවිතා කරන පරිගණක, ජංගම දුරකථන, Printers ඒ වගේම Security Camera, Laptop , Tab වගේ දේවල්.
Intermediary Devices කියන්නේNetwork Access Devices (switches, and wireless access-points), Internet-working Devices (routers) සහ Security Devices (firewalls) වලට.
Network Mediaකොටස් 3 කට වෙන් කරන්න පුළුවන්.
- Metallic wires within cables (Copper)
- Glass or plastic fibers (fiber optic cable)
- Wireless transmission
Network වර්ග
- Local Area Network (LAN)
- Wide Area Network (WAN)
- Metropolitan Area Network (MAN)
- Wireless LAN (WLAN)
- Storage Area Network (SAN)
Local Area Network (LAN)
Wide Area Network (WAN)
විවිධ ස්ථානවල ඇති LAN 2ක් හෝ ඊට වැඩි ගණනක් එකතු වී සෑදෙන ජාලයකට Wide Area Network (WAN) එකක් කියනු ලබයි.
Internet
Lan , Wan දෙකෙහි එකතුවෙන් සෑදෙන සංකීර්ණ ජාලය internet නම් වේ.
Internet
Lan , Wan දෙකෙහි එකතුවෙන් සෑදෙන සංකීර්ණ ජාලය internet නම් වේ.